IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


මුහුද මැදදී නැව කැඩේ

ශ්‍රී ලාංකිකයෝ දෙසිය දෙනෙකු රැගත් නීති විරෝධී සංක්‍රමිණික යාත්‍රාවක් ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව අතර මුහුදු සීමාවේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් ලාංකිකයින් 75 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. යාත්‍රාව කුමන රටක සිට පැමිණ ඇත්දැයි මෙතෙක් තහවුරු වී නැත. යාත්‍රාවේ සිටින දිවි ගලවාගත් ලාංකිකයින් පිරිස බේරා ගැනීම සඳහා ඔස්ට්‍රේලියා හා ඉන්දුනීසියා නාවික හමුදා යාත්‍රා අද පස්වරුවේ අනතුර සිදුවූ මුහුදු සීමාව වෙත යාත්‍රා කරමින් සිටියේය.



අදහස් (0)

මුහුද මැදදී නැව කැඩේ

ශාන් Friday, 22 June 2012 09:21 AM

රට හොඳනම් ඇයි මිනිස්සු රට යන්නේ ?

:       0       0

කැලුම් Friday, 22 June 2012 04:31 PM

සමන්,ඔබ හරි

:       0       0

කිරින්ද Friday, 22 June 2012 10:29 AM

හොර මුහුදු ගමන් තැරව්කරුවන් මගින් පිටරට යාමට දේපල වාගේම තම ජිවිතයත් උකස් කර ඩොලර් වන්දනා ගමනේ යන අහිංසකයින් ගේ ඉරණම මේකද ?

:       0       0

ප්‍රනාන්දු Friday, 22 June 2012 11:09 AM

ඕකත් අපේ ඇමතිතුමෙක්ගේ වැඩක්ද දන්නේ නෑ

:       0       0

සොනික් Friday, 22 June 2012 10:41 AM

දැන් ජීවත් වෙන්න තියෙන අවදානම අනුව ඔය වගේ අවදානමක් ගන්න එක සුලු වැඩක්නේ

:       0       0

සිංහලයෙක් Friday, 22 June 2012 10:59 AM

ඔකේ හිටියේ සිංහලයෝ නම් දුකක් දැනෙනවා , ටැමිල් නම් ඒත් දුකක් , නමුත් කොටි හිතවාදීන් නම් ඔහොම වෙලා මදි , තම්බිලා නම් ඉන්ට විදිහක් කොහෙත්ම නැහැ. 100% සුවර්.මොකෝ උන්ට ඕනේ ලංකාව ... මම ගෙස්ට් කරනවා 75 න 70 වක් සිංහල වෙන්ට ඇති. අනෙක ඔය ගමන සෙට් කරන්ට අත්තේ නම් සුවර් තම්බි කෙනෙක්...

:       0       0

කිටී Friday, 22 June 2012 06:58 PM

රොන් ඔයා කොහෙමෙද මේක බොරුවක් කියන්නේ. ???

:       0       0

සුභාශිනී Thursday, 21 June 2012 07:50 PM

අනේ ඉතිං ජීවිත 75 ක් කියන්නෙ සුළු පටු ගානක්ද??

:       0       0

ජැක් Friday, 22 June 2012 12:10 PM

සිංහලයෝ නෙමෙයි අසා, ඔයා වගේ බුද්ධිය නැති මිනිස්සු

:       0       0

ෆ්රැන් Thursday, 21 June 2012 07:17 PM

ඔය යන්නේ කට්ටිය.. මේ පාර වැඩියෙන් ගෙවන්න ඇති.. නැත්නම් කොහොමද 200 දෙනෙක් යන්නෙ.. අපරාදෙ ජීවිත..

:       0       0

Udhara Friday, 22 June 2012 07:59 PM

තමන් ඉගෙන ගත්තු දේට ගැලපෙන රස්සාවක් නැති උනම ඕනම කෙනෙක් ඔය වගෙ තීරණයකට එලබෙනව.. එහෙම නැතුව මේ මිනිස්සු ඉර ,හද අල්ලන්න රට පනිනව නෙවෙයි නෙ..... අද රුපියල් 40000 ගන්න කෙනෙකුට උනත් පවුලක් නඩත්තු කරන්නෙ පුලුවන්ද?? මිනිස්සු මෙහෙම රට ගියේ ඇයි කියන එකටයි හේතු හොයන්නේ ඕනි???

