ශ්රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් දයා රත්නායක මහතා නිතරගයෙන් පත්ව සිටියි. ලබන මැයි 3 වැනිදා පැවැත්වෙන මලල කී‍්‍රඩා සංගමයේ නිලවරණයට (2012-14) නාම යෝජනා භාර ගැනීම ඊයේ (19) දහවල් අවසන් විය.
එහිදී සභාපතිධුරයට දයා රත්නායක මහතා පමණක් නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන බැවින් ඔහු ඒ සඳහා නිතරගයෙන් පත්වනු ඇත. ඒ මහතා මීට පෙර මලල කී‍්‍රඩා පරිපාලනයේ ප‍්‍රධාන තනතුරු දරා නැතත් මලල කී‍්‍රඩා සංගමයේ ප‍්‍රධාන කමිටුවේ ඔහු යුද හමුදා කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් කටයුතු කර තිබේ.
කී‍්‍රඩා අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් පැවැත්වෙන මලල කී‍්‍රඩා සංගම් නිලවරණයේදී උප සභාපති ධුර හයක් සඳහා නාමයෝජනා 14ක් ඉදිරිපත්ව තිබීම කැපී පෙනේ.
ඔවුන් වන්නේ සුනිල් ජයවීර, සුසන්තිකා ජයසිංහ, කර්නල් සුදත් මඩුගල්ලේ, එම්.ඩබ්. නිමල්සිරි, සුගත් තිලකරත්න, පී.එම්. දේවේන්ද්‍රන්, උපාලි කුමාරසිරි, පී.එච්.ඞී වෛද්‍යතිලක, එන්.ඒ.ටී. ජයසිංහ, ෂමාල් ප‍්‍රනාන්දු, අනිල් වීරසිංහ, රංජිත් පෙරේරා, අජිත් නාරගල හා පේ‍්‍රමලාල් වීරසිංහ යන මහත්වරුන්ය.
භාණ්ඩාගාරික ධුරයට කිරාන් අතපත්තු, චන්දන ඒකනායක යන මහත්වරු නාමයෝජනා භාරදී සිටිති.
උප භාණ්ඩාගාරික ධුරයට ඔලිවර් ප‍්‍රනාන්දු හා එච්.ඒ. උපාලි මහතා තරග වදිති. උප ලේකම් ධුරයට බර්නාඞ් පෙරේරා මහතා පමණක් නාමයෝජනා ඉදිරිපත් කිරීම නිසා ඔහු එම ධුරයට නිතරගයෙන් පත්ව සිටියි.
මේ අතර 1994 සිට අඛණ්ඩව මලල කී‍්‍රඩා සංගමයේ දත්ත සටහන්කරු ලෙස කටයුතු කරන ජී.ජී.යූ. සමන් කුමාර මහතා එම ධුරයට මෙවරත් නිතරගයෙන් පත්ව සිටියි. ඒ අනුව මෙම තනතුරට පිට පිටම පත්ව සිටින්නේ 18 වැනි වතාවටය.
මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් පැවැති මලල කී‍්‍රඩා සංගමයේ නිල කාලය ඉකුත් මාර්තු 31 වැනිදා අවසන් කළ කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා එතැන් සිට බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ත සමරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කළේය. එහි නිල කාලය ලබන මාර්තු 3 වැනිදා අවසන්වීමට නියමිතය.
මෙවර නිලවරණයේදී නාමයෝජනා ඉදිරිපත් කළ අය අතර හිටපු සුපිරි කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ, හිටපු මීටර් 400 ශූර සුගත් තිලකරත්න, යගුලිය විසි කිරීමේ හිටපු ජාතික ශූර ටී.එෆ්. අලයිලීමා යන මහත්ම මහත්මීහු කැපී පෙනෙති.
ඒ අතර මලල කී‍්‍රඩා සංගමයේ හිටපු සභාපතිවරයකු වන සුනිල් ජයවීර මහතා උප සභාපති ධුරයකට තරග වැදීමත්, මලල කී‍්‍රඩා කණ්ඩායම් කළමණාකරුවෙකු වන කිරාන් අතපත්තු මහතා භාණ්ඩාගාරික ධුරයට තරග වැදීමෙන් මෙවර මලල කී‍්‍රඩා නිලවරණයේදී තවත් කැපී පෙනෙන සිදුවීම් වේ.
නව මලල කී‍්‍රඩා පරිපාලනයේ ප‍්‍රධානම අභියෝගය වන්නේ ලබන ජූනි 9 වැනිදා ආරම්භ වන කොළඹදී ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය සාර්ථකව පැවැත්වීමය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මලල ක‍්‍රීඩා මුල් පුටුවට දයා රත්නායක නිතරගයෙන්