(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
මුදල් ව්‍යාපාර පනත සහ මුදල් සමාගම් පනත යටතට ඇතුළත් ආයතන හැර වෙනත් පුද්ගලයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව ‘මුල්‍ය’ යන වචනය භාවිතා කිරීම නීති විරෝධී යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
“2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්, මූල්‍යකරණය හෝ මූල්‍ය යන වචනය තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්‍ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතුය” ලෙස එම නිවේදනයේ සඳහන් වේ.
එම ප්‍රතිපාදනය උල්ලංඝණය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලයකු වරදකරුවකු වන බවත් ඒ අනුව එම නීතිමය අවශ්‍යතාව පිළිපදින ලෙස මහජනතාවට තරයේ අවවාද කරන බවත් මහ බැංකුව කියයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
‘මුල්‍ය’ යන වචනය භාවිතය ප්‍රවේශමෙන්
Asanga Thursday, 27 February 2025 02:19 PM
මට කොලඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් තියනවා.
රට වැසියා Thursday, 27 February 2025 02:56 PM
අපේ රටේ "මුල්‍ය" ප්‍රතිපත්ති සහ "මුල්‍ය ඔස්තාර්ලා" ගැන අහන කොට මගේ මූලං ගාය එක සිය ගානට නගිනවා - බෙහෙත් ගන්න විදියක් නැ මුල්‍ය ප්‍රශ්න නිසා!
jayasekara Thursday, 27 February 2025 03:41 PM
රාජ්‍ය මුල්‍ය පිළිබඳ ආර්ථීක විදිය උසස් පෙළ පාඩම් මාලාව නවක පන්ති ඇරඹුනා
de silva Thursday, 27 February 2025 08:55 PM
මම හිතන්නේ දැන් පිස්සුව හොඳටම තදවෙලා වගේ...
සාලිය Friday, 28 February 2025 08:07 AM
සමානාත්මතාවය කඩකරලා නේද?