2012 දී මස්සිනා මැරීයැයි වැරදිකරුවූ මැදගම නන්නතුරාවේ මොහොමඩ් හරීඩ් මොහොමඩ් රිස්වි මරණ දඬුවම නියම වීමෙන් පසුව උසාවි වැසිකිළියට ගොස් බෙල්ල කපා ගත් බවත්, ඔහුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය කියයි.
මරණ දඬුවම ප්‍රකාශයට පත් කළ ගිහාන් කුලතුංග විනිසුරුතුමා පෑන ද කඩා විනිෂ්චාසනයෙන් නික්ම ගිය පසු වැරදිකරු බන්ධනාගාර බාරයට පත්වී මොහොතකින් මෙම සිද්ධිය වාර්තා විය.
ඔහුට මරණ දඬුවම පැණවීමත් සමඟ නෑයන් ඇතුළු පිරිසකගේ විලාපයෙන් අධිකරණ ශාලාව දෝංකාර විය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
මරණ දඬුවම ඉබේම කරගන්න හදයි
මිලාන් Wednesday, 25 June 2014 08:00 PM
මේකට තමා කියන්නේ කළකම් පල දෙනවා කියලා (දී)
අමිල ප්‍රභාත් Wednesday, 25 June 2014 08:12 PM
ඔක්කොමලා කියන විදිහට නිර්මාන්සයි වගේ (දී)
අමිල Wednesday, 25 June 2014 08:14 PM
අදහස් දන අය මස් කද්දී මේ දාපු කමෙන්ට්ස් සිහි කරන්න හොඳද? (දී)
තුවාන් Wednesday, 25 June 2014 03:27 PM
පණ්ඩුල, අපි සත්තු මරන්නේ ආහාරය පිණිසයි, ශාක වලට පවා ප්‍රාණය ඇතිබව තෝ නොදන්නෙහිද ? නුබ කන්නේ මොනවාද ? නිකන් බොරු එපා හලෝ ...........(දී)
ජසීම් Wednesday, 25 June 2014 08:54 PM
මේවට මොනවා ලියන්නද කටු නැටි දීව කොහමත් කතා කියයි අනේ මෙහමත් ලෝකයක් (දී)
රහීම් Wednesday, 25 June 2014 08:58 PM
මෝරලා ඔබ හරි. කෙනෙක් වැරැදි කලානම් ඒ පුද්ගලයාටයි ඳඬුවම් කල යුත්තේ. එතැනදී තම ආගම මොකද්ද ජාතීය මොකද්ද කියන ප්‍රශ්ණ මතුවෙන්නෙ නැතිව. හැමෝම ඉපැදින්නෙ මනුස්සයෙක් විදියටයි පස්සෙයි ආගම් ජාති වෙනස් වෙන්නෙ. කවුරු උණත් වැරැදි කලොත් ඳඬුවම් ලැබිය යුතුමයි. හරක් මරණ කතාව මෙතනට ගාවගන්න එපා සහෝදරවරුනි, බෞද්ධ අය හරක් මස් කන්නැති විදියට කතාකරන්න එපා, ගිහින් මස් කඩේ බලන්න ඔතන ඒ අය නැද්ද කියල. බයිට් එකට බීෆ් නැතුව බැරි අය ඕනතරම් ඉන්නවා. මම කාටත් වැරැදි කියනවා නෙමෙයි තමන් හරි කියල හිතන විදියට ජීවත් උනොත් හරි. තමන්ගෙ වලට වෙන අයගෙ කුසල් අකුසල් එන්නෙ නැහැනෙ. (දී)
ප්‍රිහාන් Wednesday, 25 June 2014 10:27 PM
මෙතන වෙලා නැති එකයි ප්‍රශ්නේ (දී)
හැරිස් Wednesday, 25 June 2014 11:56 AM
මේ අය සතුන්ට මරණ දඩුවම දෙනකොට විලාප නොගන්නේ ඇයි ? (නදී)
කමල් Wednesday, 25 June 2014 11:57 AM
දිට්ට දම්ම වේදනී කරුමය . මේ අය දැන්වත් මේවා තේරුම් ගත්තොත් හොදයි. (නදී)
ලක්මල් Wednesday, 25 June 2014 11:59 AM
කරපු පවු කවදා හෝ විපාක දෙනවා. කර්ම පල වාදය. (නදී)
මුහන්දිරම් Wednesday, 25 June 2014 11:02 PM
වඩාත් යෝග්‍ය මිනිස්සු ටික අදහස් ඉදීරිපත් කර ඇති බව පේනවා,ලංකාවේ මිනි මැරීම් සංගණනයට අනුව නිදහසට පසුව 400000(ලක්ෂ 4ඉ )වැඩියෙන්ම මරපු අය කව්ද කියල විස්තරකලයුතු නේ (දී).
