IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘මුහුදෙන් එන හොර මත්ද්‍රව්‍ය අඩුවෙලා‘

ජනපති ඇති කළ මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක බලකාය මගින් කරමින් යන කටයුතු නිසා මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ අඩුවක් ඇතැයි නාවික හමුදාපති වයිස්  අද්මිරාල් රවීන්ද්‍ර ශ්‍රි විජයගුණවර්ධන මහතා අද (20) මහනුවරදී මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමෙන් පසු මධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නාවික හමුදාවේ බුද්ධි නිලධාරින් ද නෞකා  හා යාත්‍රා යොදවා තිබිම නිසා මත්ද්‍රව්‍ය මෙරටට ගෙනඒම අඩු වි ඇති අතර මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක බලකාය මගින් කරගෙන යන වැඩ පිළිවෙළේ විශාල ප්‍රගතියක් ඇති බවද හමුදාපති වරයා කීවේය.

විශාල නෞකා දිනෙන් දින මෙරටට වැඩි වශයෙන් පැමිණෙන බවත් ඒ රටේ ඇති වි ඇති යහපත් තත්වය ජාත්‍යන්තර රටවල් පිළිගන්නා නිසා බවත් ගිය ජූනි මස සිට යාත්‍රා  25 ක් පැමිණි බවත් ඉදිරි මාස දෙකේ විශාල යාත්‍රා 8 ක් පමණ පැමිණීමට නියමිත බවත් හමුදාපතිවරයා කීය.

LAnavy_2016128 LA-navy_20161282



අදහස් (0)

‘මුහුදෙන් එන හොර මත්ද්‍රව්‍ය අඩුවෙලා‘

දුමින්ද Thursday, 28 January 2016 01:12 PM

එහොනම් ගොඩක් වටිනවා.(හේ)

:       0       0

රුචිර Thursday, 28 January 2016 01:42 PM

අහු වුනාට ඒ දේවල් වලට වෙන්නේ මොනවද කියලා දන්නේ නෑනේ.(හේ)

:       0       0

වීරසිංහ Thursday, 28 January 2016 02:22 PM

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර ශ්‍රි විජයගුණවර්ධන මහතා දක්ෂ නාවික නිලධාරියෙක් ඔහුගේ වසර 36 කාලයතුල නිර්භීතව වැඩ කළා. මට ඔහු සමග කාලයක් නාවික හමුදාවේ වැඩ කරන්න ලැබුන. ඒ නිසා මම දන්නවා ඔහුට වැඩක් බාරදුන්නොත් එ්ක අකුරටම කරනවා. ඔහු දන්නවා කොහෙන්ද මත් ද්‍රව්‍ය ලංකාවට එන්නේ කියල (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site