IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මිහින්තලාවයි රජගිරි ලෙනයි

පසෙකින් සිළි සිළි නද දෙමින් ලෙළෙනා  රන්වන් බෝපතින් යුතු ජය ශ්‍රී මහා බෝ රජාණෝය. තවත්  පසෙකින්  ධවල වර්ණයෙන්  ශෝභමාන වු  අහස් කුස තෙක්  නැගි සිටින ස්වර්ණමාලි සෑ රදුන්ය. සතර දිගින් නිල්වන්  දියෙන්  පිරි පස් පියුමෙන්  සුසැදි  මහා වාරි කර්මාන්තය, තුරු ගොමු, වෙල් ඉපනැලි උයන්  වලින් පිරි සශ්‍රික රාජධානියක සේයාවන්  බොහෝය.

අනුරපුර රාජධානියේ ශ්‍රි විභභූතිය වින්දනය කරමින් අපිරිමිත වු බුද්ධාලම්භන ප්‍රිතියෙන්  මිහිඳු මහ හිමියන් රන් රැස් විහිදුවමින්  වැඩම කරවු  පුණ්‍ය භූමිය වෙත පිය නැගුවෙමි. නගරය දස දෙස ශ්‍රේෂ්ඨ ඉතිහාසයක නටඹුන් දකින විට වැව් බැදි දනව්ව අතීත රජ දවස තෙරම් සශ්‍රිකව පවතින්ට  ඇති දැයි  සිතෙන වාර අප්‍රමාණය.

අනුරපුර නගරය පහසුකම් මිහින්තලා සිමාවේ පැමිණ මා මිස්සකපව්ව පරිශ්‍රය දෙසට  ගමන් කළෙමි. සිතල සුළඟ පින්බරය. මගේ  ගමනේ  අවසානය රාජගිරි  ලෙන පරිශ්‍රය විය. දහස් සංඛ්‍යාත භාරහාර වන ඉඳිකටු සෑයත් -  කටු සෑයත්  පසු කරමින්  රාජගිරි  ලෙනකන්ද මාර්ගයට  පිවිසුනෙමි.

මිහිඳු හිමි - මිස්සක පව්ව, යන අතීතය අවලෝකනය වෙද්දි නිතැතින්ම නිසංසල තුරු වදුලක සිතුවම් සිහියට  නැගෙන්නේය. එදා  මුවන් නිදහසේ සැරිසැරූ පරිසරය අද එසේමය. අපි  ලෙන් පරිශ්‍රයට  පැමිණිය ද කිසිඳු චතිකයකින් තොරව මුව රංචු ගැවසෙන ආකාරය දුටුවෙමු. මොහොකත් නතර වි  රමණිය පරිසරයේ සිරි අසිරි විඳගෙන යළිත් ගල්ලෙන් සංකිර්ණය වෙත පිය නගින්නට වීමු.

තුරුවදුල මධ්‍යයේ රාජගිරි ලෙන කන්ද විය. එය  තරණය කිරිම සඳහා  පිහිටි ගලේම ගල් පඩි  කොටා  ඇත. එක් එක් පසින්  විහිද යන සේ  විවිධාකාරවු  ගල් ලෙන් එම ස්ථානයන්හි  පිහිටා ඇත.

පඩි පේළි ක්‍රමයට  උස්  ස්ථානයේ සිට පහත් ස්ථානය දක්වා  කටාරම් කෙටු ගල් ගුහා, කුටි ලෙස වෙන්කර  තිබුණි. භාවනානුයෝගි භීක්ෂුන් ලෝකෝත්තර  දිවිපෙවෙතක්  ගත කළ ඒ පුණ්‍ය  භුමියට  නමස්කාර  කළ මම රාජගිරි  කන්ද  මුදුනට  පිය නැගුවෙමි. දෙපසකින් විහිදි ඇති බුදු කුටියක් විය. ඇතුළු විමට  හා පිටවිමට  දෙපසින්  දොරටු  ඇති බුදුකුටියට  ස්වාභාවිකව හිරුඑළිය වැටෙන ලෙස නිමවා  තිබුණි.එහි  තිබූ මැටියෙන් තැනූ සැතපෙන බුදු පිළිමය නිදන් හොරුන් විසින් පස්ගොඩක් බවට  පත්කර  තිබිණ.

බුදුගේ ඉදිරිපිට  චතුරඝ්‍රාකාර ගල් ළිඳකි. ඊට  ජලය ගලාඒම සඳහා පිහිටි ගලේ  ගල්කණු  කපා  ඇත. ඒ සියලු දේ නිරික්ෂණය කරමින් රාජගිරි පර්වත රාජයාගේ ගිරි හිස ද තරණය කළෙමි.

