IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහැදුරු විජේසූරිය මහින්දට ‘ටොක්කක්‘ අනී

යුද්ධය අවසන් කරමින් වැදගත් කාර්ය භාරයක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුර කාලය වැඩි කර ගැනීමෙන් පක්ෂයට බරපතල හානියක් සිදුවීයැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා ශ්‍රීලනිප මහා සමුළුවේ ආරාධිත දේශනය පවත්වමින් කීවේය.

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ සිට වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන දක්වා ශ්‍රීලනිපයේ නායකත්වය දැරුවන්ගේ සමයේ පක්ෂයට වූ සුබ සිද්ධිය ගැන ඔහු කතා කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ රටේ යම් කාර්ය භාරයක් වූ බවත්, යුද්ධය අවසන් වූයේ ඔහුගේ කාලයේ බවත් කී විජේසූරිය මහතා රාජපක්ෂ මහතා තම ධුර කාලය වැඩි කර ගැනීමෙන් පක්ෂයට අවැඩක් වූ බව කීවේය.

තමා ධුර කාලය වැඩි කර ගැනීම ගැන විජේසූරිය මහතා කියද්දී රාජපක්ෂ මහතා සිනාසෙමින් ජනපති දෙස ද බැලුවේය.

 



අදහස් (0)

මහැදුරු විජේසූරිය මහින්දට ‘ටොක්කක්‘ අනී

අයිරාංගනී Wednesday, 02 September 2015 01:16 PM

කෙළින් කතාකිරීමම ලොකු භාග්‍යයක් විජේසුරිය මැතිතුමනි (නි)

:       0       0

අශෝක ‍ Wednesday, 02 September 2015 01:20 PM

ඔහොම කතාකරන්න එපා මහත්තයෝ (නි)

:       0       0

ශාන්ත Thursday, 03 September 2015 03:38 AM

අපේ ඉතිහාසය කියවනකොට රජ කාලෙත් කේවට්ටයෝ ඉඳල තියෙන බව පෙනෙනවා. (ම)

:       0       0

දිලිප් Thursday, 03 September 2015 03:39 AM

නිතිය හැමට එකසේ සැළකුව හොත් ඊට පස්සේ වැරදි එළිවෙන්න ගත්තහම හැංගෙන්න තැනුත් නැති වෙයි. තව ටික කාලයක් ඔහොම එළිපිට ඉන්න පුළුවන් වෙයි. මොනවා වුණත් හිතට එකඟව තමුන් කළ කී දෑ ගැන හා ඒවායේ ප්‍රතිළුල ඇස පනා පිට දැක ගන්න පුළුවන් අන්ධ භක්තිකයන්ට ඉදිරියේදී.(ම)

:       0       0

නිල් Thursday, 03 September 2015 03:46 AM

මහාචාරය තුමා මොනවද අනාගත බලාපොරොත්තු (ම)

:       0       0

කුමාර Thursday, 03 September 2015 04:03 AM

පිවිතුරු කට්ටිය කොහොමත් ඔහොම තමියි හැමෝටම නෙමි යහපාල සුළු පිරිසකට (ම)

:       0       0

එදිරිවීර Thursday, 03 September 2015 04:17 AM

ඒ වුණත් අපි නම් දැක්ක විදිහට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබුන පිළිගැනීම වෙන කාටවත් තිබුනේ නැහැ ඊයේ නිදහස් පක්ෂ සමුළුවේ... (නි)

:       0       0

ඉමාක් Wednesday, 02 September 2015 02:15 PM

නින්දා ප්‍රශංසා හැමදේම ඉවසන්න පුරුදුවෙන්න ඕනෑ (නි)

:       0       0

නදීශා Thursday, 03 September 2015 04:23 AM

අදටත් යුද්ධයෙන් මිනිස්සු බැට කෑවා නම් අදටත් මිනිස්සු තේරුම් ගනීවි මහින්ද මහත්තයාගේ අගය. දැන් ඔය ලොකු කතා කියන කාටවත් බැරිවුණානේ යුද්ධය අවසන් කරන්න. (නි)

:       0       0

කැලණිය නීතා Thursday, 03 September 2015 04:37 AM

කලින් කලට එක එක වීරයෝ එළියට එනවා (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 02 September 2015 02:18 PM

කතාව ඇත්ත නම් ඒක කියන්න බය වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

අතුල Thursday, 03 September 2015 04:47 AM

ටොක්කකුත් ඇනලා කණත් මිරිකුවා නම් තමයි හොඳ!!! (නි)

:       0       0

ඉනෝකා Wednesday, 02 September 2015 02:25 PM

මහින්ද මහත්තයා මේවට සැළෙන්නේ නැහැ (නි)

