(ෂෙන් සෙනෙවිරත්න)
මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් පරිතාන කාන්දු කරණ ප්‍රතිකාර සඳහා යොමු වී සිටි රෝගීන් හත් දෙනකු මාස දෙකක් වැනි කෙටි කාලයකදී මියගොස් ඇති අතර ඊට හේතුව එම උපකරණවල ඇති වී තිබෙන දෝෂයක් දැයි රෝහල් බලධාරීහු සැක පළකරති.
නිවසේ සිට පරිතාන කාන්දුකරණයට ලක් වෙමින් සිටි මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 78 හැවිරිදි රෝගියකු ඊයේ මියගොස් ඇති අතර ඔහු ප්‍රාදේශීය රෝහලක වෛද්‍යවරයකුගේ පියෙකු බව දැනගන්නට තිබේ .
වකුගඩු අකර්මණ්‍ය වූ පුද්ගලයකුගේ වකුගඩු 93% කට වඩා අකර්මණ්‍ය වූ විට රුධිර කාන්දුකරණ ප්‍රතිකාරවලට යොමු කෙරෙන අතර අනෙකුත් රෝගීන්ට නිවසේ සිට පරිතාන කාන්දුකරණය සඳහා යොමු කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය උපකරණ රෝහල මගින් රෝගීන්ට සපයනු ලබයි .
එම පරිතාන කාන්දුකරණ උපකරණෙවල කැතීටවල කෙළවර ආවරණය කරන මුඩිය සහ රෝගියාගේ සිරුරේ පරිතාන කුහරයට යොදන දියරමය ද්‍රාවණයේ හටගෙන ඇති කිසියම් දිලීරයක් හේතුවෙන් පසුගිය කාලයේ වකුගඩු රෝගීන් රැසක් ආසාදනයට ලක්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර වකුගඩු රෝගීන් හතක් මාස දෙකට මැරිලා
මොට්ටපාල Tuesday, 11 July 2023 06:40 AM
දෙවැනි ඡේදය ගැන බැලුවම යන්ත්‍රයේ දෝෂයක් කියන්න හොදටම පුළුවන් මොකද වයස 78 යි දොස්තර කෙනෙකුගේ තාත්තා කෙනෙක් මේ වාර්තාව ලියා තියෙන්නෙ ඒක ගැන කියන්න තමයි සාමාන්‍ය වැසියෙක් නම් ඉතින් ස්වාභාවික මරණයක් කියලා තමයි කියන්නෙ