IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්ද පරදින බව මුල්ම අනාවැකිය රතන හිමියන්ගෙන්

‘මෑතක දී ජ්‍යෙතිෂ්‍ය ගැන විශිෂ්ටම කතාව කළේ රතන හාමුදුරුවොයි. තනි කේන්දරයකට මේ රටේ අනාගතය තීරණය කරන්න දෙන්න බැහැ, සිකුරු ලබන්න ඕනෑ තනි මිනිහකුට හෝ පවුලකට නොවේ සමස්ත රටටයි යනුවෙන් රතන හාමුදුරුවන් කිව්වා.  

මම මරණවට බය නෑ. ජනාධිපතිවරණයෙන් මහින්ද පරදින බව කිව්වා. ඉන් පසු මහින්ද මහත්තයට අපලයක් තිබුණා , දැන් ඒක ඉවරයි කියා රූපවාහිනී නාළිකාවකට ඇවිත් කියන්න, අපි ලොකු ගාණක් දෙන්නම් කියා ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මාධ්‍ය අංශයේ කෙනෙක් දැනුම් දුන්නා. මරණ බය නැති නිසා මා එය කළේ නෑ. මහින්දට ආයේ බලයට එන්න වෙන්නේ නෑ. රාජපක්ෂ පවුලේ බල්ලක්වත් ආයේ අරලිය ගහ මන්දිරයට එන්නේ නෑ.‘ යැයි ජ්‍යොතිශ්‍රාස්ත්‍රයකු වන ඉන්දික තොටවත්ත මහතා කොළඹ මහජන පුස්තකාලයේ පැවැති වැඩසටහනක දී කීවේය.

ජ්‍යෙතිෂ්‍ය අවභාවිතයෙක් වැළකෙමු මැයෙන් එය සංවිධානය කර තිබිණි.

පාලකයන් සතුටු කරන්නට බොරු අනාවැකි කියමින් ජෝතිෂ්‍ය අව භාවිත කිරීමෙන් වලකින්නැයි ඉල්ලමින් ජ්‍යෙතිෂශ්‍රාස්ත්‍රයකු වන කේ ඒ යූ සරත්චන්ද්‍ර , ඉන්දික තොටවත්ත, ආනන්ද සෙනවිරත්න ඇතුළු පිරිසක් එහිදී කීහ.

ජනාධිපතිවරණයට පෙර අයිටීඑන් රූපවාහිනියේ වැඩසටහනකට ආ රාජකීය ජ්‍යොතිශ්‍රාස්ත්‍රයකු වූ සුමනදාස අබේගුණවර්ධන, පියසේන රතුවිතාන සහ මාපලගම විමලරතන ඇතුළු ජ්‍යෙෂ්ඨ ජ්‍යෙතිෂ්‍යවේදීන් කීවේ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගන්නා බවයි.

ඉන් පසු කොළඹ දී දෙදහසක් පමණ ගෙන්වා වැඩසටහනක් පැවැත්වූ අතර ඔවුන් කීවේ ද මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා බවයි.

https://www.youtube.com/watch?v=lKdvOpS4LUk

 



අදහස් (0)

මහින්ද පරදින බව මුල්ම අනාවැකිය රතන හිමියන්ගෙන්

ඇලෙක්ස් Saturday, 21 February 2015 12:58 AM

මහින්ද පරදින බව කියන්න ජ්‍යෙතිෂ්‍ය ගැන දැනුමක් ඕන නැහැ. කේන්දරයක්වත් නැති මමත් කිව්වා මෙදා පාර මහින්ද පරදිනවා කියල. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 19 February 2015 12:16 AM

දැන් මොකටද පසුගිය දේවල් ගැන කියමින් කුළල් කාගන්න යන්නේ.ජනතාව කැමති පාලනයක් තොරාගත්තා නම් එයට සහයෝගය දීමයි පුරවැසියෙකුගේ යුතුකම. (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 19 February 2015 01:15 AM

අපි කවුරුත් අපි අදහන ආගම දහම අනුව සුබ කටයුත්තකදී සුබ වෙලාවක් බලලා ඒ දේ කරනවා මිසක් ඔය නක්ෂත්‍රයත් එක්ක ඇළිලා ගැලිලා ඒවා ඉහ මත තියාගෙන ඔය අනාවැකි විශ්වාස කරගෙන කටයුතු කරන්න තරම් මෝඩයෝ නෙමෙයි. හිටපු ජනපතිතුමා එහෙම කෙනෙක් නම් මේ දිගු දේශපාලන ගමන කවදාවත් එතුමාට එන්න වෙන්නේ නැහැ.සිතුදේ නොම වේ නොසිතුදේම වේ මහත්තයෝ.ඔය හිරු සඳු තාරකා අනෙක් පැත්තට කැරකෙන්න වසර ගණන් යන්නේ නැහැ.මාස තුනක් වුණත් ඇති (නි)

:       0       0

අෂා Wednesday, 18 February 2015 11:05 AM

කතාව ඇත්ත. (ර)

