IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාවනැල්ල සභාපති ඉවතට

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ රංකොත් පේඩිගේ නොයෙල් දසන්ත ස්ටීවන් මහතාගේ ධූරය 2023 පෙබරවාරී මස 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් තාවකාලිකව අත් හිටුවනු ලැබීය.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව  2023/02/14 දින අංක 2319/38 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ධූරය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

1989 අංක 12 දරණ පළාත් සභා (ආනුෂංගික විධි විධාන) පනතේ දෙවන වගන්තිය සමඟ කියවිය යුතු සහ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 185 (3) (අ) (i) වගන්තිය යටතේ සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙය ක්‍රියාත්මක කර ඇත.

එම පනතේ ඉහත වගන්තිය ප්‍රකාරව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සදහා එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ කෝරලේ ගෙදර පියතිස්ස මහතා පත් කර ඇත.

 



අදහස් (0)

මාවනැල්ල සභාපති ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site