
(මොහොමඩ් ආසික්)
මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ මේ වසරේදී ඉදිකිරීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව අනවසර ඉදිකිරීම් 111 ක් හඳුනා ගෙන ඇති බව එම මහ නගර සභාව පවසයි.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද ඉල්ලීමකට ලබා දී ඇති පිළිරේ මේ බව සඳහන් කර තිබේ.
මහනුවර මහ නගර සභාවේ තොරතුරු නිලධාරි සහ ප්‍රධාන නාගරික ඉංජිනේරු අයි.කේ.එම්.සි.කේ. ඉලංගසිංහ මහතා විසින් ලබා දී ඇති එම තොරතුරු අනුව හඳුනා ගෙන ඇති මෙම අනවසර ඉදිකිරීම් 111 සම්බන්ධටෙන් නගර සභා ආඥාපනත සහ නාගරික සංවර්ධන අධිකාරියේ අණපනත් අනුව විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සඳහන්කර තිබේ.
මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය තුල සිදු කරන අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැඩි කතා බහක් ඇතිව තිබූ අතර ඒ සම්බ්න්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා මෙම ඉල්ලීම සිදු කරනු ලැබීය.
මෙම අනවසර ඉදිකිරීම් ග්‍රාම නිලධාරි මට්ටමින් ලබා දෙන ලෙස ඉල්ල සිටියත් එලෙස ලේඛණගත කර නොමැති බවද එම තොරතුරුවල සඳහන් වෙයි.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර අනවසර ඉදිකිරීම් 111 ක්