හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ ඉඩම සම්බන්ධයෙන් කිසිවකු හිමිකම් නොකියන්නේ නම් එය විකුණා මුදල් නඩුවට බැර කරන ලෙස රජයේ සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අද (4) එම නඩුව කැඳවූ අවස්ථාවේ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මල්වාන ගඟබඩ පාරේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට විරුද්ධව පූගොඩ අධිකරණයේ ගොනු කර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේ එම ඉල්ලීම සිදුකළ අතර බැසිල් රාජපක්ෂගේ නීතිඥ සංජය රණතුංග මහතා ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ ඉඩම සම්බන්ධ නියෝගයක් නිකුත් කරන්නේ නම් විත්තිකරු අධිකරණයේ සිටිය යුතු බවයි.
ඒ අනුව බැසිල් රාජපක්ෂට ලබන 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා නොතීසි නිකුත් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මල්වානේ ඉඩම ගැන අහන්න බැසිල්ට උසාවි එන්න කියයි
අර්ජුන Tuesday, 04 October 2016 07:54 AM
මහතාණෙනි ! හොදයි උසාවියට ගිහිල්ලා පුලුවනන්ම් කියන්නකෝ මේ ඉඩම මගේ නොවෙයි කියලා (හේ)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 05 October 2016 03:34 PM
ගසා කෑවේ අපේ මුදල්.අසරණ බදු ගෙවන ජනතාවගේ මුදල්.ඒ නිසයි සත්‍ය තේරුම් ගත්තු මිනිස්සු යහපාලනය විශ්වාස කරලා ඡන්දය දුන්නේ. (බ)
හෆීල් Tuesday, 04 October 2016 10:02 AM
මරුනේ. බැසිල් අයිතිය බාරගන්නත් නැහැ. බැසිල්ගේ නීතිඥවරයා කියන්නත් විත්තිකරුගෙන් අහන්නත් ඕනලු. (බ)
රමසි Tuesday, 04 October 2016 12:34 PM
බලන හැම තැනම රාජපක්ෂවරු . (ර)
තිලක Tuesday, 04 October 2016 03:10 PM
වැඩක් වෙන එකක් නෑ.(හේ)
තිලක් Tuesday, 04 October 2016 03:11 PM
කොහොමත් රටේ සියලුම වටිනා කියන ඉඩම්,ගොඩනැගිලි,හෝටල්....... සියල්ලම මේ අයගේ තමයි.(හේ)