පුත්තලම අනුරාධපුර මාර්ගයේ හතරේ කණුව කන්ද අමාරුවෙන් නගිමින් සිටි ලොරියකින් මිරිස්ගෝනි 10ක් හොරෙන් බා ගත් බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
කොළඹ සිට යාපනය බලා ගිය මෙම ලොරියේ රියදුරාට සහ සහායකයාට නොදැනෙන පරිදි සොරුන් මිරිස් ගෝනි බාගෙන ඇතැයි ද, මීට කලින් ද මෙවැනි සොරකම් සිදු වී ඇතැයි ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
591
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිරිස් හොරා කන්දෙන් අල්ලයි
ධම්ම Sunday, 29 September 2013 04:15 PM
හොරුත් එක පාර පොහොසත් වෙන්න මිරිස් මිටි දහයක්ම අරගෙන. මෝඩ හොරු. එකක් දෙකක් ගත්තානම් ඕක අහුවෙන්නෙත් නැහැ.(නදී)
දයා අළහකෝන් Sunday, 29 September 2013 04:44 PM
උපාලිට නම් හොදට පළපුරුද්දක් තියෙනවා වගෙයි (නි)
ජයසූරිය Sunday, 29 September 2013 05:30 PM
මිරිස්නේ හොරකම් කළේ. දඩුවමත් සැරට දුන්නොත් තමා හොද (නි)
දොන්සේතං Monday, 30 September 2013 12:12 AM
හේවාවිතාරන ,ඔයා යන්නේ කොහේද?මල්ලේ පොල්නේ? (නි)
පිටබැද්දර ජයා Sunday, 29 September 2013 12:27 PM
කැකිල්ලේ රජුරුවෝ නැති නිසා හොඳයි. නැත්නම් දඬුවම් කරන්නේ කන්ද හෙමින් ඇද්ද රියදුරාට. නැද්ද මං කියන්නේ ? (නි)
හේරත් Monday, 30 September 2013 02:12 AM
නැද්ද මටත් හොද්දකට ටිකක් ඉල්ලා ගන්න? හචීස් ...හචීස් ...හචීස් ....හා හාහ් හචීස් ... (නි)
හේවාවිතාරණ Sunday, 29 September 2013 06:28 PM
පුත්තලම අනුරපුර මාර්ගයේ අමාරුවෙන් යන්න තරම් කඳු නැහැනේ (නි)
උපාලි Sunday, 29 September 2013 12:40 PM
මේ වැඩේ කුරුණෑගල-දඹුල්ල පාරේදීත් ඔමාරගොල්ල කන්දේදී රෑට සිද්දවෙනවා. කොළඹින් යන බඩු ලොරි කන්ද නගින්නේ හෙමින් නිසා හොරුනට ලේසියෙන් බඩු ගෝනි බාගන්න පුළුවන්. (නදී)
හේවාවිතාරණ Sunday, 29 September 2013 06:35 PM
මිරිස් එතරම්ම බරද? එහෙමනම් එම ලොරිය මෙයට අවුරුදු සියයකට පෙර ලංකාවේ තිබුණු දඬු ෆෝර්ඩ් ලොරියක් වෙන්න ඇති (නි)
හේවාවිතාරණ Sunday, 29 September 2013 06:41 PM
මේක ලොරියක් වෙන්න බැහැ, බර කරත්තයක් වෙන්න ඇති (නි)
හේරත් Monday, 30 September 2013 04:39 AM
කොකු....?...හ්ම්ම්....මැඩකොකු මාළුවා ගැනද මේ අහන්නේ? (නි)
ට්‍රියෝනි සෙනවිරත්න Sunday, 29 September 2013 01:35 PM
මිරිස් කුඩු ටිකකුයි බටේකුයි ගත්තනම් ඉතිරි හොරකම් ටිකත් එළියට ගන්න පුලුවන්.(නදී)
අමිල කටුනායක Sunday, 29 September 2013 07:07 PM
කොකු දාලද ඇදලා ගත්තේ? (නි)
උපාලි Monday, 30 September 2013 06:15 AM
දයා අලහකෝන්, ඇත්ත. ඉස්සර දවසක් මමත් තවත් නිලධාරීන් පිරිසකුත් කොළඹ සිට ඕමාරගොල්ල හරහා මහා රෑ ගමන් කරද්දී පාර මැද බඩු පිරවූ ගෝනියක් දැකලා රියදුරු වාහනය නැවැත්තුවා. අපි ඒ ගෝනිය මොකක්ද බලන්න යනකොට කැලෑවෙන් මිනිහෙක් මතුවුනා. ඔහු අපට තර්ජනාත්මක ස්වරයෙන් කිව්වා 'ඕක මහත්තයලගේ නෙමෙයිනේ. ඔහොම තියලා යන ගමන යන්න' කියලා. අපට පෙනුනා තවත් කොල්ලකරුවන් පිරිසක් ඒ අසල කැලයේ ඉන්න බව. අපේ වාහනයේ සටහන් කර තිබුන අප සමග ගමන්කළ උසස් නිලධාරියාගේ තනතුර ආදිය. ඒ නිසා අපි බේරිලා ආවා කොල්ලකෑමට ලක් නොවී. (නි)
සෙන්තිල් Sunday, 29 September 2013 02:36 PM
මිරිස් හොරු කව්ද? මිරිදස් ලොරිය කාගෙද?(නදී)