චානක. Wednesday, 25 June 2014 12:12 PM
සුරංගනා කතාවක් වගෙයි. සිරකරුවෙකුට මොනයම් දඬුවමක් දුන් පසු මෙවැනි දෙයක් සිදු කර ගැනීමට අවකාශයක් තිබෙනවද? (නදී)
රොශාන් Wednesday, 25 June 2014 12:14 PM
බෙල්ල කපන එක මේ අයට ටොයිස් වැඩක්. (නදී)
ටිරෝන් Wednesday, 25 June 2014 12:15 PM
ජීවහරන රිසව් කරගන්න ගිය තැන තමයි අප්සෙට් (නදී)
නිසාර් Wednesday, 25 June 2014 12:16 PM
මිනීමරුවන්ට මරණීය දණ්ඩනය දිය යුතුයි. ඒ තුලින් ඔහු එම පාපයෙන් මිදෙනවා වගේම සමාජයේ යහ පැවැත්ම ද රඳවා ගත හැකියි. (නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 25 June 2014 12:17 PM
හැරිස් - ඔයාලගේ අය දවසට කෝටි ගණන් මාළුවෝ මරන්නේ ඒවාට පණ නැද්ද..? හැමදාම මිනි මරන්නේ...? අනික මිනි මැරුවට නියම දඬුවම මරණය තමා. කිසිවෙකුගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්න කාටත් බැහැ. (ස)
මිනිපෙ Thursday, 26 June 2014 12:17 AM
ඔක්කම අපරදකර්යෝ මේ විදියට තමන්ට දඩුවම් කරගන්නවානම් එල්ලුම්ගහේ ජොබ් එක ඕනේ නැ.(අ)
ධම්ම Wednesday, 25 June 2014 12:25 PM
මේ අය සතුන්ට මරණ දඩුවම දෙනකොට විලාප නොගන්නේ, සියලුම ආගමික මස්කන ජනතාවට අහාර වේලක් සැපයීම ගැන සතුටු විය හැකි නිසා විය හැක.(දී)
පිටබැද්දර ජයා Wednesday, 25 June 2014 05:49 PM
එක හොඳයි , තමන්ම තමන්ගේ බෙල්ල කපාගෙන මෙරෙන එක රටටත් බරක් නැහැ . (අ)
ශාන්ති Wednesday, 25 June 2014 12:27 PM
ඇත්ත නිසර් කියනවා වගේ මිනී මරුවන්ට මරණ දඩුවම දිය යුතුය. එවිට තරමක් දුරට හරි මේ වෙන අපරාද අඩු කර ගත හැක (නදී)
කල්පනා චතුරංගි Wednesday, 25 June 2014 12:46 PM
නිසාර්, ඔබ 100% හරි. නමුත් මෙරටේ බලාත්මක කිරීම තමයි ගැටලුව වන්නේ. (නි)
මහේෂ් Wednesday, 25 June 2014 12:48 PM
සියදිවි නසාගැනීම කියන්නේ බොහොම පහසු දෙයක් කියලා හිතන්න ඇති (නි)
ශිහඩ් Wednesday, 25 June 2014 12:56 PM
ඒ මිනිසුන්ගේ සිත් මෙතනම කුරිරුයි. මෙතන අදහස් දක්වල තියෙන හැමෝගෙම කිසිම මානුෂීය හැගීමක් නැහැ. මේකම ඔයාගේ සහෝදරයෙක්ට උනා නම් මොකද කියන්නේ. එ්ත් මේ විදිහටම ප්‍රතිචාර කරනවද? ඇයි මෙහෙම වෛරයෙන් සිත් පෑරිල තියෙන්නේ (නදී)
ඉසුරන්දි Wednesday, 25 June 2014 12:59 PM
