IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මහනුවර යටවේ

(ජේ ඒ එල් ජයසිංහ,චන්දන උඩුවාවල සහ ෂේන් සෙනෙවිරත්න)

මහනුවර නගරයට අද සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

කාණු කසලවලින් පිරීයාමත් නගරය පුරා අනවසර ඉදිකිරීම් නිසාත් නගරය  ජලයෙන් යටවී ඇත.

දුම්රිය ස්ථානය ජලයෙන් යටවූයේ අවිධිමත් ලෙස කාණු සැකසීම හා කාණු වසා දමා තිබීම හේතුවෙන් බව ජනතාව පවසති.

මහනුවර නගරයට  පස්වරු 2.00 පසු මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් එකවර ඇදහැලුන අතර එම වර්ෂාවත් සමඟ බෝගම්බර ඉහළ කඳු මුදුනින් ගලා ආ විශාල ජල පහරකින් දුම්රිය ස්ථානයේ ඉදිරිපස සම්පූර්ණයෙන් යට වී ගිය අතර දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගද සැලකිය යුතු මට්ටමකින් ජලයෙන් යට විය .

 



අදහස් (9)

මහනුවර යටවේ

රුවනි Thursday, 16 May 2024 09:03 PM

පරණ නුවර බොගම්බර වවනේ! සූද්දො තමයි වහල දම්මේ

:       1       10

sachith Thursday, 16 May 2024 09:29 PM

"කාණු කසලවලින් පිරීයාමත් නගරය පුරා අනවසර ඉදිකිරීම් නිසාත් නගරය ජලයෙන් යටවී ඇත" මේවා කරනවා නම්, වෙනකල් නගරසභාවේ පාලකයෝ මොනවාද කළේ?

:       3       22

ඉන්දික Thursday, 16 May 2024 10:07 PM

ඉස්සර නුවර ටවුම ස්ටේෂන් එක මොන වැස්සක් ආවත් යට වුණේ නෑ...දේශපාලුවෝ බෝගම්බර ,හන්තාන,පැතිවල අනවසරයෙන් ගෙවල් හදන්න දීලා මුඩුක්කු ගොඩක් වගේ නුවර දැන්..හෝටල් ගහනවා ලොකු ලොකු ක්‍රීඩකයෝ දේශපාලූවෝ සම්බන්ධ... වැව රවුම, වේස් පාක් පැතිවල තනිකරම ගහලා තියෙන්නේ ලොකු ලොක්කො සම්බන්ධ ගොඩනැගිලි...වතුර බහින්න දැන් තැනක් නෑ..

:       1       32

sunil Friday, 17 May 2024 05:18 AM

මාස කිහිපයක ඇතුලත සිදුවූ දෙවතාවක්ම ඔය නගරය යටවුනා. ලස්සන මහනුවර අපිම අවලස්සන කොට ඇත ! දැන් ඉතින් ඔය ප්‍රශ්නය විසඳීමට මුදල් හොයන එකයි තියෙන්නේ.

:       1       25

Asela Friday, 17 May 2024 03:38 PM

දැන් මහනුවර ටවුන් එක යට වෙන එක පුරුද්දකට ගිහිල්ලා වගේ...

:       1       20

Nalin leuke Friday, 17 May 2024 06:06 PM

හුස්ම ගන්න අමතක වෙයි.. ලලයි, ලිළයි ලයි... උදාරයි..

:       3       12

සදරු Saturday, 18 May 2024 08:55 PM

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස....

:       1       3

anura nanayakkara Wednesday, 22 May 2024 09:10 AM

දූෂිත දේශපාලුවෝ සහ මහ නුවර නගර සභාවේ දුෂිත නිලධාරින් අල්ලස් ගෙන අනවසර ඉදිකිරිම් කිරිමට ඉඩ දීම තුළින් මෙම විපත සිදුවී ඇත.

:       0       9

පියල් විරසිංහFriday, 24 May 2024 08:04 AM

අනිවාර්යයෙන්. ඔය විනාශයට මුල නගර සභා දූශිත නිලධාරින්...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1079 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site