IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මිලියන 16 ක මත්පෙති සිලාවතුරේ කැලෑවක

( රොමේෂ් මධුෂංඛ)

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් රුපියල් මිලියන 16 කට අධික මත්පෙති 111,000 ක් සොයාගත් බවට මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මන්නාරම යුදහමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට මේ බව දැනුම් දී ඇත.

අනතුරුව එහි පොලිස් නිලධාරීන් පිරිසක සහ යුදහමුදා නිලධාරීන් එක්ව ශිලාවතුර ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශක සිදුකරන ලද සෝදිසියකදී සඟවා තිබූ මෙම මත්පෙති තොගය සොයාගනු ලැබීය.

එහිදී විශාල උර දෙකක් තුළ අසුරා තිබූ ප්‍රිගැබ්ලින් වර්ගයේ නීතිවිරෝධී මත්පෙති තොගය සොයාගනු ලැබීය.

මෙම මත්පෙති තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ශිලාවතුර ප්‍රදේශයේ කැලෑවක සඟවා පසුව වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ජාවාරම් කරුවන් සැලසුම් කොට ඇති බවට සැක පල කරන අතරම අදාල මත්පෙති ගෙන්වූ අය කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති බවටද පොලීසිය පැවසීය.

සොයාගත් මත්පෙති තොගය මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් භාරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

 



අදහස් (0)

මිලියන 16 ක මත්පෙති සිලාවතුරේ කැලෑවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site