2013 ජූලි 29 වැනිදා කොළඹ ඔඩෙල් රිය ගාලේදී හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට පහර දුන්නැයි කියන සිද්ධිය සටහන්වී ඇති සීසීටීවී වීඩියෝ පටය වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (8) කුරුඳුවත්ත පොලිසියට බාර දුන්නේය.
හමුදාවේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන පැමිණි 12 දෙනකු මාලකට පහරදීම නිසා ඔහු රෝහල් ගත කැරිණි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලකට ගැහූ හැටි හොයන්න වීඩියෝ පටය යළි පිරික්සයි
කවින්ද Wednesday, 09 March 2016 02:59 AM
ගුටිකන්නටම උපන් පුත්තු! (නි)
විහඟ Wednesday, 09 March 2016 11:30 AM
මිනිස්සු 19000ක් වකුගඩු රෝගයෙන් පෙළෙනවා. නමුත් ඒවා ගැන බලන්න උවමනා නැහැ. ළමා රෝහලේ පිළිකා හැදුන දරුවන්ට අවශ්‍ය බෙහෙත් නැහැ. නමුත් ඒවා දැවෙන ප්‍රශ්න නොවේ. දැවෙන ප්රශ්නය මාලක ගේ ඇඟට අත තැබීමට ඉදිරිපත් වූ එවුන් සොයා හිරේ දැමීමය. චම්පික ඇමතිගේ නිර්දෝෂ භාවය ඔප්පු කිරීමය.(බ)
සකුන්තලා Wednesday, 09 March 2016 03:23 AM
සම්මානය දෙන්න ඕන මොනවා වුණත් කරපු අයට.(ම)
සුනෙත් එරන්ද ගමගේ Tuesday, 08 March 2016 02:20 PM
නාමල්ලා එක්ක මොන ගේමක් තිබුනත් මේක හොයන්න ගිහින් ඒකට නාමල් හරි යෝෂිත හරි සම්බන්ධ බවට අහු වුනොත් අන්න එදාට ඒ දෙන්න රටට වැඩ දායක දෙයක් කරපු එල කොල්ලෝ දෙන්නෙක් කියල කියන්න පුළුවන්. (බ)
ආලෝක Wednesday, 09 March 2016 05:08 AM
එතකොට හිල්ටන් එකේදී අර මේජර්ගේ සිද්ධිය? ඒවට මොකුත් නැද්ද? (නි)
අරුණ Tuesday, 08 March 2016 03:33 PM
නාමල්ලා සහ මාලකලා සංසන්දනය කිරීම යනු වඩාත් විස පොලඟාද මාපිලාද ඇහුවා වගේ. මුන් ඔක්කොම විසයි. නාමල්ලා නිල් බලකායෙන් කරපු දේකුත් නැහැ. යෝෂිත නේවි ගිහින් යුද්ධෙට ගියෙත් නැහැ. මාලක නයිට් ක්ලබ් බඩ ගෑවා විතරක් නෙමේ, ආපහු යන්න දෙන්නත් කියලා නඩුත් යනවා. ඌට තියෙන එකම ප්‍රශ්නේ ක්ලබ් යන්න බැරි එක.(කෞ)
දීපාල් නිරෝෂ් Tuesday, 08 March 2016 03:45 PM
අනේ පව් තාත්ත වගේම අහිංසකයා, අැයි මේ පරීක්ෂණ මෙච්චර පමා කළේ? (බ)
කපිල Tuesday, 08 March 2016 04:15 PM
මේ වගේම ඉස්සර "ගස් බැදපු" සිද්ධියයි, රුපවාහිනියට ගහපු එකයි විභාග කරන්නේ ගන්නේ කවදද? (බ)
ලක්ෂ්මන් Wednesday, 09 March 2016 09:31 AM
