IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාල කොල්ලකරු හොඳටම කයි

බුලත්සිංහල  ගෝවින්න,කෝන්හේන නිවසකට  ඇතුළු වු කොල්ලකරුවකු කාන්තාවගේ (23) රන් මාලය කොල්ලකෑමට තැත් කරද්දී ඇය කෑ ගසන්නට වුයෙන් පිහියකින් ඇගේ බෙල්ල කපා පැන යන්නට තැත් කළහ.

එහි රැස් වු පිරිස ඔහු අල්ලා පොලීසියට භාර දී ඇත.

තුවාල ලැබු කාන්තාව ද ප්‍රදේශවාසින්ගේ පහරදීම නිසා තුවාල ලැබු සැකකරු ද  රෝහලට ඇතුළු කරනු ලැබීය.



අදහස් (0)

මාල කොල්ලකරු හොඳටම කයි

දයා අලහකෝන් Monday, 02 December 2013 03:35 PM

ගමේ වැසියන්ට තිබුනේ හොරාගෙත් බෙල්ල කපන්නයි. (ස)

:       0       0

අමිල - කටුනායක Monday, 02 December 2013 04:03 PM

කොල්ලනෙ බලාගෙන ගහපු මිනිස්සුන්ව පොලිසිය හොයයි. මම එහෙම පරිප්පුවක් කෑවා. (ස)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 02 December 2013 04:07 PM

පොලිසියට නෙමේ බාරදෙන්න තිබුනේ වැවක් ලඟට ගෙනිහිල්ල තල්ලු කරන්නයි තිබුනේ. ඊට පස්සේ කියන්න ඕනේ බේරෙන්න යනකොට දියේ ගිලුනා කියලා.(නදී)

:       0       0

දර්ශන් Monday, 02 December 2013 09:39 PM

අපේ මාම කෙනෙකුට උන දෙයක්- 1999 වසරේදී එයාගේ නැන්දම්මාගේ (44) අනියම් පෙම්වතා (23) සමඟ ගෙදර හොරෙන් ඉදල මාමල මගුල් ගෙදරක ගිය දවසක රාත්‍රියක එහෙත් එයාල ඉක්මනිම නැවත ඇවිල්ලා.පෙම්වතාට එලියට යන්න බැරිවෙලා හැංගිලා ඉන්දෙද්දී මාමා හොරෙක් කියා මාම තඩිබාල අසල්වසියොත් වැඩේට එකතුවෙලා.පෙම්වතා අසාධ්‍ය උන නිසා මාම ඇතුළු කිහිප දෙනෙකුට රිමාන්ඩ් ඉන්න වන්දී ගෙවන්න සිදුවුනා.පසුව තමා අර කතා එලියට ආවේ.නැන්දම්මා ගමෙන් ගියා.පෙම්වතා ගමේ ගිහින් විවාහ උනා.මාම නිවාස විකුණා දමා කුලී ගෙවල්වල ඉන්නවද සිදුවුනා.අර ආච්චි ගැබ්ගෙල පිළිකාවෙන් පීඩාවිද කලකට පෙර මිය ගියා. (ස)

:       0       0

ප්‍රබාත් Tuesday, 03 December 2013 12:54 PM

මෙයා ජීවිත වලට තර්ජනයක් නිසා සිර ගත කල යුතුයි. හැබැයි මේකේ දෙපැත්තක් තියනවා. අපේ ගෙවල් ලඟ පවුලක් හිටියා. දරුවෝ දෙන්න කුඩා වයසේදී තාත්ත නැති උනා. තාත්තා දරුවෝ දෙන්නට පණ වගේ ආදරෙයි. දරුවන්ට නිසි ලෙස උගන්නන්න අම්මට සල්ලි තිබුනේ නැහැ කුඩා වයසේදී දරුවෝ පාසල් ගමන නැවතුනා. අධ්‍යාපනයක් නැති මේ පිරිමි දරුවාව ගමේ නොහොබිනා මිනිස්සු ප්‍රයෝජන ගන්න පටන් ගත්තා. මම උපරිම උත්සහ කළා මෙයාව යහ මගට ගන්න .ගෙදර ගෙනල්ල ඉගැන්නුවා.අපිත් ලොකු සල්ලි කාරයෝ නෙමෙයි .අනික මමත් පොඩියි රස්සාවක් කරපු වයසක් නෙමෙයි. මේ දරුවා නරක ආශ්‍රය නිසා කුඩු බොන්නත් ඊට පස්සේ මාල කඩන්නත් ගිහින් දැන් හිරේ . තාත්ත හිටියනම් පපුව පැලෙයි. සමාජයේ මේ අයව අපි අනුකම්පාවෙන් නිවැරදි මාර්ගයට ගන්න ඕනේ. (ස)

