(ඩයනා උදයංගනී)
මහජනතාව එක් රැස් වන පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට ගෙන ඇති තීරණය ඉවත් කරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇතත්, ලොව සෙසු රටවලින් තවමත් කොරෝනා නව ප්‍රභේද වාර්තා වන නිසා එම රෝගයෙන් ආරක්ෂාවීමට මහජනතාවට තවදුරටත් උපදෙස් දිය යුතු බව එම සංගමය පවසයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ සහ ලේකම් විශේෂඥ වෛද්‍ය කේ.ඥාණසේකරම් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් ය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුහුණු ආවරණ ගැන ගත් තීරණය ඉවත් කරගන්න
ashok Wednesday, 20 April 2022 05:56 AM
කොවිඩ් වැඩිකරගන්න හිතිලා වගේ... එතකොට උද්ඝෝෂණවලට වැට බඳින්න ලේසියිනේ... මෙහෙම රටක්..?
රණසිංහ Wednesday, 20 April 2022 06:37 AM
මෙම සංගමය පාලනය කරන්නේ ජවිපෙ විසිනි..
Rakitha Wednesday, 20 April 2022 08:44 AM
උද්ඝෝෂණවල කට්ටිය මාස්ක් දාගෙන නැහැ. ඒක ගැන නිවේදනයක් දොස්තරලාට නිකුත් කරන්න බැරිද? එතැන තමයි මිනිස්සු ගොඩක් රැස්වෙන්නේ...
Anta Wednesday, 20 April 2022 09:48 AM
ගෝල්ෆේස් පිටියේ සිටින අයවලුන්ගේ මුහුණ හදුනාගන්න ගත් තීරණයක්.
Gataya Wednesday, 20 April 2022 10:37 AM
මේවා රජයේ ගුන්ඩු අහුවෙන්න ඒපා. මාස්ක් නැතිව හිටියාම උන්ට මිනිස්සු අදුරගන්න පුලුවන්.. පස්සේ උද්ඝෝෂනය කරපු උන්ට හදුනා ගැනීමේ පෙරට්ටු තියලා නීතිය කියත්මක කරාවි..
ssumith Wednesday, 20 April 2022 10:41 AM
තවත් ජයග්‍රාහී පියවරක්
ප්‍රේමරත්න Wednesday, 20 April 2022 11:55 AM
මාස්ක් දාන්න එපා කියලා නීතියක් ගෙනාවේ නැහැනේ...!
sharm warn Wednesday, 20 April 2022 03:13 PM
අපි නම් මුහුණු ආවරණ දිගටම දානවා. මෙයාලාට මුලදිම කියද්දිත් ලංකාවට ඕනෑ නැහැ කියාගෙන හිටියා. අන්තිමේ කෙළ වුණාට පස්සේ තමයි මහලොකුවට උඩපැනගෙන ආවේ මාස්ක් දාන්න කියලා. මෙයාලගේ කතා පිළිගන්න එපා. කියන්නේ එකක්. කරන්න හදන්නේ එකක්...
පිටිගල මිලානෝ Wednesday, 20 April 2022 03:33 PM
කෝවිඩ් රැල්ලක් හදලා ජන උද්ඝෝෂණ සීමා කරන්නයි යන්නේ. ඕවට අහුවෙන්න එපා...