විශාල වැටුප් ලබමින් ගරු ඇමතිවරු රටේ දැවෙන ප්‍රශ්න හොයා බලා විසඳන විදිය අපි කාටත් ආදර්ශයක්. වහාම විසඳියයුතු රටේ දැවෙන ප්‍රශ්නයක් සාර්ථකව අපේ උගත් නැණවත් ඇමතිතුමාලා මුලිකවෙලා හරි විසඳීම ගැන හරි සතුටුයි. (නි)
සුදේශ් Wednesday, 09 March 2016 05:48 AM
පොලිසියට වැඩ නැත්තම් හොඳයි (නි)
ශාන් Tuesday, 08 March 2016 04:23 PM
මුට ගහපු එකමයි හොද ....(කෞ)
පැට්රික් Tuesday, 08 March 2016 04:19 PM
ඕක නම් හෙව්වේ නැතුවත් කමක් නෑ(කෞ)
නිශාන්ත Tuesday, 08 March 2016 04:19 PM
මොකෝ මේ........ ආ.. මට අමතක වුනානේ එයාලා දැන් යූඑන්පී එකේ අර්ජුන එක්කනේ ඉන්නේ. යහපාලනය (කෞ)
සුමිත්‍රා බස්නායක Tuesday, 08 March 2016 04:37 PM
මේ වගේ වටිනා කියන පුත්රුවනක් කිසිම ඇමතිවරයෙකුට නැතුව ඇති. (නි)
විතානගේ Wednesday, 09 March 2016 06:26 AM
අර ගස් බැඳපු සිද්ධියෙන් ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය වෙලා නැහැ වගෙයි. මම දන්නේ නැතිකමට අහන්නේ.. (නි)
අශේන් සමරවීර Tuesday, 08 March 2016 04:54 PM
මේ රටේ වෙන වැඩ නැද්ද? ගුටිකාපු එකම තමයි හොඳ. අනෙක දැන් මර්විනුත් මේ යහපාලන ආණ්ඩුවේ කෙරුමෙක් වගේ. මේවගේ මිනිස්සු ෆෝර්ම් කරන්න ගිහින් මේ ආණ්ඩුව වැටෙනවා බොහොම ළඟදීම. කණගාටුයි. (නි)
රවි බණ්ඩාර Tuesday, 08 March 2016 10:00 PM
සීසීටීවී බලලා මාලකට ගහපු නැති අයට දඩ ගහනවා මට බලයක් තිබුණා නම් (නි)
ඉන්දු Tuesday, 08 March 2016 10:44 PM
ගුටිකන්න වෙන වැඩ කරලා, ගුටිකෑවට පස්සේ ඕකේ මොනවද හොයන්නේ...? (නි)
ඉන්දු Tuesday, 08 March 2016 10:54 PM
ගහපු අයට සම්මානයක්වත් දෙනවා නම් මේ වෙනුවෙන් කාලය නාස්ති කළාට කමක් නැහැ ඔන්න (නි)
අබය Wednesday, 09 March 2016 07:41 AM
"රිටර්න් ඔෆ් ද ඩ්‍රැගන් " (නි)
ඉන්දික Wednesday, 09 March 2016 01:39 AM
මේ ආණ්ඩුවට තිබෙන ලොකුම ප්රශ්නය රාජපක්ෂලා විතරයි. ඒ ටික හොයලා මොනවාහරි වරදකට පටලවලා හිරේ දැම්මා නම් රටේ තියෙන සියලුම ප්‍රශ්න ඉවරයි. මොකද දැන් මිනිසුන්ට තිබෙන එකම ප්රශ්නය මේක විතරයිනේ. (නි)
පියල් Wednesday, 09 March 2016 01:49 AM
හොයන්න හොයන්න. අපිත් මේ බලාගනෙ ඉන්නේ (නි)
බමුණු Tuesday, 08 March 2016 01:29 PM
ඕව ගැන සොයන්න එපා ඔය ගොල්ලන්ටත් වදින්න එපාය . (කෞ)