:       0       0

මාතලන් Thursday, 21 June 2012 08:05 PM

ඇයි මෙ කට්ටිය සල්ලි නිසා අවදානමි ගමන් යන්නෙ

:       0       0

ජැක් Friday, 22 June 2012 11:48 AM

සිංහලයා හරි

:       0       0

පොතේගුරා Thursday, 21 June 2012 07:56 PM

මෙතනින්වත් මේ ජාවාරම නවතීවිද?

:       0       0

ජැක් Friday, 22 June 2012 12:46 PM

සිංහලයා කියන්නේ ඇත්ත

:       0       0

රොෂාන් Friday, 22 June 2012 09:00 PM

ඔහොම මැරුනත් සැපයි...මේ තියෙන තත්වේ හැටියට....

:       0       0

සමන් Thursday, 21 June 2012 08:39 PM

මෙච්චර රත්තරං වටින රටක් දාල ගිහි කර ගත්ත විනාශයක තරම..මේ රට මොනතරම් හොද රටක්ද කියල තේරෙන්න කටුනායකින් උඩට ගිහින් බලන්න ඕන..

:       0       0

TS Friday, 22 June 2012 12:52 PM

මනුස්සකම යටපත් කරගෙන ජාතිකත්වය මතු උනාම එතන ඉන්නේ අමනුස්ස දෙශප්‍රේමියෝ ටිකක්. ඕස්ට්‍රේලියානු සහ ඉන්දුනීසියානු රජයන් මේ මිනිස්සු මොන රටේද, මුන් ආවේ අපේ රටට හොරෙන් පනින්න නේද කියන කාරණා නොසලකා වටිනා මිනිස් ජීවිත බේරගන්න තමන්ගේ රටේ ධනය, ශ්‍රමය, වගේම තමන්ගේ රටවැසියන්ගේ (හමුදා සෙබළුන්) ජීවිත යම් ප්‍රමාණයකට හරි අවදානමට ලක් කරනවා. අපේ රටේ ඉතුරු වෙලා ඉන්න අර වගේ අමනුස්ස දේශප්‍රේමියෝ ටික "හොඳ වැඩේ" කිය කිය අමනුස්සකම ප්‍රදර්ශනය කරනවා.

:       0       0

කුමාර් Thursday, 21 June 2012 08:43 PM

ශ්‍රී ලාංකිකයන් ඔය ගමන් යන්නේ සල්ලි නිසා තමයි.ජීවිත්වන්න ලාංකිකයින්ට වෙන ක්‍රමයක් නැති නිසා තමයි ඕස්ට්‍රේලියාව/යුරෝපා රටකට ඔය යන්නේ.

:       0       0

ජැක් Friday, 22 June 2012 01:00 PM

අසා, ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා

:       0       0

චමල් Thursday, 21 June 2012 08:49 PM

ඔ‍හොම ගිහිල්ල පස්සෙ ලංකාවට විරැද්ධව කොටින්ට කඩේ යන එක තමා මේගොල්ල කරන්නෙ...

:       0       0

ලක්වැසියා Thursday, 21 June 2012 08:56 PM

100% සමන් එක්ක එකගයි

:       0       0

අසංක Thursday, 21 June 2012 09:03 PM

මහත්තයෝ ලංකාවේ අය කියලා කියන්නේ කොහොමද හරියටම?

:       0       0

අමිල කටුනායක Thursday, 21 June 2012 09:55 PM

ශ්‍රී ලංකාව මුහුණදුන් ලොකුම මුහුදු අනතුර, ඇත්තටම හරි කණගාටුයි..

