(අංජුල මහික වීරරත්න)
රජයෙන් දෙන සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් සමීක්ෂණ නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉල්ලා සිටීයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකය.
සුබ සාධන ප්‍රතිලාභ ඉල්ලුම් කරමින් ලැබී ඇති අයදුම්පත් වලින් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු අදියරෙන් අදියර සිදු කරමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ අනුව දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 46%ක් බව සඳහන් කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ 34%ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් 32%ක් ද ආදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීම සිදු කර ඇති බව ද පැවසීය.
නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
423
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර්තු 31ට පෙර තොරතුරු නොදුන්නොත් සුබ සාධන ප්‍රතිලාභ නෑ
Lalla Friday, 17 March 2023 07:10 AM
අපේ ගමේ බයිසිකලෙන් ගිහිල්ල මාලු විකුනන්නාට, අවුරුදු පණහක් තිස්සේ ගෙදර කඩයක් කරන දරුවාත් රැකියාව කරන මුදලාලිට පවා සමෘද්ධිය ලැබෙනව. මොවුන්ට දුප්පත් ලේබලය ගහනවනම් ගුරු හෙද වැන්නන්ටත් සමෘද්ධිය දිය යුතුය...... මේ දෙදෙනාගේම දරුවන් රජයේ රැකියාවල..... සමෘද්ධිය හොර ගුහාවක් පමණි.....