IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මාලිංග බණ්ඩාර දෙවැනි එක්දින තරගයට කැදවයි

ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගයට දකුණතින් පා ද`ග පන්දු යවන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක මාලිංග බණ්ඩාර ක‍්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වේ. ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල මෙම තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 68 ක පරාජයක් ලැබීය. එහිදී ශ‍්‍රී ලංකා පිලේ පා ද`ග පන්දු යවන්නා ලෙස ක‍්‍රීඩා කළ සීකුගේ ප‍්‍රසන්න (74/1) දැඩි ප‍්‍රහාරයට ලක්විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (28) පෙරවරුවේ පැවැති පුහුණු සැසියේදී මාලිංග බණ්ඩාර පන්දු යැවීය. මෙම පුහුණු සැසියට ක‍්‍රීඩකයන් හත් දෙනකු පමණක් සහභාගි වී සිටි අතර වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් පන්දු කීපයක් පමණක් යවා ආබාධයකට ලක්වීමෙන් පන්දු යැවීමෙන් ඉවත්ව සිටියේය. ටෙස්ට් ක‍්‍රීඩක 32 හැවිරිදි මාලිංග බණ්ඩාර එක්දින ජාත්‍යන්තර තරග 31 කදී කඩුලූ 36 ක් දවා ගැනීමට සමත්ව සිටින අතර ටෙස්ට් තරග 8 කදී කඩුලූ 16 ක් දවාගෙන තිබේ. දෙවැනි තරගයට ක‍්‍රීඩා කරන කණ්ඩායම තේරීම සදහා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජික දොන් අරුණසිරි මහතා හෙට (29) දඹුල්ලට පැමිණීමට නියමිතය. පළමු තරගය පැවැති තණතීරුවේම හෙට තරගය ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පළමු තරගයේ පරාජයෙන් පසු ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් ක`ඵවිතාරණ මහතා පැවසුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් හො`දින් ක‍්‍රීඩා නොකිරීම හේතුවෙන් පරාජයට පත්වූ බවයි. ”අපි හො`දින් ක‍්‍රීඩා කළේ නෑ, දෙවැනි තරගයේදී බොහෝ විට කණ්ඩායමේ වෙනසක් වෙයි” යැයි ක`ඵවිතාරණ මහතා වැඩි දුරටත් පැවසීය. (ඡායාරූපය: ශාන්ත රත්නායක) මාලිංග බණ්ඩාර පුහුණු සැසියේදී පන්දු යවමින්..



අදහස් (0)

මාලිංග බණ්ඩාර දෙවැනි එක්දින තරගයට කැදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site