IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාස දහයට ඝාතන 435ක්

(ඩයනා උදයංගනී)

මෙම වසරේ සැප්තැම්බර් 30 දක්වා ගතවූ කාලයේ දී මෙරට මනුෂ්‍ය ඝාතන 435ක් සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඉකුත් 2021 වසරේදී මෙරට මනුෂ්‍ය ඝාතන 521ක් සිදුව තිබෙන බව ද  ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙය ඉතා විශාල ජීවිත සංඛ්‍යාවක් බව කී ඇමතිවරයා සෑම පුරවැසියකුටම ගෞරවාන්විත මරණයක් හිමිවිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව ද කීවේය.

මෙම අපරාධකරුවන් පිළිබඳ සාක්ෂි මරණ පරීක්‍ෂණවලින් ලැබෙන බවත්, මරණ පරීක්‍ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් දැනට පවතින නීති ක්‍රියා පටිපාටි සහ භාවිතයන් පිළිබඳ සුදුසු සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවත් ඇමතිවරයා පැවසීය.

එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා අපරාධ නඩුවිධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට පියවර ගැනීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. 



අදහස් (2)

මාස දහයට ඝාතන 435ක්

sena Wednesday, 26 October 2022 12:48 PM

සර් පොලිසියේ මහත්වරුන්ට එයාලගේ ජොබ් එක කරන්න දෙන්න. අරගල කාරයින් පස්සෙන් පිස්සු බල්ලන් වගේ එළවන්න ගියාම රටේ නීතිය බල්ලට යනවා.

:       2       2

ganegoda Wednesday, 26 October 2022 01:37 PM

රස්තියාදු කාරයෝ, පාලකයන්ට කුලියට මිනීමරණ කොට රටකට මෙහෙම වෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site