IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මිහිකත රූ රැජින පැළ සිටුවයි

"සොබාදම් බළකායේ කොටස්කරුවෙකු වන බවට මම අද දිනයේ ප‍්‍රතිඥා දෙමි. මම මාගේ පවුලට, මිතුරන්ට මෙන් මාතෘභූමියේ ඇති සියලුම ගහකොළට ආදරය කරමි, රැකබලා ගනිමි, ගෞරව කරමි. ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමි. මා සොබාදම් බළකායේ විරුවෙකු වීම ගැන ආඩම්බර වන අතර, මම මාගේ සම්පූර්ණ ජීවිත කාලය තුළම මේ ප‍්‍රතිඥාව රැකීමට දිවුරා පොරොන්දු වෙමි."

20160829Eart-01ඉහත පරිසර ප්‍රතිඥාව ලබාදෙමින් ඇරඹි 'මනුසත් දෙරණ' ප‍්‍රජා සත්කාරක සේවාව විසින් සංවිධානය කරනු ලැබූ පැළ ලක්ෂ 10ක් සිටුවීමේ වැඩසටහන සඳහා 2015 මිහිකත රූ රැජින තරගයේ තෙවන ස්ථානයට පත් අමෙරිකානු ජාතික බ්‍රිට්නි පෙයෙන් ද, ඇංජලියා ඔන්ග් සමග මෙම වැඩසටහනෙහි සමාරම්භක උලෙළට එක්වූ අතර, මනුසත් දෙරණ රුක් රෝපණ වැඩසටහන පසුගිය දා දෙහිවල නැදිමාල ශ්‍රී මහා විහාරයේදී පැවැත්විණි. 

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, කලාපීය කමිටු සාමාජික නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු,  දෙරණ ටීවී සභාපති දිලිත් ජයවීර, නාළිකා ප්‍රධානී ලක්සිරි වික්‍රමගේ, අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා, මනුසත් දෙරණ ව්‍යාපෘති සභාපති මහේෂ් ජයවර්ධන සහභාගි වූහ. කොළඹ ආනන්ද විද්‍යාලය, 38වැනි කොළඹ, කිරිබත්ගොඩ විහාරමාහා දේවි බාලිකා විද්‍යාලය, කුරුණෑගල වුඩ්ලන්ඩ් මානවක සමාජය, වත්තල ජා-ඇල දිසාවේ බාලදක්ෂයන් සියයකට ආසන්න පිරිසක්ද මෙම අවස්තාවට සහභාගි වූහ. පැළයක් සිටුවා එය රැක බලා ගැනීමෙන් මනුසත් දෙරණ ක්‍රියාන්විතයට ඔබටත් දායකවිය හැක.

මෙම ව්‍යාපෘතියේ සොබාදහම හැඩකළ මුද්‍රිත මාධ්‍ය ලෙස විජය බාලදක්ෂ කඳවුර සමගින් 'Scouting' සඟරාව අත්වැල් බැඳගන්නා ලදී. 

20160829Eart-02 20160829Eart-03 20160829Eart-04 20160829Eart-05 20160829Eart-06

ඡායාරූප සහ සටහන - චමින්ද වාරියප්පෙරුම
 



අදහස් (2)

මිහිකත රූ රැජින පැළ සිටුවයි

චමින්ද වික්‍රමසිංහ Tuesday, 30 August 2016 11:19 AM

අනාගත පරපුර වෙනුවෙන් මහිකත සුරුකිම වෙනුවෙන් කළ විශිෂ්ට වැඩසටහනකි.(ම)

:       0       16

samantha kumara Wednesday, 17 May 2017 01:47 PM

ගොඩක් හොද ක්‍රියාවක් ' අපේ ගමෙත් ලොකු පරිසර විනාසයක් වෙනවා එක නතර කරමුද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site