IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මෙවර ස්වර්ණ පුස්තක සම්මානය කැමීලියා නවකතාවට

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත්  සංවිධානය  කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී  වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිණි තෙන්නකෝන්ගේ කැමීලියා කෘතියට හිමිවිය.

එම සම්මානය සමඟ ඇයට මුදලින් රුපියල් ලක්ෂ අට හමාරක ත්‍යාග මුදලක් ද පිරිනැමිණි.

මෙම උත්සවය අද(14)සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
 
මෙහිදී අවසන්  වටයට නිර්දේශ වූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය, එරික් ඉලයප්පආරච්චිගේ තිවංක කතාව,,මලිත් තුසිත ගුණරත්නගේ සිල්වර් ට්‍රිප්ස්, ලියනගේ අමරකීර්තිගේ කැළලිකාරයෝ යන නවකතා සඳහා රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් සමඟ සහතිකපත් පිරිනැමිණි.

මෙම නවකතා ප්‍රකාශයට පත් කළ සරසවි , සන්ථව, ගොඩගේ, විදර්ශන සහ සූරිය යන ප්‍රකාශන ආයතන වලට ඇගයීමේ සම්මාන ප්‍රදානය කෙරිණි.

සම්මාන ප්‍රදානය හිටපු මහා කොමසාරිස්වරයකු වන මහාචාර්ය  සසංක පෙරේරා සමග ශ්‍රී ලංකා  පොත් ප්‍රකාශකයින්  සංගමයේ හිටපු සභාපතිවරු   අතින් සිදු කෙරිණි .

(ඡායාරූප ගයාන් අමරසේකර)



අදහස් (2)

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය කැමීලියා නවකතාවට

මැක්ස් Sunday, 15 September 2024 12:38 AM

සුබ පැතුම්! මැයි මාර ප්‍රසංගයටත්. ලියනගේ අමරකීර්ති වැනි දැඩි ලෙස දේශපාලනීකරණය වූ අය හැලුණු එකත් සුබයි

:       0       0

anuranga Sunday, 15 September 2024 01:42 PM

මගේ දහම් පාසැල් මිතුරිය, ඔබට සුබපැතුම්.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site