
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තවදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් දැමීමට රජය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 11 වැනිදාය.
පනතට සංශෝධන මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා දෙන බවද ඔහු සඳහන් කළේය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහාචාර්ය ජී එල් පීරිස් සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් අදහස් දැක්වූ අවස්ථාවේදීය.
අගමැතිවරයා මෙසේද පැවසීය.
මුදල් අමාත්‍යාංශ උපදේශක කාරක සභාව අද රැස් වෙනවා. මහ බැංකු අධිපතිතුමාත් ඒකට එනවා. මේ පනත ගැන සාකච්ඡා කරන්න සියලු මන්ත්‍රීවරුන්ට ඒ රැස්වීමට සහභාගි වෙන්න පුළුවන්.පනතට සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරලා තියෙනවා. ඒ අනුව ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. විවාදයේ දිනය වෙනස් කිරීම ගැන කාගෙත් මත භේදයක් නැහැ. විපක්ෂ නායකතුමාඑකඟයි.
මන්ත්‍රීවරු ඒ අවස්ථාව ප්‍රයෝජනයට නොගෙන මේ සභාගර්භයට ඇවිල්ලා කියන්න එපා අපි දන්නේ නෑ කියලා. අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහබැංකු විවාදය කල් යයි
Aravinda Monarawila Tuesday, 09 May 2023 04:13 PM
ලෝක බැංකුව කරපන් කියනකොට පාර්ලිමේන්තුවට අරන් එනවා. රටේ මිනිස්සු විරුද්ධ වෙනකොට... ආයෙත් අකුලා ගන්නවා. මේ අය රටයි, ලෝක බැංකුවයි දෙකම එකපාර රවටන්න හදන බවක් තමයි පේන්නේ...