හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු අගවිනිසුරුවරුන් කිහිප දෙනකු කළැයි කියන දූෂණ කි‍්‍රයා සම්බන්ධයෙන් තමා අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල කඩිනමින් විභාගයට ගැනීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
නුගේගොඩ සුභද්‍රාරාම පාරේ පදිංචි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසම, අගවිනිසුරුවරුන් වන කේ. ශ්‍රී පවන් , හිටපු අගවිනිසුරුවරුන් වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, මොහාන් පීරිස්, සරත් එන් සිල්වා, අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නීතිඥ සංගමයේ සභාපති ජෙෆ් අලගරත්නම් යන අය නම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්දටත් සරත් සිල්වාටත් එරෙහි පෙත්සමක්
උපාලි Tuesday, 29 March 2016 01:49 PM
මා දන්නා අයුරු නීතිඥ කොඩිතුවක්කු මහතා අයුක්තියට එරෙහිව තනිව ලොකු සටනක් කරන කෙනෙක්. ඔහු රේගුවේ සිදුවුන වංචා ගැන පෞද්ගලිකව කළ අරගල ගැන පුවත්පත්වල පළ වුනා. ඔබේ අරගලයට අයුක්තියට එරෙහි සිවිල් සංවිධානත් එකතු කර ගත්තොත් හොඳයි නේද? (බ)
මුණසිංහ Wednesday, 30 March 2016 03:32 AM
මේ යන විදියට ඉදිරියට මොකුත් වෙන්නේ නැහැ කියලා ස්ථිරයි.(ම)
පෙරුමාල් Wednesday, 30 March 2016 03:41 AM
මොහාන් පීරිස් කියල අගවිනිසුරු කෙනෙක් හිටියද? (බ)
ජයතු Wednesday, 30 March 2016 03:41 AM
දවසකට ලක්ෂ ගාණක් ජනතා මුදල් වියදමි කරමින් අරලියගහ මන්දිරය තම මාලිගාව කර රජබොජුන් වැළදු මහරජු මහින්ද නියම රජෙකි (බ)
ජයසිංහ Wednesday, 30 March 2016 03:46 AM
ලොකුම හොරු කැල - ශිරාණි බණ්ඩාරනායක, මොහාන් පීරිස්, සරත් එන් සිල්වා, මහින්ද රාජපක්ෂ, නීතිඥ ජෙෆ් අලගරත්නම් - ලංකාවේ ඉන්න ලොකුම හොරු කැල. දෙන්න වැඩක් කාලාම යන්න (බ)
මොහාන් Tuesday, 29 March 2016 03:43 PM
අර මහ බැංකුව ගැනත් හොයන්න කියලා කිව්වොත් නරකද (බ)
සෞදි සරත් Wednesday, 30 March 2016 06:11 AM
මටත් ගැටලුව මහ බැංකුවේ වංචාව සොයන්නේ කවදාද කියායි (නි)
උමයංගනී Wednesday, 30 March 2016 06:13 AM
ඔහොම යමුකෝ! (නි)
විජේ Wednesday, 30 March 2016 06:17 AM
බලාගෙන මහත්තයෝ, මේ දෙගොල්ලම එක වගේ. (නි)
බණ්ඩාර Wednesday, 30 March 2016 06:44 AM
රට විනාශවෙන්න කලින් රුපියලට කරන විනාශය, ඩොලරය ශක්තිමත් කිරීම තුළ ඇමරිකාව යුරෝපය සමඟ කරන හොර මගඩි හොයන්නේ කවදාද? (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 29 March 2016 10:54 PM
ලොකු ලොකු තෝරු මෝරු එහෙම අහුවෙන්න ළඟයි වගේ. ඒ වුණාට ගොළුබෙලි ගමනින් යන මේ ගමන අවසානවීමට තව කොපමණ කලක් යාවිද? (නි)
කමල් Wednesday, 30 March 2016 01:04 AM
මෙන්න නියම වීරයෙක්. තාන්න මාන්න වලට තමන්ගේ ආත්මය නොවිකුණන අපේ කාලේ ඉතාම විරල ගනයේ චරිතයක් (නි)