IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මේසන් බාස්ගේ අනියම් බිරියල ගේ බෙල්ල කැපූ බිරිය රිමාන්ඩ්

(කේ බුද්ධික කුමාරසිරි)

මීගොඩ වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ දී කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද දින නියෝග කළාය.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ පනාමුර වලව්වත්ත ලිපිනයේ පදිංචි කරුවන් වන පිටවල මානනලාගේ දිල්රාජ් කුමාර මුණසිංහ (40) සහ පිටවල මානනලාගේ නිල්මිණි ප්‍රියංකා (44) නැමැති එකම පවුලේ සහෝදරිය සහ සහෝදරයා වේ.

රක්ෂිත බන්ධනාගාර ගත කල සැකකරු යුධ හමුදාවෙන් පලා ගොස් සිටින පුද්ගලයකු බවද මීගොඩ පොලිසිය  අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේය .

එම සැකකාරිය ගේ පෙර විවාහයේ දික්කාසදව සිටි සැමියාගේ අනියම් බිරිය බව කියන වලස්මුල්ල කටුවන අළුපොත්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන කන්දෙ ගමගේ ඩිංගි මැණිකේ (52) යන අය මීගොඩ වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක තනිව සිටියදී තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනයට ලක් කර තිබුණි.

 



අදහස් (3)

මේසන් බාස්ගේ අනියම් බිරියල ගේ බෙල්ල කැපූ බිරිය රිමාන්ඩ්

මංගලිකා Wednesday, 10 May 2023 08:06 PM

මේ රට ප්‍රධාන යයි කියන පුවත්පත්වල භාෂා විලාශය, මියගිය මනුෂ්‍යකු සහ ඒ පවුලේ අයගේ ආත්ම ගෞරවය කිසි ලෙසකින් නොසිතන මාධ්‍ය සදාචාරය බලන විට මෙවැනි දේ බලා සිටින කියවන අය මනුෂ්‍යයින් වෙන්න බෑ. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ ...

:       0       0

Bunny Preena Thursday, 11 May 2023 11:14 AM

දික්කසාද උනාටත් පස්සේ මෙවැනි දේවල් කරනවා කියන්නේ ඝාතන්යා කරන ලද කාන්තාව සමග තද බල වයිරයකින් සැකකාරිය සිට ඇති බවයි .එයට උදවු කල මෝඩ ගොන් සහෝදරයාත් අමාරුවේ .යන යකා කොරහේ බිඳගෙන යනවායි කියලා කතාවකුත් තියනවනේ

:       0       0

නිහාල් Thursday, 11 May 2023 12:04 PM

ප්‍රවෘත්ති පළකිරීමේදී ටිකක්වත් ශිෂ්ට වෙන්න බලන්න. ගෙදර දොරේ කතාකරලා පුරුදු විදියට ප්‍රවෘත්ති දාන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site