IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැරයන් පහරදුන් ඇඟළුම් හලට එස්.ටී.එෆ් ආරක්ෂාව

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මැර කණ්ඩායමකගේ පහර කෑමට ලක් වූ ඕමාන් ජාතිකයාට අයත් කටාන හල්පෙ ඇඟලුම් කම්හලට පොලිස් විශේෂ කාර්ය බළකායේ අධික්ෂණය යටතේ පොලිස් ආරක්ෂාව ලබාදුන් බව බඩල්ගම පොලිසිය කියයි.

මෙම පහර දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ පවත්වන අතර පොලිස් විශේෂ කාර්ය බළකාය ඇඟලුම් කම්හල් භූමිය වරින්වර නිරීක්ෂණය කිරීමට කටයුතු කර ඇත.

බඩල්ගම පොලීසියේ නිලධාරීන් පැය විසිහතර පුරා ඇඟලුම් කම්හලේ ආරක්ෂක රාජකාරි සඳහා යෙදවීමට ද කටයුතු කර තිබේ.

මේ අතර ඕමාන් ජාතික ආයෝජකයාට හා ආරක්ෂකයාට පහරදී මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි සැකකරුවන් දෙදෙනකු ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලීසිය කියයි .

 



අදහස් (4)

මැරයන් පහරදුන් ඇඟළුම් හලට එස්.ටී.එෆ් ආරක්ෂාව

ravin Sunday, 09 April 2023 05:02 PM

මොනදේ කළත් පිටිපස්සේ ඉන්න දේශපාලකයාගේ ආණ්ඩු ගැටගහන්නේ නැතිව ප්‍රශ්නයට විසඳුමක් නැහැ.

:       0       51

සුරංග Sunday, 09 April 2023 06:47 PM

යන්නේ කොහේද මල්ලේ පොල් ප්‍රතිකර්මයක් තමයි කරලා තියෙන්නේ මැරයෙකුට ඇප දුන්නාම ඒකත් කඩන්න තරම් මැරයින් ඉන්නවා කියන්නේ කොහොමද? කාගේ බලයක්ද තියෙන්නේ? එහෙම නම් ඔවුන්ගේ බලධාරීන්ට උපරිමයෙන් දඬුවම් දියයුතුයි. ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනෑ.. මේවා තමයි අවුරුදු 75ක් රටවලට යන්න හේතුවක් වෙලා තියෙන්නේ... මෙහෙම තියෙද්දී ඔවුන්ගෙ මහලේකම් කියනවා මිනිස්සු බලාපොරොත්තුව ඉන්නේ පොහොට්ටු ආණ්ඩුවක් කියලා.. මාලිමාවේ ආණ්ඩුවක් ඕනෑ නම් ඔහොම ඉස්සරහට යමුකෝ...

:       2       28

piyal weerasinghe Sunday, 09 April 2023 05:04 PM

ඉන්න හිතෙන රටක්... මේ විදිහට මැරයින් රට කරනවා නම් තව ආයෝජකයින් රට අතහැර යයි...

:       0       58

Lalla Sunday, 09 April 2023 07:22 PM

මැරයන්ට ආරක්ෂාව දෙන දේශපාලුවා සිරගත කළයුතුමයි. රටේ අනාගතය ඇත්තේ ආයෝජන මත මිස බරගැස්තර දේශපාලුවන් මත නොවේ...

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site