සිතුම් චතුරංග
දඹදිව වන්දනාවෙ ගොස් මෙරටට පැමිණ මුලතිව් ගුවන් හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන්කළ පුද්ගලයින් 203 දෙනකු අද(06) නිවෙස් වෙත පිටත්ව ගිය බව ගුවන් හමුදාව පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් ඉන්දියාවේ ගුවන්තොටුපලවල් වසාදැමීමත් සමඟ මෙම පිරිස ඉන්දියාවේ නවදිල්ලි හි නුවර රැදී සිටි අතර පසුගිය 22 වැනිදා ඔවුන් විශේෂ ගුවන් යානාවකින් මෙරටට රැගෙනවිත් සිටියහ.
සාර්ථකව නිරෝධායනය අවසන්කළ පිරිස අතර භික්ෂූන් වහන්සේලා පස්නමක් වන බවද පැවසීය.
එම පිරිස නිරෝධායනය සඳහා මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත යොමු කළ අතර ඒ අනුව දින 14 නිරෝධායනය අවසන් කිරීමෙන් අනතුරුව පිටව ගිය බවද පැවසීය.
උතුරු පළාතේ ගුවන් හමුදා කඳවුරු තුලින් සාර්ථකව නිරෝධායනයවූ තෙවන කණ්ඩායම ලෙස මෙම පිරිස පිටව යන බව ගුවන් හමුදාව සඳහන් කළේය.
පිටව යන පිරිස වෙත ගුවන් හමුදාව විසින් ප්‍රවාහන පහසුකම්ද ලබාදී තිබූ අතර ඔවුන් තවදුරටත් දින 14 ක කාලයක් නිවෙස්තුල ස්වයං නිරෝධායනය වන ලෙසට උපදෙස් ලබාදී ඇතැයිද ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුලතිව් කඳවුරේ නිරෝධායනය අවසන් කළ 203ක් පිටව යති
banda Monday, 06 April 2020 08:38 AM
පව් අහිංසකයෝ ගෙදර ගියාම තමා මේ ගොල්ලට කොරෝන හැදෙන්නේ . මොකද මේවට නම දාන්න ඕන කොරෝන බෝ කරන මද්‍යස්ථාන කියලා.