:       0       0

ප්‍රබාත් Tuesday, 03 December 2013 12:55 PM

දරුවන් අහිමි දෙමව්පියන් හට රජයෙන් කිසියම් මුදලක් මාසිකව ගෙවිය යුතුයි. නාස්තිය අවම කල යුතුයි. (ස)

:       0       0

කුසුම් Tuesday, 03 December 2013 01:00 PM

සීතා, ඔයාගේ කතාව ඇත්ත.වතුවල වැඩ කරන්න මිනිස්සු හොයන්න අමාරු තමා. ඉතින් ඔයා පටන් ගන්නකො වතුවල වැඩ කරන්න. එතකොට එක් කෙනෙක් හරි වැඩි වෙනවනේ. (ස)

:       0       0

කුමාරසිරි Monday, 02 December 2013 04:23 PM

මොහුගෙත් බෙල්ල කපන්නයි තිබුනේ. (ස)

:       0       0

නිලන්ති Monday, 02 December 2013 10:45 PM

දැන් ගෙවල් වලවත් ඉන්න බැහැනේ. හැම ගමකම අසල්වාසී කණ්ඩායමක් හදලා හොඳින් පෙර හුරු කරලා පුහුණු කරන්න ඕනෑ,ගමට හොරෙක් අාවොත් කට්ටියම කැති පොලු මුගුරු අරන් දුවගෙන එන්න. එතකොට හොරු බය වෙනවා. (නි)

:       0       0

සමන් Tuesday, 03 December 2013 01:34 PM

මේ සමන්ගේ අදහස සමඟ එකඟ වෙන්න අමාරුයි . කුඩා කලදී ආදරය සෙනෙහස අහිමි වීම නිසි මඟ පෙන්න්නට කෙනෙකු නොමැති වීම තමයි මේකට මුලික හේතුව. හැබැයි දැන් ප්‍රමාද වැඩියි. සෙසු ජනයාගේ ආරක්ෂාව තකා සිරගත කල යුතුයි. (ස)

:       0       0

අනුර Tuesday, 03 December 2013 09:04 AM

සමන්, මටත් ආර්ථික විෂමතාව නිසා හරි අමාරුයි.ඔයාගේ බෙල්ල කපලා මාලේ කඩා ගන්නද? (නි)

:       0       0

සමන් Monday, 02 December 2013 05:03 PM

ඇයි එහෙම කියන්නේ? එයාගේ නැති බැරිකම නිසානේ මෙහෙම කරන්නේ. ආර්ථික විෂමතාවය නිසා මෙහෙම වෙන්නේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 03 December 2013 12:06 AM

හොර ඇල්ලුවට මාලේ නම් මේ කපේදී ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 02 December 2013 05:42 PM

සමන්, එතකොට ඔයාගේ ගෙදරට ඇවිල්ලා ඔයාගේ අම්මාගේ හරි,නංගිගේ හරි බෙල්ල කපලා මාල වළලු හොරකම් කළොත් ඔයා, නැති බැරිකමටනේ,ආර්ථික විෂමතාවය නිසානේ මෙහෙම කරන්නේ කියලා ඔයාගේ නෝනව ඉස්සරහට ගෙනල්ලා, ආ..මෙයාගෙත් බෙල්ල කපාගෙන මාලේ ගන්න මල්ලි කියලා කියනවද? (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Tuesday, 03 December 2013 12:36 AM