දැන්වත් දැනගන්න මරණ බිය කියන්නේ මොකක්ද කියලා. (නදී)
ශිහඩ් Wednesday, 25 June 2014 12:59 PM
මිනිහෙක් වැරදි කළා. දඩුවම් හම්බ උනා එච්චාරයි. මොකටද මේ බෙදීම් (නදී)
රුවන්ති Wednesday, 25 June 2014 01:30 PM
ඉතින් මෙහෙම කළාම පවින් ගැළවෙන්න පුලුවන්ද? (නි)
මරික්කාර් Wednesday, 25 June 2014 01:51 PM
මේ දවස්වල හැමදෙයක්ම එක්කෝ ඉබේම සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් තමන්ම කරගන්නවා (නි)
සමන්ති Wednesday, 25 June 2014 06:29 PM
කුල වර්ග දෙකක් මිනි මරාගන්න කොට එ්ක ගැන කට්ටිය පෙළපාලි ගියාද ? (නදී)
ජයලත් Wednesday, 25 June 2014 02:03 PM
හරක් , කුකුලෝ සහ අනිකුත් ජීවත් වන සියලු සතවයෝ මැරීම පාපය එක හා සමානව ගෙන දෙයි . ඔබ මනුශ්‍ය ආත්මයක වසන නිසා මෙය නොතේරෙයි. විපාක කවදා හෝ ලැබෙයි. (ස)
ගමගේ Wednesday, 25 June 2014 02:06 PM
ඕනෑම සතෙකුගේ ප්‍රාණ ගාතය මොන ආගමක කෙනෙක් උනත් කවදා හෝ විපාක දෙනවා . එය මේ ආත්මයේ හෝ වෙන ආත්මයක වෙන්න පුළුවන්. (ස)
බන්දුල Wednesday, 25 June 2014 02:07 PM
මිනී මරනවා කියන්නේ මිනිහෙක් තව මිනිහෙක් මරණ එක නේ. එතකොට ඔය ජිහාඩ් එකටත් අමෙරිකාවෙන් බෝම්බ දාල මරල දාන එක සාධාරනයි නේද ඵස්රූල් ? (ස)
මෝරලා Wednesday, 25 June 2014 02:08 PM
අපේ මිනිස්සුන්ගේ ජාතිවාදය කවදාද නැති වෙන්නේ ? කොහෙන් හරි මුස්ලිම් නමක් ගැවුන තැන ඉතින් විවේචන ගලාගෙන එන්නේ ආගමට එරෙහිවයි, මෙයාල නම් කවදාවත් හැදෙන්නේ නැහැ, සත්තු මරණ එක වැරදි, හැබැයි මිනී මරණ එක නම් වැරදි නැහැ. (ස)
පණ්ඩුල Wednesday, 25 June 2014 02:10 PM
ඔබ යමෙකුගේ හෝ යම් සතෙකුගේ බෙල්ල කැපුවොත් කර්මඵල වාදය අනුව යම් දවසක ඔබේ බෙල්ලත් කැපෙන බව මතක තබා ගන්න. (ස)
නිවන්ත Wednesday, 25 June 2014 02:23 PM
ඔහු කොතරම් පසුතැවිල්ලට පත්වෙලා ඇද්ද? (නි)
ගුනේරිස් Wednesday, 25 June 2014 02:32 PM
ෆස්රුල් ගෆූර් - කටාර් කියන කෙනාගේ අදහස හරි . එතකොට හරකුන්ගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීම ? (ස)
පහන් Wednesday, 25 June 2014 02:45 PM
මනුෂ්‍ය ඝාතනය වඩාත් පව් සිදුවන ප්‍රාණඝාතයක්. (නි)
යසන්ත Wednesday, 25 June 2014 03:00 PM
ඔහු කළ වරදට පසුතැවිලි වෙනවා ඇති (නි)