IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාල කොල්ලකරුවනට ගුරුවරියගෙන් අපූරු පාඩමක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යතුරුපැදියකින් පාසල වෙත  ගමන් කරමින් සිටි ගුරුවරියක ගෙල පැළඳ සිටි රන් මාලය යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු  කඩා ගැනීමට තැත් කළ අවස්ථාවේ ගුරුවරියම ඇය පැළඳ සිටි රන් මාලය කඩාගෙන දිවගොස්  මාලය බේරා ගැනීමේ පුවතක් තිනියාවල පොලිසියෙන් වාර්තා වේ.

මෙම ගුරුවරිය යතුරුපැදිය පදවාගෙන පාසල වෙත  ගමන් කරමින් සිටි අතරවාරයේ පැලවත්ත මාර්ගයේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ මාර්ගය හරස් කර ගුරුවරිය ගමන් ගත් යතුරු පැදිය නතර කරගෙන ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදියපැදියේ පැමිණි එක් අයකු ගුරුවරිය පැළඳ සිටි රන් මාලය කඩා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එම ගුරුවරිය ඇය පදවාගෙන ආ යතුරු පැදිය බිම පෙරළා දමා ඇය විසින්ම ගෙල පැළඳ සිටි රන් මාලය කඩාගෙන දිව යෑම නිසාකොල්ලකරුවන්ට රන් මාලය කඩාගෙන පලා යෑමට නොහැකි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී ගුරුවරිය උපක්‍රමශීලී ලෙස කටයුතු කර ඇති බව පොලීසිය පෙන්වා දෙයි.

 



අදහස් (4)

මාල කොල්ලකරුවනට ගුරුවරියගෙන් අපූරු පාඩමක්

බක්මීගොල්ල Thursday, 19 October 2023 02:15 PM

අනේ මන්දා මේ ගොල්ලොන්ට තවම තේරෙන්නේ නැද්ද මේ රත්තරන් මාල දාගෙන යන්න හොඳ කාලයක් නෙමෙයි මේ කියලා . මිනී දෙක දෙක මරලා ඉමි්ටේෂන් මාල පැහැරගන්නා කාලයක් මේ. හොරුත් දැන් අසරණ වෙලා ඉන්න කාලෙක ඕවා ගෙදරවත් තියාගෙන ඉන්න හොඳ කාලයක් නෙමෙයි මේ උදා වෙලා තියෙන්නේ මේ රටට . මේකට කියනවා කියන්නේ "ආසියාවේ ආශ්‍චාර්ය " ද කොහෙද mo හිතන්නේ.

:       0       5

ටෙරෝන් Thursday, 19 October 2023 02:24 PM

මාල කොල්ලකරුවන්ට ගුරුවරියගෙන් අපූරු පාඩමක්" නෙමෙයි දාන්න තිබ්බේ "මාල කොල්ලකරුවන්ගෙන් ගුරුවරියට පාඩමක් කියලා මේ කාලේ ඕවා කරේ දාගෙන යනවා කියන්නේ මරුවා "සමග වාසේ "වගේ...!

:       0       6

hemantha Thursday, 19 October 2023 03:45 PM

අණ්ඩර දෙමළ මේවා. ගුරුවරිය එයාගේ යතුරු පැදිය පෙරැළගෙන දිව්වා කිව්වට මේ වෙන එකක්. ඉතින් යතුරු පැදියේ යතුරු අරන්ද ගුරුවරිය ගියේ...? නැතිනම් හොරුන්ගේ කල්ල මරේ, මාලේ වෙනුවට යතුරු පැදියක් නොමිලේ...

:       0       0

හිපටුවෙලී Friday, 20 October 2023 07:39 AM

යතුරු පැදියේ යතුරත් අරන් තමයි පාසල් යන්න ඇත්තේ. එකේ ප්‍රශ්නයක් නැහැනේ.යතුර නැතුව කොහොමද පණ ගන්වන්නේ. යතුර නෙමෙයි හොරුන්ට ඕනේ රත්තරන්... රත්තරන්..මාල, වලදු, මුදු කරාබු වගේ දේවල්... ඒවානේ වටින්නේ ...යතුරක්‌ මොකටද? .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site