ශ්රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ පරිපාලන මූලස්ථානය දැනට එය පවත්වා ගෙන යන කොළඹ මරදානේ ගොඩනැගිල්ලෙන් ඉවත් කරවා ගන්නා ලෙස ශ්රී ලංකා නාගරික සංවර්ධන අධිකාරිය දැනුම්දී ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ. වසර 2000 ඔක්තෝබර් 6 වැනිදා සිට මලල ක‍්‍රීඩා සංගමයේ මුලස්ථානය පවත්වාගෙන ගිය ටොරින්ටන් පෙදෙසේ ගොඩනැගිල්ලෙන් ඉවත් කරගන්නා ලද මලල ක‍්‍රීඩා මූලස්ථානය පසුගිය අගෝස්තු මාසයේ මරදානේ ටිරානියා වීදියේ අංක 281 දරන මූලස්ථානයට රැගෙන ගියේය. දැන් එය මාස හතක් ඉක්ම යාමට පෙර එම ස්ථනයෙන් ද ඉවත් කර ගැනීමට සිදුව තිබේ. වසර 11 ක්ම මලල ක‍්‍රීඩා සංගමයේ මූලස්ථානය ලෙස පැවැති ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට සිදු වූයේ ටොරින්ටන් පෙදෙසේ සංවර්ධන කටයුතු සඳහා එම ගොඩනැගිල්ල ද කඩා ඉවත් කිරීම නිසාය. මලල ක‍්‍රීඩා සංගමයට නව නිලධාරීන් පත් වූයේ පසුගිය මැයි 3 වැනිදා පැවැති නිලවරණයෙනි. දැන් ඔවුන්ට මාස එකහමාරක කාලයක් ඉක්ම යාමට මත්තෙන් පරිපාලන මූලස්ථානය ඉවත් කර ගැනීමට සිදුවීමෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවී තිබේ. මලල ක‍්‍රීඩා සංගමයේ බලධාරීන්ට නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත්තේ මෙම (ජුනි) 30 වැනිදාට පෙර මරදාන මූලස්ථාන ගොඩනැගිල්ලෙන් බඩු බාහිරාදිය ඉවත් කර එය නිදහස් කරදීමට කටයුතු කරන ලෙසයි. කෙසේ වුවත් මලල ක‍්‍රීඩා සංගමයේ නව පාලනයේ පළවූ මාධ්‍ය කමිටු රැස්වීම එදිනට පැවැත්වීමට සූදානම් කර තිබෙන අතර එය පැවැත්වෙන්නේ නාවික හමුදා මූලස්ථානයේදී බව ද වාර්තා වේ. කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පසුගිය සතියේදී නිමාව දුටු ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක් සමගින් පදක්කම් හයක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එය ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගත් අවස්ථාව ලෙසද වාර්තා පොතට එක්විය.
2025 දෙසැම්බර් මස 18
175
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මලල ක‍්‍රීඩා සංගමය මහපාරට