IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහින්දගේ ආරක්ෂාව ගැන වාර්තාවක් ඉල්ලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය බුද්ධි කාර්යාංශයෙන් (එස්.අයි.එස්)  සකස් කළ ආරක්ෂක තක්සේරු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(10) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම කළේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නව සම සමාජ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර අපේක්ෂක නීතීඥ සේනක පෙරේරා මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. මෙහි හිටපු ජනාධිපතිවරයා, මැතිවරණ කොමසාරිස්වරයා, මහජන සාමය පිළිබඳ ඇමැති, ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ආරක්ෂාව අවශ්‍ය නම් ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්ට දැනුම් දෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පෙත්සම්කරු ආරක්ෂාව ඉල්ලන්නේ නම් එම ආරක්ෂාව ලබාදීමටද නීතිපතිවරයා එහිදි කැමැත්ත පළ කළේය. මෙම පෙත්සම ලබන සිකුරාදා(14) යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි. පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, අනිල් ගුණරත්න, සහ ප‍්‍රියසාද් ඩෙප් මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි.

 

 



අදහස් (0)

මහින්දගේ ආරක්ෂාව ගැන වාර්තාවක් ඉල්ලයි

පෙරේරා Tuesday, 11 August 2015 07:21 AM

තව ටික කලකින් සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් කෑම බීම ඉඳුම් හිටුම් ඇතුළුව 24 පැය පුරා ආරක්ෂාවත් ලැබෙන තත්වයක් තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site