IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාස එක හමාරකට පසු සිසිලියාට ඇප

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ  අධ්‍යක්ෂවරියක වන   සිසිලියා කොතලාවල මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

ඇගේ විදෙස් ගමන් බලපත්‍රය තවදුරටත් අධිකරණයේ තබා ගන්නා ලෙස ද නියෝග කැරිණි.

කොළඹ මහාධිකරණයෙන් ඇප ප්‍රතික්ෂේප වූ පසු අභියාචනාධිකරණයේ ඇය විසින් ගොනු කැරුණු පෙත්සම රෝහිනී වල්ගම හා ඒ ආර් බී දෙහිදෙනිය  යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද කැඳවිණි.

විවිධ රෝගාබාධ රැසකින් පීඩා විඳින තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙන ලද නියෝගය බලරහිත කොට , සුදුසු කොන්දේසි මත නිදහස් කරන්නැයි ඉල්ලා සිසිලි කොතලාවල මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වන්නේ නීතිපතිවරයාය.

වයස අවුරුදු 74ක් වන තමා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කලද තමන් එම සමාගමේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ නොවූ බවද පෙත්සම්කාරිය කියා සිටින්නීය.

රෝගිබාධ රැසකින් පීඩා විඳි තම සැමියා වන ලලිත් කොතලාවල මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුව බලා යාමට සැලසුම් කළ අතර ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ඇතිවූ මූල්‍ය අර්බුදය හේතුවෙන් ලලිත් කොතලාවල මහතා මෙරට නැවතී සිටිය බවද පෙත්සමේ සඳහන් වේ.

ඒ අනුව් මුලින් සැලසුම් කළ පරිදි තමන් 2008 දෙසැම්බර් 31 වැනිදා සිංගප්පූරුව බලා ගිය බවත්,එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වූ බව සඳහන් කරන පෙත්සම්කාරිය වැඩිදුරටත් සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ විදෙස් රටකට නොයා සිටීමට තරම් විදෙස් ගමන් තහනමක් හෝ අධිකරණයකින් තමන්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමක් කර නොතිබූ බවයි.

මේ අතර පෙත්සම්කාරිය ඇගේ සැමියා ඇතුළු ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පැවරූ බවත් පෙන්වා දෙන පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන් මෙරටින් පිටවී සිටි බැවින් නඩුවට අදාළව නීතීඥවරයෙකු හෝ ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවය.එම නඩුවේ සියලූ විත්තිකරුවන් සියුල දෙනාම ඇප මත මුදාහැරිය බවත් පෙත්සමේ සඳහන් වේ.

ලංකාවේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන මුණ ගැසීම සඳහා ඉතුත් පෙබරවාරි 04 වැනිදා තමා මෙරටට පැමි‚ බවත්,එහිදී ආගමන විගමන නිලධාරීන් විසින් තමා අත්අඩංගුවට ගෙන පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ට බාර දුන් බවද සඳහන් වේ.ශාරීරික හා මානසික රෝගී තත්ත්වයෙන් පීඩා විඳි තමා පසුව පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ වු බවද ඇය කියා සිටින්නීය.නමුත්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන් තමන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරයට පත් කළ බවත්, පසුව ඇප ඉල්ලා අයැදුම් පතක් මහාධිකරණය හමුවේ ගොනු කළඳ තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝග කළ බවද පෙත්සම්කාරිය කියා සිටින්නීය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාද, පෙත්සම්කාරිය වෙනුවෙන් නීතීඥ සනත් විෙජ්වර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ,සාලිය පීරිස් සහ සුගත් කල්දේරා යන නීතීඥවරුන් පෙනී සිටියහ.



අදහස් (0)

මාස එක හමාරකට පසු සිසිලියාට ඇප

වෙදගේ Thursday, 24 March 2016 08:56 AM

කුමාර් ගුණරත්නම් ට ඇප නොදෙන්නේ ඇයි ? (ම)

:       0       0

සිල්වා බර්ලින් Thursday, 24 March 2016 09:12 AM

දැන් කරන්න තිබෙන්නේ මොවුන් හිර කිරීම නොව මොවුන්ට මොවුන්ගේ ව්‍යාපාර ඉදිරියට කරගෙන යාමට ඉඩදී , තැන්පත්කරුවන්ගේ මුදල් පොලියත් සමග මොවුන්ගෙන් අය කරගෙන තැන්පත් කරුවන්ට ලබාදීමය (බ)

:       0       0

ජයන්ත දසනායක Thursday, 24 March 2016 10:27 AM

බෙර්ලින් සිල්වා හරියටම හරි. ව්‍යාපාර දියුනුකරලා මිනිස්සුන්ගෙන් නිදහස් වෙන්න. (ර)

:       0       0

නාලිකා Thursday, 24 March 2016 11:37 AM

එතුමිය දිරිය කතක්. (ර)

:       0       0

කල්හාරි Thursday, 24 March 2016 06:34 AM

අභියාචනාධිකරණ තීන්දුව ඉතාමත් සාධාරණය. උසාවියට අපහාස කරන, අලි හොරකම් කරන අයව නිදහස් කරන මහාධිකරණය සිසිලියා කොතලාවල මහත්මියට ඇප නොදුන්නේ මන්ද? (බ)

:       0       0

බස්නායක Thursday, 24 March 2016 06:38 AM

අයියෝ මේ බබෙක්ව නේ මෙයා අල්ලන් තියෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site