පළමු වසර ශිෂ්‍ය කණ්ඩායමකට මහපොළ ශිෂ්‍යාධාර ඉල්ලමින් ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාල සිසුහු අද (29) උද්ඝෝෂණයක් කළහ. පීඨ පහක ප්‍රථම වසර සිසුන් සඳහා මෙම ශිෂ්‍යාධාර තවමත් ලැබී නොමැති බව මහා ශිෂ්‍ය සංගමයේ සභෘපති සමීර කපුවත්ත කියයි.
මේ අතර පළමු වසර සිසුන්ට ලැබිය යුතු මහපොළ ශිෂ්‍යත්වය මාස 6ක් ගතවනතුරුත් ලබා නොදීමට විරෝධය පළ කරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුහුද අද එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධයක නිරත වූහ.
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුහුද සිය මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000ක් දක්වා වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් දෙහිවල නගරයේ ගුවන් පාලම අසල විරෝෂයක නිරත වූහ. අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව එය සංවිධානය කර තිබිණි.
ඡායාරූප - ඉෂංක සුනිමල්
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මහපොළ ඉල්ලා සබරගමු/ජ‘පුර සිසුහු මහ පාරේ
අමිල Wednesday, 29 June 2016 11:34 AM
වෙන රටවල් වල සරසවි ශිෂ්‍යයෝ ඉගෙන ගන්න සල්ලි හොයන හැටි මුන් දනන්වනම් .ඔකොම පිනට දුන්නම් ඕක තමයි ප්‍රශ්නේ (බ)
ආනල්ඩ් ගුණවර්ධන Wednesday, 29 June 2016 11:47 AM
විශ්ව විද්‍යාලයට අාවම ළමයින්ට පුළුවන් තරම් ඉක්මනට මහපොළ දෙන්න බලවතුන් දැනගන්න ඕන .බඩගින්නට කෑගහුවම පොලීසිය ලව්වා කඳුළු ගැස් ගහල එලවන එක පුරුද්දක් වෙලා. (බ)
දහම් Wednesday, 29 June 2016 01:51 PM
අය වැයෙන් වෙන් කළා කිව්වා නේද කවදාවත් වෙන් නොකළ තරම් මුදලක් අධ්‍යාපනයට. කෝ ඉතින් ඒ සල්ලි. මේ දුප්පත් දරුවන්ට දෙන්නේ නැතිව මොන බහිරවය ගිල්ලද? (බ)
ධනුෂ්ක Wednesday, 29 June 2016 06:03 PM
අමිල, ඔයත් 12 වසරට වෙනතුරුවත් පිනට ඉගෙනගෙන ඇති නේද දැන් ඔහොම කිව්වට... (නි)