IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මව්බිම රනින් හැඩ කළ තෙහස් දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

අවුරුදු නවයෙන් පහල ලෝක චෙස් ශූරතාව දිනූ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙහස් කිරින්ඩො සිසුවා අද සිය රන්පදක්කමද රැගෙන දිවයිනට පැමිණියේය.

ග්‍රීසියේ රෝඩ්ස් නුවර පැවති ලෝක පාසල් චෙස් තරගාවලිය - 2023 සදහා වයස අවුරුදු 09 න් පහළ අංශයෙන් තරග කළ තෙහස් කිරින්ගොඩ එම අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.

මෙම තරගාවලිය සදහා රටවල් 24 ක ක්‍රීඩකයන් 61 දෙනෙක් සහභාගී වූහ.

ඔහු පිළිගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග , ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ සභාපති සේනක සමරතුංග, කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පති නුවන් ප්‍රියන්ත ඇතුළු එම පාසලේ මාපියන් සහ සිසු දරුවන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

තෙහස් කිරින්ගොඩ සිසුවා මාධ්‍යයට අදහස් දක්වමින් තමන් ඉදිරියේදී ග්‍රෑන්ඩ් මාස්ටර් (Grand Master) තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට අපේක්ෂා කරන බව පැවසීය.



අදහස් (4)

මව්බිම රනින් හැඩ කළ තෙහස් දිවයිනට

SUNIL MILANO Monday, 24 April 2023 07:38 PM

පුතේ නුඹට සුබම සුබ අනාගතයකට සුබාශිංසනය කරන අතර ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවායි පතමි.

:       0       61

නිමල් Monday, 24 April 2023 09:18 PM

ඔබ නම් ජගතෙක් තෙහස්. ඔබට ජයෙන් ජය!

:       0       3

ආනන්ද Monday, 24 April 2023 09:23 PM

සුභ පැතුම් පුතා. බුදු සරණයි ඔයාට

:       0       4

LGPJ Tuesday, 25 April 2023 07:17 AM

ආදරණීය පුතේ. මගේ හද පිරි සුභ පැතුම් සමඟින් ඔබට දීර්ඝායුෂ ලැබේවා.! !!!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site