:       0       0

ජනක පෙරේරා Wednesday, 02 September 2015 02:29 PM

යුද්දෙන් මිනිස්සු දහස් ගණනින් මැරෙනකොට නිශ්ශබ්දව හිටපු අය කියන දේවල් මිනිස්සු සත පහකට ගණන් ගන්නේ නැහැ (නි)

:       0       0

උමේශ් Thursday, 03 September 2015 04:56 AM

මහින්ද මහත්තයා කියන්නේ නොසැළෙන උදාර චරිතයක් (නි)

:       0       0

දර්ශන Wednesday, 02 September 2015 02:31 PM

ඕවායෙන් සැළෙනවා නම් ඔතනට එන්නේ නැහැනේ. (නි)

:       0       0

නිහාල් Wednesday, 02 September 2015 03:29 PM

විජේසුරියට අමතකවෙලා, එතන හිටපු සේරම දෙනා, ජනාධිපතිත් ඇතුළුව මහින්දගේ දුරකාලය දීර්ඝ කිරීමේ 18 සංශෝධනය අනුමතකල අයයි (අ)

:       0       0

නිහාල් Wednesday, 02 September 2015 03:47 PM

පක්ෂය වැටිලා තියෙන තත්ත්වය,මෙයාට වඩා උගත්,පැරණි සාමාජිකයකු එතන ඉදලම නැද්ද (අ)

:       0       0

නුවන් Thursday, 03 September 2015 05:54 AM

මහින්ද මහත්තයා ඔයවගේ කතා එදා ඇහුවෙත් නැහැ.අද අහන්නෙත් නැහැ.එයාට කාගෙවත් උපදෙස් ඕනෑත් නැහැ. හැබැයි ඇහුවා නම් ඔහොම වෙන්නෙත් නැහැ (නි)

:       0       0

විජිත Wednesday, 02 September 2015 04:38 PM

දැන් ලොකු කතා කියනවා. මමත් කොළඹ කැම්පස් ගිය කෙනෙක්. කලින් නම් කිසිම සද්දයක් තිබුනේ නැහැ. (නි)

:       0       0

දිමුතු Thursday, 03 September 2015 06:58 AM

අපිත් එයාගෙන් ඉගෙනගත්තා. කවුරුත් දන්නවා හැටි.අනිත් අයට අැඟිල්ල දික්කරන්න කලින් තම තමන් දිහා බැලුවා නම් හොඳයි නේද? (නි)

:       0       0

මොහ‍ොට්ටාල Wednesday, 02 September 2015 05:18 PM

එතුමා නොසැළෙන චරිතයක් කියලා අමතක වුණාද? (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 03 September 2015 07:00 AM

රජ මැදුරේත් අඟුපිලේත් හොඳින් නිදන, හැදී ගෑරුප්පුවෙන් මෙන්ම කෙහෙල් කොළෙත් කන්න දන්නා, දිනුවත් පැරදුනත් ඒ සියල්ල සම සේ සිතන, අනුන්ගේ ජයේදීත් සුබපැතුම් එක්කරන, හතුරුකම් කළ අයට වුව මුහණ දී සිනාවෙන අව්‍යාජ ලොව උතුම්ම නායකයා මම දකින .... (නි)

:       0       0

ප්‍රියා Thursday, 03 September 2015 07:03 AM

කවුරුත් බලය ඇතිදා සැළකුවට නැති දා මඩගහනවා. මොනවි වුණත් අපි අද නිදහසේ ඉන්නේ යුද්ධය අවසන් කළ නිසා. එහෙත් දැන් යුද්ධයක් තිබ්බද කියලත් කාටවත් මතක නැහැ. ඇත්තෙන්ම අපි ඔහුට ණයගැතියි. (නි)

:       0       0

සුරේෂ් Wednesday, 02 September 2015 06:10 PM

සෑම නිවසකම නගරයකම පිළිම තනා ගරුබුහුමන් කළත් කමක් නැහැ මහින්ද මැතිඳුන්ට. ඔහු සදා අමරණීය චරිතයක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 06:21 PM

ඉස්සර ඔහොම කතාවක් කළා නම්... (නි)

:       0       0

පෙරේරා Wednesday, 02 September 2015 06:40 PM

ඉනෝකා, විසිවෙලා ඉන්නකොට තව මොනවා සැළෙන්නද? (නි)

:       0       0

සුජීව(ජර්මනි ) Wednesday, 02 September 2015 06:44 PM

මෛත්‍රී, රනිල් යහපාලනය නිසා මහින්ද සහ එවක හිටපු පාලකයෝ සැලුනා. නැත්නම් බලන්න තිබුණා ඔවුන්ගේ දුර්දාන්ත දේශපාලනය! (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 02 September 2015 07:43 PM

