IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මිලානෝ ජංගම සේවය සාර්ථකයි

ඉතාලියට පත්ව ආ නව තානාපති බැනට් කුරේ මහතාගේ ප්‍රථම තානාපති ජංගම සේවය පසුගිය සති අන්තයේදි මිලානෝ නුවරදි පැවැත්විණි. දහසකට අධික පිරිසක් ඒ සදහා සහභාගි වු බවත් ඔවුන් හට  උපරිම සේවය ලබා දිමට   කටයුතු කළ බවත් තානාපති කියයි.

‘ඇත්තෙන්ම හිතපු නැති විදියට මහා සෙනගක් ආවා. අපි නිලධාරින් දහතුන්දෙනයි හිටියේ. මගේ නිලධාරින් උදේ 8  පුටුවේ වාඩි  වුණා. නැගිට්ටේ රෑ 12 ට. ඔවුන් දවල්ට කෑවේ හවස 4 ට. පෑමිණි අයටත් උපරිම සේවය ලබා දුන්නා කියලා මම හිතනවා. මෙක මගේ ඉතාලියේ පළමු ජංගම සේවය. යම් අඩුපාඩුවක් උනා නම් එය ලබන සැරේ වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ.‘ තානාපති එසැණට එසේ පෑවසීය.

 පසුගිය දින දෙකෙදි ජ0ගම සේවයෙන්   ගැටලු විසදා ගෑනිමට පෑමිණි බොහෝ පිරිසක් එසැණට කතා කරමින් කියා සිටියේ තානාපති කාර්යාල නිලධාරින් නොවන මිලානෝ නගරයේ ජිවත්වන ටයිකොට් දමාපු කිහිප දෙනෙක් තම බලය උපයෝගි කොට අ0ක පිලිවෙලට නොව වෙනත් මාර්ග වලින් තම හිතවතුන්ව ඇතුළු කළ බවය.

තානාපති  කුරේ මහතා කියා සිටියේ එවෑනි දෙ සිදු නොවන්නව්තමන් වග බලා ගන්න බවයි . ඇත්තෙන්ම තානාපති ඊට මැදිහත් වුණා. සිතලේ පොලිම් වල හිටපු මිනිස්සුන්ට අන්තිම මොහොතේ හරි සාධාරනයක් ඉටු වුණා. එසැණටත් තානාපති තුමාටත් එකට ස්තුති වන්ත වෙනවා.. මිලානෝ නුවර චින්තක චන්දන කුමාර මහතා එසේ කියයි.



අදහස් (0)

මිලානෝ ජංගම සේවය සාර්ථකයි

සමන් දන්තනාරායන Monday, 02 December 2013 04:17 PM

හොඳ වැඩක් කරලා තියන්නෙ. මේක කරගෙන යන්න ඔබට සක්තිය ලැබේවා... (ස)

:       0       0

චමත් ඉතාලිය Monday, 02 December 2013 05:54 PM

චතුල,මොකද?බස්සා වගේ 'හුම්' කියන්නේ? (නි)

:       0       0

සරත් Monday, 02 December 2013 06:03 PM

තානාපතිතුමා හොද කල්පනාවෙන් ඉන්න (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Monday, 02 December 2013 06:14 PM

මෙහෙම නිළධාරීන් තමයි විදේශ සේවයට වටින්නේ. මේ කියන විදියට ඔහු හොඳ කෙනෙක් නම්, සාර්ථකව දීර්ඝ කාලයක් සේවය කිරීමට හැකි වේවා! (නි)

:       0       0

නෝනිස් Tuesday, 03 December 2013 04:51 AM

ඇත්තටම ඉතාම කර්යශීලීව තානාපති කාර්ය අංශය මෙහි සිදුකළ අතර මමත් මෙහි සේවය ලබාගත් අයෙක්මි.මෙහි ගොඩක් අඩුපාඩු සිදූවුයේ සේවය ලබා ගැනීමට පැමිණි අයගේ නොහැකියාව නිසා බැව් මට වැටහුනි.මන්ද මෙහි ඇති ඉල්ලුම්පත් පිරවීම කළයුත්තේ තමන් විසින් වන අතර වැඩි පිරිසක් තමාගේ ඉල්ලුම්පත හරියාකාරව පිරිවීම නොකිරීමෙන් ගැටළු සිදුවිය.තවද එහි සිටි නිලධාරින්ට මහත් අපහසුතාවයකට මුහුණ දෙන්න සිදුවිය. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 December 2013 01:59 PM

මොහු ඉතාම පොඩි තැනකින් ආව නිසා පොඩි මිනිහගේ දුක හොඳට දන්නවා ! (ස)

:       0       0

ලෙස්ලි ලෝව් Monday, 02 December 2013 07:47 PM

මා හට මෙම ජංගම සේවයෙන් සේවාවක් අවශ්‍ය නොවුවද මෙය සාර්ථක වීම ගැන මා සතුටු වෙමි. (නි)

:       0       0

ඉඳුනිල්- කින්ස්බරි Monday, 02 December 2013 07:51 PM

ලකුණු දාගන්න පොරකන සමහරු ‍තානාපතිතුමාට වැඩ කරගෙන යන්න ඉඩ දෙයිද කියලා සැකයි. ප්‍රවේශමෙන්. (නි)

:       0       0

ඇතීන Monday, 02 December 2013 07:53 PM

තානාපතිතුමනි, අසල්වැසි ග්‍රීසියේ කිසිම රාජ්‍යය සම්බන්ධතාවයක් නොමැතිව සිටින අපටද මෙවන් සේවයක් අවශ්‍යමයි. (නි)

:       0       0

කමල් Monday, 02 December 2013 03:06 PM

අර පතාලයාගේ අයද? කෝ දැන් එයා(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 02 December 2013 03:22 PM

හ්ම්.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site