ගල මුදුනේ පස් ගොඩක් බවට  පත්වු  චෛත්‍යයක  සලකුණු  ඇත. ගල් කැබලි  තැනින් තැන විසිරි  තිබුණි.මෙම කැඩී බිඳි ගිය චෛත්‍යයට  සමාන්තරව මිහින්තලා මහා සෑය පිහිටා  තිබේ. සතර දිග් භාගයේම වැව්, වෙහෙර  විහාර , ගම් මෙම ස්ථානයට දර්ශනය වේ.

මෙම ඓතිහාසික ස්ථානය නිරික්ෂණය කිරිමේදි  දැකගත හැකිවු  වාස්තු විද්‍යාත්මක තොරතුරුද බොහෝය. කාලයෙන්  කාලයට  ස්වභාවිකව පිහිටි ගල්ලෙන්  නවීකරණය කරමින් පරිහරණය කර ඇති බවත් , මිනිස්  ව්‍යස්ථාන බවට  පත්වි  තිබු ලෙන් පසුකාලිනව පිළිසකර  කටාරම් කොට  මහා  සංඝායාට  පුජාකර  ඇති බවත් ,අවසන් කාලය වන විට ථෙරවාදි  මෙන්ම මහායානික භික්ෂුන් වහන්සේලා ලෙන්  පරිහරණය කර ඇති බවත්, හඳුනාගැනීමට හැකිය.

ස්නානය සඳහා  ගල් පොකුණු ද, බීමට ජලය ගබඩා කරගැනිම සඳහා  ගල් ළිඳ සහ ගල් බෙනද, භාවිතා  කර  ඇති  ආකාරය දැක ගත හැකිය. ගල් ලෙන් නිරික්ෂණය කිරිමෙන්  පසු  පර්වතයේ පිහිටි  අරලිය ගස් සෙවණේ හිඳගෙන  විඩා නිවාගත්තෙමි.

හරිත වර්ණයෙන්  යුත් තුරුලතා  සිහිල් සුළඟක්  මා වෙත එව්වේ  ගතටත් සිතටත්  ප්‍රබෝධයක්  එකතු  කරමින්ය. තුරු  ගොමු වල සිට ගිත ගායනා කරන කුරුල්ලන්ගේ  මිහිරි හඬ දෙසවනට  ප්‍රිය විය. සැබැවින්ම කොතරම්  නිසන්සල පරිසරයක්ද ?

අල්පේච්ජ ජිවිතයක්  ගත කළ භික්ෂුන් වහන්සේලා  බාහිර සමාජයෙන්  මිදි භාවනානුයෝගි දිවිපෙවෙතක්  ගත කිරිම සඳහා  තෝරා ගත් ස්ථානය කොතරම්  අපුරුද?

ආරණ්‍ය ගතොමා

රුක්ඛ  මුල ගතොමා

ශුන්‍යාගාර  ගතොමා

ලෙසින් බුදුන වහස්සේ දේශනාකර ඇත්තේ ද මෙවැනි අයුරු නිසසංල පරිසරයක් නොවේද?

ගිමන්  නිවාගත් මම කඳුපාමුලට  බැස අවට  පිහිටා  ඇති  ආරාම සංකිර්ණය නිරික්ෂණය කළෙමි. පැදකුනු කළ හැකි, නටඹුන්  වු  චෛත්‍යයක ශේෂයන්ය. එම ස්ථානය කුඩා  පැළැටි වලින්  වැසි  ඇත. චෛත්‍යයට  වම් පසින්  ආරාම සංකිර්ණයක නටඹුන් ය. එහි  වාමන රූප සහිත මුරගල්  දෙකක් සහ කොරවක් ගල් විය.

මෙම ආරාම සංකිර්ණයේ  සිට ඉදිරියට  යායුතු වුයේ අඩි පාරකිනි. අතු ඉති  නමමින්  සියතුන්ගේ හඬ  මැදින්  අපි  ගමන් ගත්තෙමු.

ඉදිරියට  ගියවිට දක්නට  ලැබුණේ තවත් සුවිශාල වු  ගල්ලෙන්  කිහිපයකි.ඉන්  එක් ස්ථානයක ගල මුදුන සමතල විය. එය භීක්ෂුන් වහන්සේලා  සක්මන් භාවනා කළ ස්ථානයක්  විය හැකිය.

එම ස්ථානයේ  තිබු  ගල්ගුහා  වලද ජලය රැස්කර  තබා ගැනිම සඳහා  ගල්  බෙන සකස් කර තිබුණී. එකල ගල්  කැඩිමේ තාක්ෂණය ද සුවිශේෂිය. අවට  ගල් කුට්ටි රාශියක්  තිබෙනවා  දුටුවෙමි.සුවිශාල ගල්ලෙන්  සමිපයේ  ඇති විට පර්වතය සිදුරුකර,  ගල් කුට්ටි  වලින්  සම්බන්ධ කර,  ගල්ලෙන් ආවරණය කර  තිබූ  ආකාරය අපූර්ව විය.

