ගාල්ල මහින්ද විද්‍යාලයේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම නිසි වේලාවට ආරම්භ නොකළ බවත් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඊයේ (23) සවස සහ අද (24) විදුහලට පැමිණෙන ලෙස විදුහල්පති ගුරුවරුන්ට දැනුම් දීමෙන් ඡන්ද අයිතිය උල්ලංඝනය කළ බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව උදේ 8 සිට සවස 4.15 දක්වා නියම කැර ඇත. එහෙත් මහින්ද විදුහලේ ගුරුවරුන්ට දන්වා ඇත්තේ පස්වරු 2 – 4.15 වේලාවේ ඡන්දය දැමිය හැකි බවයි.
ස්ටාලින් මහතා පවසන්නේ තැපැල් ඡුන්දය ප‍්‍රකාශ කිරීම ස`දහා 23 හා 24 දිනයන්හි නිශ්චිත කාල සීමාවක් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබා දී තිබිය දී මෙලෙස එම අවස්ථාව පැහැර හැරීම බරපතල වරදක් බවයි. එවැනි තීරණ ගැනීමට කිසිදු ආයතන ප‍්‍රධානියකුට හැකියාවක් නැතැයි ද ස්ටාලින් මහතා පවසයි.
මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා මෙසේ කීවේය.
‘‘ අද අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් යෙදී තිබූ නිසා මා ඒ ගැන ගාල්ල දිස්ති‍්‍රක් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා සමග සාකච්ඡුා කළා. එතුමාගේ අවසරය ඇතිව මේ තීරණය ගත්තේ. තැපැල් ඡුන්දය ඉල්ලූම්කර තිබූ ගුරුවරුන් 48 දෙනාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. අවසරය ඇතිව නීත්‍යනුකූලව කරනු ලැබූ දෙයක්.’’
ගාල්ල දිස්ති‍්‍රක් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා මෙසේ කීවේය.
‘‘ මහින්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා රාජකාරී කටයුත්තක් යෙදී ඇති බව දැනුම් දුන් විට මා අපගේ ප‍්‍රධාන කාර්යාලය සමග සාකච්ඡා කර එහි තැපැල් ඡන්ද ප‍්‍රකාශකරණ අයට ඒ සඳහා නිශ්චිත වේලාවක් දැනුම් දෙන ලෙස උපදෙස් දුන්නා. එහි වරදක් නැහැ. මැතිවරණ නියෝජිතයන් ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කැර තිබෙනවා. කිසිදු දූෂණයක් හෝ අක‍්‍රමිකතාවක් එතැන ඇත්තේ නැහැ. ඡුන්දය ඉල්ලූම් කර තිබෙන්නේ 48 දෙනෙක් පමණයි. ඔවුන්ට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව දී තිබෙන්නේ නීත්‍යනුකූල ආකාරයෙන්. ’’
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්ද විදුහල්පති ඡන්ද වේලාව වෙනස් කරයි
මහින්ද Tuesday, 23 December 2014 12:05 PM
කරුණු දැනගෙන කතා කරන්න ජෝසප් මහත්තයෝ. චෝදනාව ඉල්ලා අස් කරගන්න . අපේ ඉස්කෝලේ කන්න එපා. ඔයා කැමති දේශ පාලනයක් ඔයා කරන්න. බොහොම අමාරුවෙන් ඉස්කෝලේ ගොඩ ගන්න යන්නේ. පරිපාලනයේ බේද ඇතිකරන්න එපා. (නදී)
මනූෂ Tuesday, 23 December 2014 09:57 PM
දන්නෙ නැති නිසා අහන්නේ. ඇත්තටම මහින්ද මහත්තයෝ බොහොම අමාරුවෙන් ගොඩගන්න තරම් දෙයක් පාසලට වෙලා තියෙනවද? (නි)
ශාන්තලාල් Tuesday, 23 December 2014 12:23 PM
අවසර නැතිව කළ දෙයක්නේ. මම නම් මෙහි වරදක් දකින්නේ නැහැ (නදී)
තරිඳු ගනේගොඩ Tuesday, 23 December 2014 08:51 AM
කාළගුණේ වරදක්ද ? (නදී)
පබිදු Tuesday, 23 December 2014 03:08 PM
කමක් නැහැ. අවසර අරගෙනනේ... (නි)
කාවින්ද ගමගේ Tuesday, 23 December 2014 03:08 PM
අපේ පාසලට ඔහොම කියන්න එපා (නි)
ප්‍රියන්ත Tuesday, 23 December 2014 03:32 PM
ඕවා ඔහොම තමයි (නි)