IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


මාවිත්තර ගින්න පැතිරේ

පිළියන්දල මාවිත්තර ප්ලාස්ටික් කම්හලේ ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවන ඒකකයට අමතරව කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  මහ නගර සභා ගිනි නිවන අංශ එහි ගොස් සිටි.

කම්හල අවට වැසියෝ ද එම ප්‍රදේශයෙන් ඉවත් වුහ.කම්හලේ රසායන ද්‍රව්‍යවලට ගිනි ඇවිලිම ගින්නට හේතුව වන්නට ඇතැයි අනුමාන කෙරේ.

 

 



අදහස් (0)

මාවිත්තර ගින්න පැතිරේ

ධම්ම Thursday, 15 May 2014 03:29 PM

මේ කම්හල බියගමට ගෙනියන්න කියලා කවුරුවත් උද්ඝෝෂණ කලේ නැහැනේ, වැලිවේරියේ වගේ. (ස)

:       0       0

බණ්ඩාර Thursday, 15 May 2014 11:03 PM

"සමහර කොම්පැනි පාඩු ලබනකොට ඔය වගේ ගිනි ඇතිවෙනවා." ඔබ හරි. එ් බව රක්ෂණ සමාගම් දන්නවා. (ස)

:       0       0

දයා Thursday, 15 May 2014 04:17 PM

ගිනි ඇවිලෙන සුළු නිශ්පාදන කම්හල්වල අනිවාර්යයෙන්ම තිබිය යුතු හදිසි ගින්නක් මැඩ පැවැත්වීමට අවශ්‍ය මූලික උපකරණ මෙතන තිබිලා නැද්ද? (ස)

:       0       0

චින්තක Thursday, 15 May 2014 05:12 PM

මේ ප්‍රදේශ මින්පෙර ඒ තරම් ජනාවාස වෙලා තිබුනේ නැහැ. දැන් කම්හල් ළඟම ගෙවල් හදලා. (නි)

:       0       0

පිටිගල Thursday, 15 May 2014 05:34 PM

(1983 ජුලි 23 ද අපේ රත්මලානේ ප්ලාස්ටික් කර්මාන්ත සාලාව ගිනි තියලා ඇවිලුන හැටි මට මතක් උනා. ඇවිලුනාම නිවන්න බොහොම අපහසුයි).කර්මාන්ත ශාලාවක් හදන කොට පිළිපැදිය යුතු කරුණු පිළිපැදලා තමයි හදන්නේ. ඊට අනුමැතියත් දෙන්නේ ඒ කරුණු සලකා බලලා. ඔන්න ටික කලකින් ඒ කිට්ටුව පෙට්ටි කඩේක වැඩපොළේ අයට උදේ කෑම විකුනන්න පටන් ගන්නවා. පස්සේ ඒ පෙට්ටි කඩේ සිමෙන්තියෙන් බන්දලා වැඩි දියුණු කරනවා. පස්සේ කඩේ අයිතිකාරය ගේකුත් හදනවා, ඔන්න තව ගෙයක්.දෙකක්.දහයක්. විස්සක්. දැන් කර්මාන්ත ශාලාව වටේම ගෙවල්. ඔන්න මොකක් හරි දෙයක් වෙලා කර්මාන්ත ශාලාවේ මොකක් හරි එක්ක කව්රු හරි පැටලෙනවා. ඊට පස්සේ කර්මාන්ත ශාලාවෙන් අපට අවහිරයි. වතුර අපිරිසිදුයි. පරිසරය දූෂණය වෙනවා, ළමයි ලෙඩ වෙනවා ,යි. කර්මාන්ත ශාලාව වහන්න කියලා උද්ඝෝෂණ පටන් ගන්නවා. ඉතින් ඕකට දේශපාලන වාසි ගන්න කට්ටියත් සම්බන්ද වෙලා වැඩේ බරපතල වෙලා. අන්තිමට කර්මාන්ත ශාලාව වහන තැනට වැඩ සැලසෙනවා. (ස)

:       0       0

රජින්ද Thursday, 15 May 2014 05:59 PM

දැන්වත් කර්මාන්තශාලා තිබිය යුතු තැන්වල පිහිටුවන්න. මිනිසුන්ට කිසිදු කර්මාන්ත ශාලාවක් කිට්ටුව අවමය මීටර් 200 හෝ ඊට වැඩියෙන් මිස ඒ අවට ඉඩම් වල පදිංචියට අවසර නොදිය යුතුයි. (නි)

:       0       0

ඇල්බට් Thursday, 15 May 2014 06:07 PM

අහෝ පරිසරය! (නි)

:       0       0

අජිත් Thursday, 15 May 2014 06:22 PM

මෙතරම් ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි ගබඩාවක් පවත්වාගෙන යන්න අවසර දුන්නේ ඇයි? (නි)

:       0       0

අතුල Thursday, 15 May 2014 06:27 PM

පරිසර විනාශයට කවුද වග කියන්නේ (අ)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 06:44 PM

පිටිගල අන්තිමට පෙට්ටි කඩ ඉතුරු වෙනවා, කර්මාන්ත ශාලාව තල්ලුවෙලා යනවා. කර්මාන්ත ශාලාව පිටරරටියෙකුගේ නම් එය බංගලාදේශයට හෝ ඉන්දියාවට යනවා. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 16 May 2014 08:48 AM

සමහර කර්මාන්ත ශාලාවල ඔය වගේ ගිනිගැනීම් වලට හේතුව ඒවා ගබඩා කිරීම් සම්බන්ධව ලබා දී ඇති උපදෙස් නිසි පරිදි නොපිළිපැදීම සහ රසායන ද්‍රව්‍ය පිළිබඳව හොඳ දැනීමක් සහ සුදුසුකම් ඇති අය පත් නොකිරීම හෝ සිටියත් නොසැළකිලිමත්කමින් කටයුතු කිරීමයි. (නි)

:       0       0

ජයනාත් කුමාර Friday, 16 May 2014 05:23 PM

පිටිගල කියන විදිහට ලංකාවේ මුලින් හදා තියෙන්නේ කර්මාන්ත ශාලා. ඊට පස්සේ ඒ වටේට මිනිස්සු පෙට්ටි කඩයි ගෙවලුයි හදලා.ලංකාවේ හැමෝම ඉගෙනගෙන නැත්නම් ඔය වගේ කතා විශ්වාස කරයි. පිටිගලලා ලංකාවේ නුනට අපි ජීවත් වෙන්නේ ලංකාවේ, උපන්දා සිටම. (නි)

:       0       0

වැකෝ Friday, 16 May 2014 10:14 AM

පොඩි සන්තෝසමකට නීති රීති , රේගුලාසි ඔක්කොම යටයි. (ස)

:       0       0

මනෝජ්-සාජා Thursday, 15 May 2014 09:15 PM

මිනිස්සු ඉවත් කළා කීවට වටවෙලා ,ඇතුලත රිංගල බලන් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු නොවේද ? (ස)

:       0       0

අබුද්දස්ස Thursday, 15 May 2014 09:25 PM

සමහර කොම්පැනි පාඩු ලබනකොට ඔය වගේ ගිනි ඇතිවෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 70 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site