IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මීරියබැද්දේ පිරිස වහා ඉවත් කරන්න

(සමන් පාලිත නානායක්කාර)

කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය ගිය ස්ථානය දෙපස අධි අවදානම් කලාපයේ සිටින පවුල් 16 ක් ඉවත් කර හෙට දින (19) උසාවියට ප්‍රගතිය වාර්තා කරන ලෙස බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනෙත් ද සිල්වා මහතා අද (18) නියම කෙළේය.

ඉවත්ව යන ලෙස දැනුම් දුන්න ද මෙතෙක් එම දැනුම්දීම නොසලකා එහිම අවදානම් ලෙස රැඳී සිටින මීරියබැද්ද පවුල් දහසයක් සඳහා මෙම නියෝගය නිකුත් කෙරිණි.

කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී දිනේෂ් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ඇතිව පොලිස් කොස්තාපල් (69335) පුවනේෂ්වරන් මහතා උසාවියට කරුණු වාර්තා කළේය.

කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත් කෙනත් ද සිල්වා මහතා අනාරක්ෂිතව පදිංචිව සිටින පවුල් 16 වහාම ඉවත් කර හෙට දින උසාවියට කරුණු වාර්තා කරන ලෙස ද නියෝග කළේය.

මේ පිළිබඳව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අදාළ ජනතාව දැනුම්වත් කරන බවත් එහෙත් නොයන්නේ නම් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් වික්‍රමසිංහ මහතා පැවසීය.

 



අදහස් (0)

මීරියබැද්දේ පිරිස වහා ඉවත් කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site