IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මස් කඩ වහන නීතිය මාතලේට නෑ

සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යපාරයේ කැඳවුම්කරු, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ආදාහනය සිදුවන අද (12) ජාතික ශෝක දිනයක් ලෙස නම් කර සියලු සුරාසල් හා මස් මාළු වෙළඳසල් වසා තබන ලෙස රජය නියෝග කළත් වෙළද සල් කිහිපයක් විවෘතව තැබිණි.

මාතලේ මහ නගරාධිපති හිල්මි කරීම්  මහතා ප්‍රකාශ කළේ ‘එහෙම දෙයක් මාතලේ වුණානම් මම කණගාටු වෙනවා. මෙවැනි දේවල් නොවිමට නාගරික කොමසාරිස් දැනගත යුතුයි‘ යනුවෙනි.

12233259_10205320151112005545_1243684835_n 12243682_10205201511125552_1657298085_n 12243682_1020539130201511122_1657298085_n



අදහස් (0)

මස් කඩ වහන නීතිය මාතලේට නෑ

ලක්ෂ්මන් Friday, 13 November 2015 03:33 AM

ලංකාදීපයට ගොඩක් ස්තූතියි මේ තොරතුරු අපිට ලබාදීම ගැන (නි)

:       0       0

අනිල් Thursday, 12 November 2015 12:20 PM

රජයේ නියෝගයට පිටුපැවා එහෙනම්? ස්තුතියි ලංකාදීපයේ මාධ්‍ය මෙහෙවරට. මන්ද ඡායාරූප සමඟම මේ පුවත පළකළාට. (නි)

:       0       0

ජයවිර Friday, 13 November 2015 04:07 AM

අපේ හාමුදුරුවෝ හිටියනම් ඉස්සෙල්ලම බනින්නේ කඩ වහන්න කිවුව එකට. සාධාරණ සමාජයක මිනිස්සුන්ට වෙළදාමක් කරගෙන එදා වෙලා හොයාගන්න දෙන්න ඕන නැද්ද? අරක්කු වුණත් බොන එකාට බොන්න නිදහස තියෙන්න ඕන නැද්ද? සාධාරණ සමාජය කියන්නේ එක නේද? (ම)

:       0       0

දිලිප් Thursday, 12 November 2015 12:27 PM

මොවූන්ට දඩුවම් කරන්න ඕන... (ර)

:       0       0

දිලුපා Friday, 13 November 2015 04:21 AM

භද්‍රානි නම් මාළු කන්න ආසයි වගේ (නි)

:       0       0

නිශාන්ත Friday, 13 November 2015 04:40 AM

ජයවීර සාධාරණ සමාජය කියන්නේ තමන්ට කැමති හැමදේම කරන්න ඉඩ දෙන එක නෙවෙයි. (ම)

:       0       0

දිලිප් Thursday, 12 November 2015 01:13 PM

සියල්ලන්ම එක සේ නොවන බව මෙයින්ම ප්‍රත්‍යක්ෂ වේ. (නි)

:       0       0

කල්පගේ Thursday, 12 November 2015 01:24 PM

ඇයි මේ මිනිස්සු මෙහෙම කටයුතු කරන්නේ? (නි)

:       0       0

පරණවීර Thursday, 12 November 2015 01:45 PM

මාතලේ තියෙන්නේ ලංකාවේ නොවේද . කරුණාකර නිතිය ක්‍රියාත්මක කරන්න. මෙවන් මෙය ඉතා බරපතල වරදකි. (බ)

:       0       0

චන්දන Friday, 13 November 2015 05:54 AM

ජයවීරලා තව දහයක් හිටියනම් හොඳටම ඇති අපේ රට සමාජය වලපල්ලට යන්න. (ස)

:       0       0

ප්‍රභාත් කුලතුංග Thursday, 12 November 2015 02:38 PM

ඇයි අපේ මිනිස්සු මේ දේවල් වලට නිහඬ? (නි)

:       0       0

පියුමි Thursday, 12 November 2015 02:46 PM

මොවුන්ගේ බලපත්‍රය අවලංගු කරන්න කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

පරාක්‍රම Thursday, 12 November 2015 02:44 PM

මෙවැන්නන් විනයගරුක පුරවැසියන් බවට පත්කළ හැක්කේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමෙනි. අඩපණ ක්‍රමවේදයන් යළි පණගන්වා, සමාජයට බෙහෙවින් බලපාන, අපහසුතා ඇතිකරන නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම මඟින් නීතිගරුක සමාජයක් පිළිබඳ බහුතර ජනතාවගේත්, අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේත් අභිලාෂයන්ගෙන් සුළු ප්‍රමාණයක් හෝ මුදුන්පත් කරගත හැකිබව පෙනේ. (නි)

