IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘මහබැංකුවට දෙවැනි ප්‍රහාරය එල්ල කළේ රනිල්‘

‘මහ බැංකුවට ප්‍රථම ප්‍රහාරය එල්ල කළේ ප්‍රභාකරන්. දෙවැනි ප්‍රහාරය එල්ල කළේ රනිල් වික්‍රමසිංහ. ඒ අර්ජුන් මහේන්ද්‍රන්ව මහබැංකු අධිපති කරලා.‘ යැයි සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (13) කොළඹ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

‘ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් ඇයි මහ බැංකුවේ අධිපති කළේ. රටක මහ බැංකුවට ප්‍රහාරයක් එල්ලවුණාම සමස්ත ආර්ථිකයම වැටෙනවා. එහි සම්පූර්ණ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බාරගත යුතුයි‘ යැයිද ඔහු කීවේය.

DSC_6031 DSC_6037



අදහස් (0)

‘මහබැංකුවට දෙවැනි ප්‍රහාරය එල්ල කළේ රනිල්‘

සමන්ති Thursday, 13 August 2015 03:06 PM

2004 සුනාමියෙන් පසු හම්බන්තොටට උදවු සුනාමිය ඇති කළේ කව්ද ? (බ)

:       0       0

දුමින්ද Friday, 14 August 2015 03:35 AM

වසර 30 යුද්දෙන් හිස එසවූ ලෙස නැගිටිමු එක රටක් ලෙස වැරදි නිවැරදි කර (අ)

:       0       0

සේතන් ගොය්ය Friday, 14 August 2015 04:40 AM

මෙම මුහුණු ගොඩක් අායෙමත් කාලයකට ජනතා දේශපාලනයේ දකින්න ලැබෙන එකක් නැහැ 18 වෙනිදට පස්සේ. (නදී)

:       0       0

අනුර Thursday, 13 August 2015 05:21 PM

සමහරු දැන් මොකුත් දන්නෙ නැහැ. වසර 10 බංකරයක් යට හිටියා වගේ කතාව. (නි)

:       0       0

සොපී Thursday, 13 August 2015 06:16 PM

මහ බැංකු මගඩිය හිතන තරම් සරල කරුණක් නොවන බව අපේ ජනතාව පක්ෂ,පාට නොබලා වටහාගත යුතුයි. (නි)

:       0       0

ගාමිණී Thursday, 13 August 2015 08:06 PM

හරියට හරි. මමත් එකඟයි (නි)

:       0       0

සුමිත් Thursday, 13 August 2015 08:50 PM

තුන්වන ප්‍රහාරය කවුරු එල්ල කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඉරේෂ් Thursday, 13 August 2015 09:16 PM

මම හිතන්නේ අපිට තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න විතරයි දැන් (නි)

:       0       0

තෙපානිස් Thursday, 13 August 2015 11:55 AM

ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් ඇයි මහ බැංකුවේ අධිපති කළේ ? - සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත. ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් ඇයි ආරක්ෂක ලේකම් කළේ ? ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් ඇයි රටේ ආර්ථිකයේ සියලු මර්මස්ථාන භාර (සියයට දහයේ) ආර්ථික සංවර්ධන ඇමති කළේ ? (අ)

:       0       0

රොෂාන් Thursday, 13 August 2015 12:12 PM

මෙයාලා ප්‍රහාර එල්ල නොකල තෑනක් නම් ලංකාවේ නෑහෑ (අ)

:       0       0

දීන් Thursday, 13 August 2015 12:13 PM

ඕක දැන් කීපාරක් කිව්වද ! සුසිලෝ දැන් ඕක පරනවෙලා කව්රුත් ගණන් ගන්නේ නෑ. (අ)

:       0       0

පෙරුමාල් Thursday, 13 August 2015 12:26 PM

නිවටයකු සැඟවෙන අවසාන ස්ථානය ජාතිවාදයයි.නිදහස නැති කරන තම නිදහස නැති කර ගන්නා නිදහස් සංධානය! (අ)

:       0       0

නිශාන්ත Thursday, 13 August 2015 11:40 PM

දැන් රනිල් මහත්තයා මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

රෝහණ Thursday, 13 August 2015 11:44 PM

බාල ප්‍රමිතීන් වල තෙල් ගෙනල්ලා කෝටි ගණන් ගැහුවේ කවුද? තෙල් සංස්ථාවට දෙවැනි ප්‍රහාරය එල්ල කළේ කවුද? (නි)

:       0       0

විසල් Thursday, 13 August 2015 12:39 PM

හෙජින් කෝටි 25000 පාඩු කරලා රට වැනසුවේ තමුන් නෙමෙයිද හිතුවද හැම කෙනාම මෝඩයෝ කියලා ඈ ගවුම් සුසිල් මහත්තයෝ කෝ මේ සැරේ ගවුම් දන්සල කඩ‍ුවෙලට දෙන්නේ නැද්ද? ගවුම් බෙදුවේ නැත්නම් මනාප නැති වෙයි ඔයාට (අ)

:       0       0

කාලිංග Thursday, 13 August 2015 12:45 PM

තමුන්නාන්සේලාට ජාතිවාදෙයි මහා බැංකු කතාවයි ඇරෙන්න වෙන දෙයක් නැද්ද? තමන්ගේ වැඩ පිළිවෙල කියන්න. මහින්දත් අනුන්ට බැන බැන යනවා. (අ)

:       0       0

උෂාණි Thursday, 13 August 2015 12:49 PM

අපි දන්නවා හැමදේම. අපිව රවට්ටන්න බැහැ (නි)

:       0       0

සේන Thursday, 13 August 2015 12:58 PM

අර බාල තෙල් ගැනත් මොනවාහරි කියන්නකෝ (නි)

:       0       0

සාරදා Thursday, 13 August 2015 01:00 PM

අපි දැන් කතා අහන එක නවත්වලයි තියෙන්න‍ේ (නි)

:       0       0

බන්නැහැක Friday, 14 August 2015 01:08 AM

ප්‍රහාර එල්ල වෙනවා තමයි. ඒත් ඒවා සාර්ථකව මැඬපවත්වා ගැනීමයි දක්ෂතාවය වියයුත්තේ (නි)

:       0       0

යාපා Thursday, 13 August 2015 01:06 PM

17 වෙනිදට අපි මේ හැමදේටම උත්තර දෙන්නම්කෝ (නි)

:       0       0

අයිවන් Friday, 14 August 2015 01:21 AM

දැන් අපිට තියෙන්නේ මේ ප්‍රහාර වලින් විනාශ වූ මහ බැංකුව බේරාගන්න (නි)

:       0       0

රෝහිත Thursday, 13 August 2015 01:11 PM

මහින්දට දෙවෙනි ප්‍රහාරයත්... (අ)

:       0       0

පිවිතුරු ගවපාල Thursday, 13 August 2015 01:31 PM

අර වතුර කලවම් තෙල් ගෙන්වලා කෝටි ගානක් ගැහුවේ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

චන්න බුවනක Thursday, 13 August 2015 02:03 PM

මම හිතන්නේ නම් මේ දෙපක්ෂය දෙපැත්තට බෙදිලා සන්ඩු කර ගන්නේ නැතුව තමන් රටේ සංවර්ධනය වෙනුවෙන් කරන කටයුතු ගැන ජනතාව දැනුවත් කර නම්බුකාර අයුරින් ඡන්දය ලබා ගන්නවනම් හොඳයි. මම එහෙම කියන්නේ කවදාවත් පරදින එකක් නැහැ කියල හිතපු මහිදත් පැරදුනානේ. ඉතින් අනිත් අය ගැන කවර කතාද?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site