IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මල නොතලා රොන් ගන්නැයි වෘත්තීය සමිති කියයි

රටක් ඉදිරියට ගෙනයාමට බදු පැනවීම අනිවාර්යයෙන් කළ යුතු වුවත් දුගී දුප්පත් ජනතාවටත් බර පටවමින් වැට් බදු ඉහළ දැමීම අනුමත කළ නොහැකි බව පුරවැසි බලය සංවිධානයේ කැඳ  වුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.

පසුගිය රජය සමයේ වංචා  දූෂණ සිදුකරමින් රටේ ආර්ථිකය විනාශ කළ පුද්ගලයින්ට දඬුවම් නොදී ජනතාවට බර පැටවීම අනුමත කළ නොහැකි බවද රත්නප‍්‍රිය මහතා කීවේය.

සමන් රත්නප‍්‍රිය මහතා මේ බව පැවසුවේ මරදාන, ඩීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (11)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පැවති රජයේ ඇතැම් මැති ඇමතිවරුන් මෙන්ම වත්මන් රජයේ මැති ඇමතිවරුන්ද නාස්තිකාර වියදම් කරමින් සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත් වමේ කේන්ද්‍රය සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කීවේය.

IMG_5290 IMG_5294 IMG_5285



අදහස් (0)

මල නොතලා රොන් ගන්නැයි වෘත්තීය සමිති කියයි

මිලාන් Friday, 11 March 2016 04:52 PM

ලංකාවේ අය කවදද මල් නොතලා රොන් ගත්තේ? (බ)

:       0       0

හේරත් Saturday, 12 March 2016 10:06 AM

මට මේ පිරිස ගැන කලින් තිබුන පැහැදීම එහෙම පිටින්ම නැතිවුණා මේ කතාවත් එක්ක. (නි)

:       0       0

මුණසිංහ Saturday, 12 March 2016 11:08 AM

බදු වල පළමු ප්‍රතිඵලය, පිටි මිල වැඩිවීම. දැන් ඒකත් හොඳයිනේ අපේ අයට (නි)

:       0       0

විපුල Saturday, 12 March 2016 01:55 PM

ජනතාව ආණ්ඩු මාරුකරනකොට හිතන්නේ නැහැ ජනතාව තලයි කියලා. දැන්නම් හොඳටම තලලා තියෙන්නේ. අවුරුද්දක් වැනි කෙටි කලකට මල තැලුව හැටියට තවත් අවුරුදු හතරක්ම තියෙනවා කියලා හිතිලා නැහැ. (නි)

:       0       0

කොස්තා Saturday, 12 March 2016 12:55 AM

වෙන කරන්න දෙයක් නැහැ, මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කරනවා ඇරෙන්න. මේකෙන් ලක්ෂ 45000 ක් පමණ ඉතිරිවෙනවා. එතකොට බදු වැඩිකිරීමේ අවශ්‍යතාවයක් නැහැ (නි)

:       0       0

තිස්ස Saturday, 12 March 2016 01:45 AM

ඔය බදු ගැහිල්ල මහින්ද කළා නම් ඔය මල නොතලා කතාව කියන්නේ නැහැ. වහාම වැඩ වර්ජනයක් කැඳවයි, ඡීවත්වෙන්න අමාරුයි කියලා (නි)

:       0       0

සේනාධීර රාජගිරිය Saturday, 12 March 2016 01:54 AM

ගිය ආණ්ඩුවේත් හිටියේ මේ වගේ කට්ටිය. හැබැයි ආණ්ඩුව යනකොට මේ වගේ අයට ඇපත් නැතිවෙනවා. පව්. (නි)

:       0       0

කපිල Saturday, 12 March 2016 02:17 AM

අපේ සමහර දේශපාලකයන්ගේ මුහුණු දැක්කහම ජනතාවට උන්හිටි තැනුත් අමතකවෙනවා. (නි)

:       0       0

මුණසිංහ Saturday, 12 March 2016 03:26 AM

මෙයාලා කොහොමත් ආණ්ඩුව පැත්තෙනේ. බදු වල රඟ තේරෙයි හෙට අනිද්දාම. (නි)

:       0       0

විශ්ව Saturday, 12 March 2016 03:43 AM

මේ සමහර මුහුණු දැක්කම පවු කියලත් හිතෙනවා. කාගේ සල්ලි වලින්ද ඔය විදිහට ඉන්නේ?? (නි)

:       0       0

විජිත Saturday, 12 March 2016 05:31 AM

සුසන්ත කියන කතාව සම්පූර්ණ ඇත්ත. අපි හැමදාම රැවටෙනවා. (නි)

:       0       0

වික්‍රම Sunday, 13 March 2016 06:18 AM

හිටපු දූෂිතයන්ට දඬුවම් දුන්නම රටේ ආර්ථිකය ඉහළ යන්නේ කොහොමද මහත්තයෝ? ඒක ඉහළ යවන්න ඕන නම් දැන් වත් ඵලදායක විදිහට වැඩක් කරන්න පටන් ගන්න! (බ)

:       0       0

ස්ටැන්ලි ජයකොඩි Friday, 11 March 2016 01:06 PM

මෙන්න ඇත්ත. (ර)

:       0       0

රොහාන් Sunday, 13 March 2016 06:25 AM

අපේ ජනතාවගේ දැනීම ගැනනම් කියලා වැඩක් නැහැ. ආර්ථිකය ගැන කිසිවක් නොදන්නා අය ඔහේ ලියන්නම් වාලේ ලියනවා. මේ ගැන විග්‍රහ කරන්න මේ කුඩා ඉඩ නම් මදි. නමුත් කියන්න තිබෙන්නේ බදු නැතුව රටක් ඉදිරියට යන්නේ නැහැ (නි)

:       0       0

සුසන්ත Friday, 11 March 2016 02:43 PM

ඉස්සරනම් මෙයාල කිවුවේ බදුබර වැඩියි, බදුබර වැඩියි එනිසා තිබුණු රජය පෙරලන්න ඕන කියලා. දැන් තිබ්බටත් වඩා වැඩි කලාම කියනවා ඒකට කමක් නෑලු, එක හොඳයිලු. මේවගේ තමන්ගේ පෞද්ගලික පැවැත්ම සඳහා පටු දේශපාලනයක් කරන වෘර්තියසමිති නායකයින් නිසා තමයි වැඩ කරන ජනතාව හැමදාම වලේ ඉන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site