:       0       0

භද්‍රානි Thursday, 12 November 2015 03:28 PM

අරක්කු තැබෑරුම් හා මස් කඩ ගැන නම් මම මුකුත් කියන්නේ නැහැ. එදිනෙදා වෙලා හොයාගෙන කන ධිවරයින්ට අල්ලාගෙන ආපු මාළු ටික අලෙවි කර ගන්න බැරි උනානම් වෙන්නේ ළමයින්ට බඩගින්නේ ඉන්න තමයි. මෝඩයින්ව සතුටු කරවන නීති වෙනුවට මිනිසුන්ව යහමගට ගන්න පුළුවන් සැම දාටම ක්‍රියාත්මක වෙන නීති පැනෙව්වොත් ජනතාව එම නීති පිළිපදිවි. ගරු සෝභිත හිමියන් සාධාරණ සමාජයක් ගොඩ නගන්න වෙහෙසුනා මිසක්, උන්වහන්සේට සමාජයෙන් සාධාරණයක් තම හට කර ගන්න උත්සහ කළේ නැහැ කවදාවත්..උන්වහන්සේ බොරු දේවල් කවදත් ප්‍රතික්ෂේප කළා. (බ)

:       0       0

රවී Thursday, 12 November 2015 03:54 PM

මාලු කඩ නම් පානදුරත් ඇරලා තිබුනා (හේ)

:       0       0

සිසිර Thursday, 12 November 2015 07:02 PM

අරක්කු තැබෑරුම් හා මස් කඩ ගැන නම් මම මුකුත් කියන්නේ නැහැ. (ර)

:       0       0

සදහම් Thursday, 12 November 2015 07:18 PM

භද්‍රානිගේ අදහසට මමත් එකඟයි (නි)

:       0       0

විජේසුන්දර Thursday, 12 November 2015 08:04 PM

මෙහෙම මිනිස්සුත් අපි අතර ඉන්නවනේ? (නි)

:       0       0

ලංකාශ්‍රී Friday, 13 November 2015 09:01 AM

අනේ මෙහෙමත් මෝඩ අදහස් දාන මිනිස්සු. අපි නම් හැමදාම මස් නොකා ඉන්නවා. තව අයෙකුට එක දවසක් නොකා ඉන්න බෑ. මේ ඉතින් පව්කාරකම මිසක් වෙන මොකක්ද. (ස)

:       0       0

ප්‍රභාත් Thursday, 12 November 2015 10:06 PM

මේ මිනිස්සු ගැන මට නම් ඇතිවෙන්නේ පුදුමාකාර කළකිරීමක් (නි)

:       0       0

ලක්විදු Friday, 13 November 2015 09:19 AM

කරුණාකරලා හොයල බලන්න පාර්ලිමේන්තු ආපන ශාලාවේ මස්මාලු ඉව්වේ නැද්ද කියල? (ස)

:       0       0

සංචිත Friday, 13 November 2015 09:38 AM

කොටිකාවත්ත කීල්ස් එකත් මාළු විකුණුව .... කුකුල්ලු නම් රෙද්දකින් වහල තිබ්බ. (ස)

:       0       0

ගාමිනි Friday, 13 November 2015 02:12 AM

එක දවසකට මස් මාළු නොකා, රහමෙර නොබී ඉන්ට බැරි මිනිස්සු?(රේ)

:       0       0

රුවන් Friday, 13 November 2015 02:39 AM

බඩු ගන්නත් කට්ටිය ඇවිල්ලා ඉන්නේ... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 13 November 2015 02:37 AM

ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ හදිසි අභාවය සිදුවූ දවසේ අපේ රටේ සමහර මිනිස්සු හැසුරුණු සහ කරන ලද ක්‍රියා මතක්වුණා මට. එහෙම මිනිසුන් සිටින රටක මෙහෙම වුණ එක පුදුමයක් නොවෙයි. (නි)

:       0       0

විපුල Friday, 13 November 2015 03:05 AM

එතකොට මේ කඩවලට ගිහින් මස් මාළු ගත්ත මිනිස්සුන්ගේ තහනම් කරන්නේ මොන බලපත්‍රය ද ? (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site