:       0       0

සංජය Thursday, 28 June 2012 09:55 AM

සල්ලි තමයි ජිවිතේ

:       0       0

සංජය Thursday, 28 June 2012 09:16 AM

පාවුණ ජීවිත

:       0       0

අසෝක බහරේන් Thursday, 21 June 2012 10:27 PM

මේ වගේ අවදානම් තීරණවලට යන්නේ ඇයි හිතා ගන්න බැහැ අපේ අය ගැන...

:       0       0

ප්‍රියන්ත රණසිංහ ගමගේ Thursday, 21 June 2012 10:14 PM

යන්න ඉන්න කට්ටියට හොද පාඩමක්...

:       0       0

මංජු Friday, 22 June 2012 12:44 AM

ඔයවගේ දුප්පත් මිනිස්සු ගෙවල් ඉඩම් උගස් තියල විකුණලා ඔයවගේ බෝට්ටු නැව් වලින් පිට රටවලට යන්නේ ඒ මිනිස්සුන්ටත් දියුනුවෙන්න තියන ආසාව නිසා.මියගිය සියලුදෙනාට මාගේ කණගාටුව...

:       0       0

සමන් Friday, 22 June 2012 12:12 AM

මැරෙන තරමට අපිට සැනසීමයි

:       0       0

sheriff Friday, 22 June 2012 01:42 AM

සල්ලි දීල දිවිනසා ගන්නවා කියන්නේ මේ වගේ අයට තමයි

:       0       0

අසා Friday, 22 June 2012 02:46 AM

ඔක්කොම යන එනයි ඇත්තේ..සිංහලයෝ ..ඔහේලට අන්තිමට ඉන්ට වෙන්නේ වෙනත් රටක දෙවෙනි පුරවැසියො වෙලා ...මෝඩයෝ

:       0       0

ආසා Friday, 22 June 2012 02:48 AM

සමන් ඔබ හරියටම හරි ...

:       0       0

එම්. මෙන්ඩිස් Friday, 22 June 2012 03:22 AM

අනේ මෙහෙම හරි ගිහිල්ල ජීවිතේ බේරගන්න තියනවා නම් ලොකු දෙයක්...

:       0       0

හනුමා Friday, 22 June 2012 03:06 AM

මේ පුවතට හොද ප්‍රචාරයක් දෙන්න ඕන.. අවදානම් ගමන් යන්න ඉන්න කට්ටියට දෙපාරක් හිතන්න...

:       0       0

සිරිපාල Friday, 22 June 2012 02:59 PM

අයියෝ සල්ලි

:       0       0

තිලක් Friday, 22 June 2012 06:02 AM

තමන්ගෙ ඡිවිතේ සාර්ථක කරගන්නනෙ මෙහෙම අවදානම්‍ ගමන් යන්නෙ. පව්‍ මනූස්ස ඡිවිත

:       0       0

හෙලයා Friday, 22 June 2012 07:25 AM

පුද්ගලයන් මියයෑම ගැන දුකයි. ඒත් ඔතන LTTE ආධාරකරුවන් හිටිය නම්, ඕස්ට්‍රේලියාවට ඇවිත් ඩයස්පෝරාවට එකතු වෙලා ලංකාවට පලු පැලෙන්න ගහවි

:       0       0

කැනඩාව Friday, 22 June 2012 08:03 AM

සමන් ඔබ හරියටම හරි ...

:       0       0

රොන් Friday, 22 June 2012 03:07 PM

මේක බොරුවක්

:       0       0

අසා Friday, 22 June 2012 08:15 AM

අනේ මිනිස්සුනේ ඇයි මෙතරම් සාරධර්ම වලින් පිරිහෙන්නේ? ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සියයට 62.8 ඡන්දය දෙති
2025 මැයි මස 06 53 0

2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හ


ග්‍රාමාත්‍යවරිය ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 152 0

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්


රනිල් ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 164 0

රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදි සිය ඡන්දය ප්‍රකාශ කළේය.


විපක්ෂ නායක ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 209 0

පළාත් පාලන මැතිවරණය 2025 සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්


ඡන්ද විමසීම අවසන්
2025 මැයි මස 06 486 0

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.00 ට අවසන් විය.


ජනපති ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 464 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කළේය .


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 776 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 202 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1243 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site