IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මාල කැඩූ මස්සිනාලා පොලිසියට කොටුවෙයි

බස්නාහිර පළාතේ පොලිස්වසම් හයකින් යතුරුපැදි සොරාගෙන මාල කැඩූ මස්සිනාලා දෙදෙනකු පොල්ගස්ඕවිටදී අත්අඩංගුව ගත් පොලිසිය එම මාල මිලට ගෙන උණුකර රන් විකිණූ බව කියන බණ්ඩාරගම, අටුළුගම ව්‍යාපාරිකයකු ද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම දෙදෙනා විසින් කඩන ලදැයි කියන මාල 32ක් ගැන පොලිසියට තොරතුරු ලැබී ඇත.

මාල කඩා ගැනීමෙන් පසුව යතුරුපැදියද ඒ අසල අතහැර දමා යාම මොවුන්ගේ සිරිත බවත් ඊළඟ කොල්ලයට වෙනත් යතුරුපැදියක් සොරකම් කරන බවත් කහතුඩුව පොලිසිය පවසයි.

vlcsnap-2015-11-15-15h43m25s92 vlcsnap-2015-11-15-15h43m30s145 vlcsnap-2015-11-15-15h43m43s16 vlcsnap-2015-11-15-15h43m47s51 vlcsnap-2015-11-15-15h43m55s136



අදහස් (0)

මාල කැඩූ මස්සිනාලා පොලිසියට කොටුවෙයි

සමීර Monday, 16 November 2015 08:10 PM

කාලයේ හැටි දැන දැන මොකට එල්ලගෙන යනවද රත්තරන්? (නි)

:       0       0

ජනක Sunday, 15 November 2015 02:54 PM

බණ්ඩා දැන් කට්ටිය කියපු සේරම කළාද (බ)

:       0       0

හේෂාන් Monday, 16 November 2015 08:23 AM

ඒ හරියේ මහපාරේ සීසීටීවී තිබුනද.. කොහොමද කැමරා ඇසට අසු වුනේ. මොනවා වුනත් මහා පාහර වැඩ (බ)

:       0       0

රූපවතී Sunday, 15 November 2015 04:08 PM

ඒ සිදුවීම හරිම ලජ්ජා සහගතයි ..ඒ කාන්තාවට අල්ලාගෙන තඩි බාන විට ..ඕනෙම කෙනෙකුට හිතෙනවා ජීවිතේ ඉතුරුකරලා ඕනේ දෙයක් අරගෙන පලයන් කියලා. ඇයි ලංකාවේ පිරිමින් තම ශක්තියෙන් යමක් උපයාගෙන ජීවත්නොවී ..ගැහැණියව සුරාගෙන ගැහැනියකගෙන් කඩා වඩාගෙන ජීවත්වෙන මානසිකත්වයෙන් පෙළෙන්නේ ..?ලැජ්ජයි පිරිමි සංහතියටම ..අපි මිනිසුන් වශයෙන් ..කාගේ වුනත් දරුවෙකුව කාන්තාවක්ව වයෝවෘද්ධ පුද්ගලයින්ට වැඩි අවධානයකින් සලකා ඔවුන්ව ආරක්ෂා කළ යුතුය..? පව් ..!කලකිරෙනවා අපේ රට ගැන..? කාන්තාවකට ඇදුමක් ඇදගෙන දවාලේ පාරක යන්න බැරි තරමට අපි අසරණ වෙලා...? (බ)

:       0       0

සංජය Monday, 16 November 2015 04:43 AM

ඔය ගැහැනුන්ට හිංසා කරන අයට පොලිසියට ගෙනත් එල්ලලා ගැහුවට කමක් නැහැ .. ඕකුන් මැරුණට කමක් නැහැ .. මානව හිමිකම් නඩු දාන්න ගියොත් පෙරකදොරුවන්ටත් නෙලන්න තියෙන්නේ (ම)

:       0       0

දිලිප් Monday, 16 November 2015 05:07 AM

මනුසත්කමේ පිරිහීමේ රඟ දැක්වීමක්. කාන්තාවකට තාඩන පීඩන කොට රත්රන් මාලයක් කඩා ගෙන යාමට තරම්? ඔන්න අපි ඉතුරු කරගත් සාර ධර්ම. කව්ද මේවාට වගකියන්නේ? (ම)

:       0       0

සිරිමල් Sunday, 15 November 2015 05:20 PM

නීතියෙන් උපරිම දඬුවම් දෙමු. (ර)

:       0       0

සේන Sunday, 15 November 2015 05:31 PM

තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගත යුතුයි. (ර)

:       0       0

බණ්ඩා Sunday, 15 November 2015 11:20 AM

අපේ පොලු රජතුමාගේ ඒකාබද්ධ විපක්ෂ පිහිටුවන අලුත් පෙරමුණට සම්බන්ධ වුණොත් මොවුන්ටත් ඡන්දේ ඉල්ලා මහජන නියෝජිතයෙක් වෙන්න සුදුසුකම ලැබිල තියෙන්නේ (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 November 2015 11:29 AM

ඇත්තටම ඇමති කමකට උනත් සුදුසුයි තමයි දැන්. (ර)

:       0       0

සොපි Sunday, 15 November 2015 12:20 PM

ලැජ්ජා නැති පිරිමි... (ර)

:       0       0

කපිල Sunday, 15 November 2015 12:47 PM

මේ අයට හොඳ දඬුවමක් දෙන්න ඕන නැවත මෙවැනි දේ නොකරන්න. (ර)

:       0       0

ලුම්බිණි Monday, 16 November 2015 01:24 AM

මේ වගේ හොරුන් රටට ලොකු බරක් (නි)

:       0       0

ස්ටැන්ලි රජීව Sunday, 15 November 2015 01:15 PM

බණ්ඩා ඒ කාලෙට වඩා මේ කාලේ අපරාධ වැඩියි කියලා හිතෙන්නේ නැතිද?කුඩු කාරයෝ එතනෝල් කාරයෝ මිනීමරුවෝ ඔක්කොම දැන් ඒ පැත්තේ නේ. (බ)

:       0       0

විජිත් Sunday, 15 November 2015 01:19 PM

පිටබැද්දර ජයා මල්ලි,ඔයාගේ " ගෙස් " කිරීම නම් 100% හරි. අපේ දේශපාලුවෝ ඔක්කොම මංකොල්ල කාරයෝනේ..(බ)

:       0       0

නිහාල් Monday, 16 November 2015 03:33 AM

මේ දෙන්නවයි රත්තරන් උණුකරන කෙනවයි තුන්දෙනවම මහ උලුගෙදර දන්නා ඕන සදහටම. නින්දිතයි පිරිමිද මෙයාල. (රේ)

:       0       0

නිමල් Monday, 16 November 2015 03:34 AM

අර කළුතර රත්තරන් ඇමතිගේ ගෝලයෝ වෙන්නැති...(රේ)

:       0       0

සෙනරත් Monday, 16 November 2015 03:34 AM

මේ අවට ගෙවල් වල මිනිස්සු නැත්ද ? එකෙක්වත් එලියට එන්නේ නෑ. එයාලටත් මෙහෙම උනාම මතක්වෙවී. මේ හොරුන්න්ට උපරිම දඩුවම් දෙන්න ඕනේ(රේ)

:       0       0

නිලු Monday, 16 November 2015 06:35 PM

මේ වගේ උන්ට කරන්න තියෙන්නේ සව්දියේ වගේ අතක් කපල දාන්න .අයේ හොරකම් කරන්න බැරිවෙන්න ...(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site