සමන්, මේ අනවශ්‍ය දේවල් නේද ඔයා ප්‍රකාශ කරන්නේ? (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 02 December 2013 05:52 PM

සමන්, ඔබතුමාගේ නිවසේ මෙවැනි හොරකමක් සිදුවුණොත් ඔබ හොරාට සමාව දෙනවද? නැත්නම් ඔලුව අතගාලා යවනවද? (නි)

:       0       0

දඩල්ලේ ජයසේකර Tuesday, 03 December 2013 12:57 AM

ඔය වගේ අයට රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

සීතා Tuesday, 03 December 2013 09:43 AM

සමන්ගේ අම්මට හරි සහෝදරියෙකුට හරි මේ දේ වුනා නම් ඔහොම ලියන එකක් නැහැ. ඒ කාන්තාව කොච්චර බයෙන් ඉන්න ඇත්ද? මට වත්තේ වැඩට ගෙදෙර වැඩට කෙනෙක්ව හොයා ගන්න අමාරුයි. අද මිනිස්සුන්ට ඕන ලොකු මුදල් ලබාගන්න වැඩක් නොකොර. සිගරට් වලටයි මත්පැන් පානයටයි කුඩු වලටයි රේස් දමන්න ලැබෙන සල්ලි මදි. (නදී)

:       0       0

කුමාරසිරි Monday, 02 December 2013 06:16 PM

සමන් මහත්තයා, පොළොවට පය ගහලද ඉන්නේ?මේවට අරාබි නීති ගෙනා ආ යුතුයි (නි)

:       0       0

ආරියසේන Monday, 02 December 2013 06:24 PM

හොරාට තඩි බාලා පොලිසියට බාරදුන්න පිරිසට පොලිස්සියේ කුඩුවේ ඉන්න වේවිද දන්නෙත් නැහැ (නි)

:       0       0

සිරා Monday, 02 December 2013 06:26 PM

සමන් හරි. මේ වගේ පොඩි හොරු විතරක් අල්ලන්නේ ඇයි?ඇයි ලොකු ලොකු දේශපාලුවෝ අපේ ගෙට නොපැනම අපේ බෙලි අපටත් හොරෙන් කපලා කොමිස් කුට්ටි ගණන් ගහනකොට ඔය හොරු අල්ලන ජනතාව නොදැක්කා සේ ඉන්නේ? (නි)

:       0       0

අනුර Monday, 02 December 2013 06:31 PM

සමන් මහත්තයාද මන්දා තමයි ගැට කපන්නන් සංගමයේ ලොක්ක‍ා? (නි)

:       0       0

සරත් Tuesday, 03 December 2013 10:13 AM

සීතා මන් ආවා !! පඩිය කීයද ඔයාගේ වත්ත බලාගන්න ? (නදී)

:       0       0

ජූඩ් Tuesday, 03 December 2013 10:24 AM

මෙයටත් ටිකක් ගැඹුර ගඟක් බලන්න ආස හිතිලද දන්නේ නැහැ. මාංචු දම්මලින් පස්සෙ ගඟ ගැඹුර වෙන්න ඕනේ නැහැ. මල්ලි මොකද හැමදාම පත්තරේ බලනවද? (ස)

:       0       0

ජයා Monday, 02 December 2013 07:23 PM

අදහස් ප්‍රකාශ කරන දෙගොල්ලම නිවැරදියි. (නි)

:       0       0

විජේ Monday, 02 December 2013 07:27 PM

මෙයාවත් ඔන්න ඔහේ හංගපු ආයුධ පෙන්වන්න කියලා එක්කගෙන යන්න. (නි)

:       0       0

චන්දි Monday, 02 December 2013 07:44 PM

නයින්ට කිරි පොවනවට වැඩිය හොදයි විනාශම කරලා දැම්මහම (නි)

:       0       0

කීර්තිරත්න Monday, 02 December 2013 08:59 PM

සමන් මහත්තයෝ, ඔයා හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site