
(අම්පාර වාර්තාකරු)
මාදුරුඔය ජාතික වන උද්‍යානයේ තොඩුවිල කන්ද සහ ඕමුණුගල කන්ද ආසන්නයේ කැලෑවේ අතරමංවි සිටි කුඩා වලස් පැටව් දෙදෙනකු හමුවූ බව වනජීවි නිළධාරිහු පවසති.
මෙම වලස් පැටව් දෙදෙනාගේ මව සෙවිමට දින දෙකක් තිස්සේ උත්සහ කර ඇති අතර සොයා ගැනිමට නොහැකි වු නිසා වනජීවි දෙපාර්මේන්තුවේ මධ්‍යම පළාතේ සෞඛ්‍ය ඒකකයට බාර දීමට මාදුරුඔය ජාතික වන උද්‍යානයේ නිළධාරින් කටයුතු කර තිබේ.
මාදුරුඔය ජාතික වන උද්‍යානයේ සමහර ස්ථානවලට දඩයම්කරුවන් පැමිණෙන අතර ඔවුන් අතින් මෙම වලස් පැටව් ගේ මව ඝාතනය වි ඇතැයි සැකයක් පවතින බව වනජීවි නිළධාරින් පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් පොඩි පැටව් දෙන්නා..., ටෙඩි බෙයාර්ලා වගේ ලස්සනයි...
මවගේ උණුසුම නොමැති මේ පැටවුන්ට අඩුගණනේ ගෝනි කෑල්ලක්වත් දෙන්න තරම් උවමනාවක් වන ජීවී මිනිස්සුන්ට නැද්ද?