IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාරයා - Short Film

20160329-ent-21ඔබත් මමත් කෙදිනක හෝ අත්විඳින යථාර්තයේ තවත් සිනමාත්මක පැතිකඩකි.

තම තමන් විසින් පෙර කරන ලද කර්මයන්ට අනුව විවිධ ආත්මයන්හි උත්පත්තිය ලද මිනිසා. .මේ භවයේදීත් සිත, කය සහ වචනය යන තුන් දොරින් නවතම කර්මයන් බිහි කරගනු ලබන්නේය. .

කර්මයෙහි ඵල විපාක දැනගත් පමණින් එයින් මිදෙනු නොහැක්කේය. මාරයා තුළින් එම තත්ත්වය වටහා ගැනීමට ඔබට මාර්ගයා පාදාගත හැක. මාරයා නිර්මාණය එම පැටළුනු නූල් බෝලයෙහි කොන් සොයා දෙයි.

මරණයේදී තමාගේම කර්මයට බියෙන් ඔහු විළාප තබන්නේය. මාරයාගේ සෙවනැල්ලෙන් ඔහු සිත විකල් වන්නේය. . තමාගේ අතීතය ගැන පසුතැවිලි වන්නේය. . .ඉදින් ඔහු මිය යයි. . ලෝකය තවමත් එතැනයි.

“මරණය… එය කෙතරම් අසුන්දරද? ඒ පිළිබඳ කතා කිරීමට පවා අපි කෙතරම් බියක් දක්වන්නේ ද? නමුත් යම් දිනයක අපව මරණය කරා ඔහු රැගෙන යනු ඇත.” මෙම කෙටි චිත්‍රපටය පාදක වන්නේ මාරයා නම් මන:කල්පිත චරිතය ව‍ටා වීම මෙහි ඇති සුවිශේෂම ලක්ෂණයකි. මාරයා විවිධ වේශයන්ගෙන් පෙනී සිටි.

එසේම මෙම කෙටි චිත්‍රපටය තුළ ගීතයක් ඇතුළත් වීම හා එය රූප රචනාවක් ලෙස ඉදිරිපත් වී තිබීම‍ද ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් එක් කිරීමට සමත් වේ.

තවද මෙම ගීත නිර්මාණයට විදේශීය නිර්මාණකරුවන් රැසකගේ දායකත්වය ලැබී තිබීම නිසා මෙය අන්තර්ජාතික කෙටි චිත්‍රපටයක් ලෙස හැඳින්වීමටද හැකිය.

Narrative Short කාණ්ඩයට අයත් මෙම “මාරයා” කෙටි චිත්‍රපටයේ සහ ගීත රූප රචනයේ අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණය අමිල C. කුමාරසිංහ වන අතර කලා අධ්‍යක්ෂණය හා සහය කැමරාකරණය ධනංජය පෙරේ‍රා ගෙනි. මෙයට රංගනයෙන් නතාශ් පීරිස් දායක වී ඇත.

 

රචින්ත ජයවර්ධන


20160329-ent-20



අදහස් (0)

මාරයා - Short Film

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site