එම භූමිය පසුකර  ටික දුරක් ගිය විට ස්වභාවික ගල් පොකුණක්  දක්නට  ලැබිණි. ගෙම්බෙකුගේ  බක බක ශබ්දය ඇරුණු විට එහි  තිබුණේ කුරුලු කුජනය පමණි.

මෙම රමණිය හා  පුජනිය පරිසරය වින්දනය කළ මා  ඒ පිළිබඳව ඇති  ඓතිහාසික තොරතුරු  හා  ජනප්‍රවාද තොරතුරු සොයා  බැලුවෙමි.

මිහින්තලා  ප්‍රදේශයේ  පදිංචි  එක්  ගැමියකු  ප්‍රකාශ  කළේ “දෙවානම්  පියතිස්ස රජතුමා මෙම ගල්ගුහා  සංකිර්ණය භාවනානුයෝගි  භීක්ෂුන් සඳහා  පුජාකළ බවත්  එය රජු  පුජාකළ කන්ද වු හෙයින්  රාජගිරි  ලෙන කන්ද ලෙස නම්  දරන බවත්ය.”

මහාවංශයේ  ඇති  තොරතුරු වලට  අනුව දෙවන පෑතිස්  රජු  මිහින්තලය ,සීගිරිය අවට  ගල්ලෙන්  කරවා  භික්ෂුන්ට  පුජාකර  ඇත. අනුරාධපුර  යුගයේදි  මෙම ස්ථානය  ථෙරවාදි  භික්ෂුන්  වහන්සේලා  බොහෝ ප්‍රමාණයක් වැඩ වාසය කර තිබෙන  ප්‍රධාන බෞද්ධ  මධ්‍යස්ථානයක්ව පැවති  ඇත.

මේ  පිළිබඳව තවත්  තොරතුරු  සෙවීමේදී  සෙනරත්  පරණවිතාන මහතා  විසින්  ලියන ලද Inscription of  ceyon (1970) ග්‍රන්ථය ද සුවිශේෂී  මුලාශ්‍රයක්  වුනි.

රාජගිරි  ලෙන්  වල පිහිටි  සෙල්ලිපි  පිළිබඳව විග්‍රහයක්  කර  ඇති එහි  පරුමුක, බඩගරික, බමණ,උපශිඛ යන පිරිස්  විටින්  විට  ගල්ලෙන් සකස්කර  පුජාකර  ඇති බවත්, පියාගෙන්  පුතාට  ලෙස මාරුවෙමින්  ලෙන්  නඩත්තුව සිදුවි  ඇති බවත්, පියා,පුතා, මව, බිරිඳ යන එකම පවුලේ  සාමාජිකයන්  පරම්පරා  ගණනාවක්  ලෙන්  ප්‍රතිසංස්කරණය කරමින්  භික්ෂුන්  වහන්සේලාම ඇප උපස්ථාන කර  ඇති බවත් සඳහන්ය.

මෙම සියළු දේ  නිරික්ෂණයෙන්  පසු  එකල පැවැති  වාස්තු  විද්‍යාව, ජල කළමණාකරණය,කුල ක්‍රමය, රාජ්‍ය  පාලනයේ  ස්වභාවය,පවුල්  සංස්ථාව නිර්මාණය වි  තිබු  ආකාරය , භීක්ෂුන්  වහන්සේලා  හා  ගිහියන්  අතර  පැවැති  සබඳතාවය ආදී  බෙහෝ කරුණු  අවබෝධ කරගත හැකිය.

මෙවැනි ඓතිහාසික වටිනාකමක්  ඇති  සිද්ධස්ථාන නිධන් හොරුන්ගෙන්  ඉලක්කවී,  වල් වැදී,  විනාශවිමට  ඉඩ නොදි  ආරක්ෂා  කර  ගැනිම ඔබසැමගේ  වගකිම බව  පසක්  කරමි.

MRAJ-1127-01 MRAJ-1127-02 MRAJ-1127-03 MRAJ-1127-04 MRAJ-1127-05 MRAJ-1127-06 MRAJ-1127-07 MRAJ-1127-08 MRAJ-1127-09 MRAJ-1127-10 MRAJ-1127-11 MRAJ-1127-12 MRAJ-1127-13 MRAJ-1127-14 MRAJ-1127-15 MRAJ-1127-16 MRAJ-1127-17 MRAJ-1127-18 MRAJ-1127-19 MRAJ-1127-20 MRAJ-1127-21 MRAJ-1127-22 MRAJ-1127-23 MRAJ-1127-24 MRAJ-1127-25 MRAJ-1127-26 MRAJ-1127-28 MRAJ-1127-29 MRAJ-1127-30 MRAJ-1127-31 MRAJ-1127-32

 



අදහස් (0)

මිහින්තලාවයි රජගිරි ලෙනයි

නිමල් Saturday, 28 November 2015 03:25 AM

අපේ උරුමය තවමත් පසින් වැළලීයමින් පවතී. කාට පවසම්දෝ මේ අවනඩුව? (නි)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site