:       0       0

සිල්වා Wednesday, 18 February 2015 11:42 AM

රටේ ඉදිරි ගමන තීරණය කරන්නේ ජ්‍යෙතිෂ්‍ය නොවෙයි පාලකයා නිවැරදි මඟ යා යුතුයි පාලකයා හොර තක්කඩි ජනතාවගේ මුදල් ගසා කන්නේ නම් ඔහුගේ ඉදිරිය අනිවාර්යෙන්ම විනාශකාරී එවැනි කපටියන්ට ජ්‍යෙතිෂ්‍ය උවමනාවේ මොකද එවැනි පාලකයන්ගේ හදවත හරි දේ දනී තාවකාලික සතුටක් සහා මානසික සුවයට ජ්‍යෙතිෂ්‍ය යොදාගනී නමුත් කෙදිනක හෝ සත්ත්‍ය ජයගනී! (අ)

:       0       0

අනුර Thursday, 19 February 2015 02:07 AM

ගොඩක්ම බලවත් කේන්ද්‍රයක් තියන මිනිසෙක් අපෙ ගමේ ඉන්නවා . මෑන්ව දැම්මොත් ජනාදිපති මැතිවරන් දිනන්න පුලුවන්ද.(අ)

:       0       0

හේරත් Wednesday, 18 February 2015 12:08 PM

මේවා තියෙන්නේ මිනිසුන්ට තිබෙන ප්‍රශ්න වලට පොඩි සහනයක් ගන්නයි, කරන අය‍ට හම්බ කරගන්නයි කියලයි තමයි මම නම් හිතන්නේ. ග්‍රහ තරු කොහොමද මිනිසුන්ව පාලනය කරන්නේ? බුදුදහම අනුව ජීවත්වුණා නම් වෙන පිහිටක් මොකටද? (නි)

:       0       0

භාවනා Thursday, 19 February 2015 02:24 AM

මුල්ම අනාවැකිය කවුරු කිවුවත් නුදුරු අනාගතයේදීම කාට කාටත් පිවිතුරු හෙටක අරුමය දැක විඳදරාගන්න නම් වෙයි. ඒකත් අනාවැකියක් හො‍ඳේ. (නි)

:       0       0

දුමින්ද Thursday, 19 February 2015 03:27 AM

වැල යන අතට මැස්ස ගහන එකයි කරන්න තියෙන්නේ (නි)

:       0       0

බුද්ධි Thursday, 19 February 2015 04:06 AM

මහින්ද ඔය කියන තරම් පාපතරයෙක් නොවේ (නි)

:       0       0

නිමල් Wednesday, 18 February 2015 01:46 PM

ජ්‍යෝතිෂ ශාස්ත්‍රය හුදු කල්පිතයකි.නියම ශ්‍රාස්ත්‍රඥයෝ වෙඩි තියාගන්නවා,ගිනිතියා ගන්නවා ආදී ජනයා මුලාකිරීම සඳහා කරනලද අවධාරණය කිරීමම මෙයට කිසිදු ආකාරයේ පදනමක් ඇති විද්‍යාවක් යැයි නොපිළිගැනීමටම වෙන තර්ක අවශ්‍ය නොවේ. විද්‍යාව හරහා සෑම දැනුමක්ම දිනෙන් දින අළුත් වෙනවා.හැබැයි ජ්‍යෝතිෂය නම් හැමදාම එකතැන පල්වෙනවා.ජනතාව මුලාකරන බඩගෝස්තරවාදීන්ට මෙය හොඳයි.තවමත් සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට එන බව පිළිගන්න අයට මෙයත් විද්‍යාවක් තමා. (නි)

:       0       0

බුද්ධි Thursday, 19 February 2015 04:20 AM

මැරෙන්න මොහොතකට පෙර හරි කරපු දේවල් වලට විපාක සිදුවෙනවා. (නදී)

:       0       0

රොකී Wednesday, 18 February 2015 01:54 PM

අපි කවුරු මොනවා කිවුවත් ඇත්ත දන්නවා (නි)

:       0       0

සසික Wednesday, 18 February 2015 01:56 PM

රාජපක්ෂ පාලනය සම්පූර්ණයෙන්ම නැතිවෙනවා (නි)

:       0       0

සොපී Thursday, 19 February 2015 04:43 AM

මගේ කේන්දරයත් බලවත්. මටත් හරි ආසයි ටික දවසකට හරි ලොක්කෙක් වෙලා බලන්න (නි)

:       0       0

වාසනා Wednesday, 18 February 2015 02:48 PM

මටත් අනාවැකි කියන්න පුළුවන් (නි)

:       0       0

දයාන් Thursday, 19 February 2015 06:22 AM

හිරු නැත්නම් ජීවයක් නැත. ග්‍රහ තරු සියලු ජිවින්ට පමණක් නොවේ ගහ කොළ වලටද බලපාන බව සත්‍යයකි.(දිල්)

:       0       0

විජය Wednesday, 18 February 2015 04:41 PM

මට නම් ඇඟ හිරිවැටෙනවා මේ කතාව අහලා. අනේ මම නම් ඔන්න මේ ලිපිය බැලුවේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site