ඕවායෙන් සැළෙනවා නම් ඔතනට එන්නේ නැහැ. (නි)

:       0       0

මෙල් Wednesday, 02 September 2015 09:40 PM

මහාචාර්යවරුන්ට පොතේ වැඩ මිසක් රටේ වැඩ බැහැනේ. ඒ අය දේශපාලනයට ආවොත් නිසැකයෙන්ම රට කාබාසිනියා වෙන්නේ ගින්නට පුළුන් දැම්මා වගේ (නි)

:       0       0

මාලික Wednesday, 02 September 2015 11:25 PM

ඔබතුමා වගේ අය මෙරටට සම්පතක් (නි)

:       0       0

පාල Wednesday, 02 September 2015 11:33 PM

මෙය එක අතකට පල නොකියා පලා බෙදීමක්. අනෙක් අතට ඉල්ලාගෙන කෑමක්. බලයට කෑදර වුණහම ලැජ්ජා වෙන්න වෙනවාමයි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 03 September 2015 12:23 AM

'යුද්ධය අවසන් වුයේ' කියන කියමනින්ම පක්ෂග්‍රාහීබවක් පෙන්වනවා. යුද්ධය අවසන් කළේ පසුව විරසක වුවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ජෙනරාල් සරත් ෆොන්සේකා යන සුසංයෝගය පිටිපසින් වූ අතිදක්ෂ යුධ සෙනෙවියන් රැසකගේ සහභාගිත්වයෙනි.අති පණ්ඩිතයෝ ඒ දණ්ඩෙන් නොගොස් ඇළට බැස එගොඩ වෙති. එහෙත් අමුඩය තෙමෙන බව නොදනිති (නි)

:       0       0

විකී Thursday, 03 September 2015 12:37 AM

අපි නොදන්න කට්ටිය! පිරුණු කළේ දිය නොසැළේ (නි)

:       0       0

අනුර Thursday, 03 September 2015 07:33 AM

රටක් වටිනා මේ රුහුණු පුතාට ,රට ගොඩගත් මේ විරුවාට පසුගිය දින වල මොනතරම් හොරා කියමින් නිගරු කළාද? (නි)

:       0       0

ඩෝසන් Thursday, 03 September 2015 12:51 AM

කමක් නැහැ. යුද්ධය ඉවර කළානේ. (නි)

:       0       0

රෝහණ Thursday, 03 September 2015 01:55 AM

මැතිවරණ කාලයට එක විදියක්.දැන් තව විදියක්. මේක තමයි දේශපාලනේ හැටි (නි)

:       0       0

නිරුල් Thursday, 03 September 2015 02:01 AM

මහින්ද තණ්හාවට කාලය දික්කර ගත්තේ නැහැ. එතුමා සොයාගෙන මිනිසුන් ගියා. (නි)

:       0       0

ජයාත් Thursday, 03 September 2015 02:27 AM

ඔව් නිරුල්, පහුගිය මැතිවරණයේදී පුදුම ජන ගංගාවක් එතුමා සොයාගෙන ගිය නොවැ (නි)

:       0       0

නිශාන්ත Wednesday, 02 September 2015 12:09 PM

එතුමා මේ ප්‍රකාශයෙන් අපහසුතාවයට පත්වුණා වෙන්නත් පුළුවන් (නි)

:       0       0

සෙනරත් Thursday, 03 September 2015 08:09 AM

අතුල වගේ කෙළෙහිගුණ නොදන්නා අය ඔහොම තමයි හිතන්නේ. අවුරුද්දක් දෙකක් යනකොට තේරේවි මහින්ද මහතාගේ වටිනාකම. අද බය නැතුව පාරේ යන්නේ එතුමා 2005 සිට රටේ නායකයා වුණු නිසා. අද වුණත් මහින්ද කාගෙන්වත් ටොකු කන්නේ නැහැ. ඇත්තටම ටොක්කක් ඇන්නොත් ප්‍රතිචාරය බලාගන්න පුළුවන්. අපි ඒක මුල්කිරිගල ඡන්දෙදි වගේම 1994 දකුණු පළාත් සභා ඡන්දෙදිත් දැක්කා. අසාධාරණයට විරුද්ධව නැඟීසිටි නියම නායකයෙක්. (නි)

:       0       0

වික්‍රම Wednesday, 02 September 2015 12:43 PM

ඇත්ත කතාව (නි)

:       0       0

චන්ද්‍රිකා Wednesday, 02 September 2015 12:58 PM

කොහොමද බලන්න ඒකෙත් හැටි... (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 03 September 2015 03:07 AM

විජේසුරිය මහත්තයගේ මේ වදන් අපිට අරුමයක් නෙමෙයි.හැමෝටම වගේ පෙනෙන විනාශය මහාචාර්යතුමා දැකලා නැහැ වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site