
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නිසි ලෙස මව් කිරි නොලැබිමේන් රැලෙන් ඈත්වි තෘණ පමණක් ආහාරයට ගෙන මන්දපෝෂණ තත්වයෙන් පසුවු අවුරුදු දෙකක පමණ කුඩා අලි පැටවකු නවගත්තේගම කුරුකැටියාව වෙල්යායෙ ප්‍රතිකාර ලබමින් සිටියදි මරණයට පත්වු බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පැවසයි.
කුරුකැටියාව කුඹුරු යායට ආසන්නයෙ කැළැවක අසාධ්‍යව වැටි සිටියදී ප්‍රදේශවාසින් විසින් නවගත්තේගම වනජීවි නිළධාරින් දැනුවත් කිරීමේන් පසු පැමිණ වනජීවි පශු වෛද්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව වනජීවි පශු වෛද්‍යවරයා පැමිණ ප්‍රතිකාර ආරම්භ කිරීම සිදුව තිබුණි.නමුත් අලි පැටවා ඒ වනවිටත් ඉතා අසාධ්‍යව සිටිමත් සමග ප්‍රතිකාර ලබා දීම පවා නොහැකි තත්වයක් මතුව තිබු බව වනජීවි නිළධාරින් පවසයි.
වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසා සිටියේ මෙම අලි පැටවාට තම මව් කෙනෙරගෙන් මාස කිපයක් පමණක් මව්කිරී ලැබි ඇති බවයි.
ඉන් පසුව කුමන හේතුවක් මත මව් කෙනෙරගෙන් හා රැලෙන් මගහැරි ඇති බවත් ඉන් පසුව මෙම අලි පැටවා තනිව හෝ තවත් අලි රැලක් සමග සිටින්නට ඇති නමුත් මව් කිරී නිසි ලෙස නොලැබිමේන් පසු වසරකට වැඩි කාලයක් තෘණ පමනක් ආහාරයට ගෙන ඇති බවයි.
අලි පැටවකුට අඩුම තරමින් වසර පහකට ආසන්න කාලයක් මව් කිරී ඌරා බිම සිදුවිය යුතු බවත් මව් කිරී හා තෘණ වර්ග දෙකම ආහාරයට ගැනිම ගැටළුවක් නොමැති නමුත් කුඩා අලි පැටවකුට වර්ධනයට උවමනා මව් කිරී නොමැතිවිම මත අලි පැටවාගේ වර්ධනය බාල වී මන්දපෝෂණ තත්වයක් ඇතිවි ශරිරය වැහැරි යාම සිදුවන බව වනජීවි පශු වෛද්‍යවරයා පවසයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මව් කිරි නැතිව අලිපැටියා අවසන් ගමන් යයි