(ෂේන් සෙනෙවිරත්න)
සෑම රටකම සෑම ජාතියකම අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් සිටිනවා. මෙරට බහුතර පිරිස් සියලු ජාතීන් සමග සාමකාමී සහජීවනයෙන් ජීවත්වෙනවා යැයි තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා හමුවේ අද පැවසූහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා අද මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහානා හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මල්වතු මහානා හිමියන් ඒ බව අවධාරණය කළේය.
ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට ලෝකය පුරා බොරු ප්‍රචාර ගෙන යනවා. පාසල් හා පිරිවෙන් වල පවා දෙමළ භාෂාව උගන්වනවා. රජයේ සේවකයන්ට දෙමළ භාෂා දැනුම ලබා දෙනවා. මේ සියල්ල කරන්නේ ජාතික හා ආගමික සංවිධියාව ඇති කිරීම මූලික කරගෙනයි. මානව හිමිකම් කඩවීම පිළිබඳව අපගේ රටට එරෙහිව 2014 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම චෝදනාවක් කළා. ඔබ තුමන් මෙරටට පැමිණියේ එවැනි දේකටද කියලා මම දැනගන්න කැමතියි.
අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් මේ රටේ ඉන්නවා. එවැනි පිරිස් සෑම ජාතියකම වගේම සෑම රටකම ඉන්නවා. ඔවුන් යම් අරමුණු වෙනුවෙන් ජාතික හා ආගමික සංවිධයාව බිඳ දැමීමට උත්සාහ කරනවා. දේශපාලනඥයන් සුළු පිරිසක් ද මේ අතර සිටිනවා. ඔබතුමා හමුවීමේ අපේක්ෂාවෙන් සිටි දෙමළ ජාතිකයන් දේශපාලනඥයින්ව පන්නා ගන්නවා අපි දැක්කා.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මල්වතු මහා නා හිමිගෙන් මානව හිමිකම් කොමසුරුට සැර ප්‍රකාශයක්
මාලිමාපෙන්දා Thursday, 26 June 2025 06:51 PM
නිවට ආණ්ඩුව දැක්ක ගමන් මෙයාලා රෙදි උස්සගෙන එනවා ඇරලා යන්න. නායක මාහිමිපාණන් එසේ දෙසීම ඉතා වැදගත්. ආණ්ඩුව කරන අය නම් එහෙයි ස්වාමීනී කියන්න ඇති හැම එකකටම....