IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මොරටු සරසවි පැහැසරණිය දෙසැම්බර් මුල

මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය මගින් සතර වැනි වරටත් සංවිධානය කරන පැහැසර 2013  කලා සහ සංස්කෘතික මහෝත්සවය දෙසැම්බර් මස 3 -5 දිනයන් හි විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට යයි.

සාහිත්‍ය ,සිතුවම්, ඡායාරූප, කෙටි චිත්‍රපට, නාට්‍ය, සංගීත ,නැටුම් අංශ සඳහා වන තරග ප්‍රදර්ශන හා වැඩමුළුවලින් සමන්විත වන මෙම උත්සවය විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම පාසල් සිසුන්ට ද තම හැකියා හඳුනාගැනීමටත් ඔප නංවා ගැනීමටත් මහඟු අවස්ථාවක් වනු ඇත.

           අඩු වරප්‍රසාදලාභී සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට ඉංජීනේරු සිසුහු මේ වැඩසටහනේදී තවත් මෙහෙවරක් ඉටු කරති.

 



අදහස් (0)

මොරටු සරසවි පැහැසරණිය දෙසැම්බර් මුල

ඡානක Wednesday, 20 November 2013 11:48 AM

කුමාරි හාමි ඒ කජු කලේ ඇවිදින්න ගිහිල්ල තියනවා වගෙයි. පැණි බේරෙන කජු පුහුලන් එහෙම කන්න ඇති නේද?(නදී)

:       0       0

නුගේගොඩ Wednesday, 20 November 2013 11:57 AM

හොඳ දෙයක්, මම නම් අගය කරනවා. මහගෙදර - ඇඹිලිපිටිය ඔබගෙ පැහැදිලි කිරීම ඉතාම හොඳයි. (ස)

:       0       0

නුගේගොඩ Wednesday, 20 November 2013 11:59 AM

ප්‍රසන්න, මුල අමතක නොකලොත් ගොඩක් දුර යන්න පුළුවන්. (ස)

:       0       0

නුගේගොඩ Wednesday, 20 November 2013 12:00 PM

හෝඩියේ 'අ' යන්න කියවපු ගුරුතුමියගේ නම මතකද? (ස)

:       0       0

චාමික Wednesday, 20 November 2013 04:40 PM

නෑසෙන ඇසෙන දුර මුහුදේ හෝ සද්ද, පිළියන්දල මොරටු පාරට අනුබද්ද, ටැක්නිකලය ගැන රට තුළ පරසිද්ද, සිරිලක සොඳුරු ගම්මානෙකි කටුබැද්ද!!!!! ඔන්න ඔහොමයි ඒ කාලේ කවියෙන් කියල තියෙන්නේ!!! (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 20 November 2013 02:58 AM

ශුභ පතමි. මා ඉගෙනගත් සරසවිය. මා මිනිසෙක් කළ සරසවිය. (අ)

:       0       0

ලියනගේ Wednesday, 20 November 2013 06:02 AM

සුබ පතමි. සොදුරු මතකයන් දිවියට එක් කළ සරසවි මාතාව. (නි)

:       0       0

ධම්ම Wednesday, 20 November 2013 01:07 PM

ශාන්ත, පේරාදෙණිය සරසවියෙන් පිටවුන සිවිල් ඉංජිනේරුවෝ සාමාන්‍යයෙන් එදිනෙදා මග තොටේදී හමුවන මිනිසුන් වගේමයි. ඒකයි මා එහෙම ඇහුවේ. (ස)

:       0       0

උපාලි Wednesday, 20 November 2013 06:30 AM

මන රමණිය පැහැසරණිය මොරටු පුර (නි)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 20 November 2013 01:29 PM

ධම්ම ගැන දුකත් හිතෙනවා. උපාධියක් ගත්තම අං තට්ටුවක් එනවා ඔය වගේ හිතන අයට. ඒත් අනිත් අය එම දැනීම පාවිච්චි කරන්නේ හොඳින් ජීවත් වීමට. උපාධියට වඩා දැනීම තියන මහාචාර්ටවරුන් දෙපයින් යනවා බොහොම සංසුන් විදිහට මේ ලංකාවේ, (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 20 November 2013 07:04 AM

මාව නම් මිනිහෙක් කලේ මගේ පාසල් මාතාව විශ්ව විද්‍යාලයට යන්න බොහොම කලින්. ඒකට අඩි තාලම දැම්මේ මගේ දෙමව්පියෝ. විශ්ව විද්‍යාලය කාලේ මගේ මව්පියන් හා පාසල් මෑණියන් රෝපණය කරලා ශක්තිමත් කරපු පැළයට පොහොරයි වතුරයි දැම්ම එක විතරයි. (නදී)

:       0       0

මෙන්ඩිස් Wednesday, 20 November 2013 07:28 AM

මහගෙදර ඇඹිලිපිටිය, ප්‍රසන්න අදහස් කරන්න ඇත්තේ ලංකාවේ "ධනවාදී පාරිභෝගික සමාජය" පිළිගන්න ආකාරයේ මිනිසෙක් කියන එක වෙන්න ඇති. (නි)

:       0       0

ශාන්ත හෝමාගම Wednesday, 20 November 2013 01:49 PM

ධම්ම හිත රිදුනා නම් සමාවෙන්න., මමත් කෙලින්ම කිවුවේ මොරටු සරසවියේ ඉංජිනේරුවන් ගැන තමා. විශේෂයේ නම් එහි ඉන්න එක්තරා කට්ටියක් තමා බොහොම උඩඟු. ඉතින් එයාල ලඟ කොහෙන්ද කලා රසයක්. (ස)

:       0       0

චානක Wednesday, 20 November 2013 08:17 AM

උපාලි මහත්තයෝ, මොරටුව කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක්. මන රමණිය පැහැ සරණිය පේරාදෙණියයි (නි)

:       0       0

සමන් Wednesday, 20 November 2013 08:34 AM

මොරටුවේ ඉංජිනේරු සිසුන් කලා ශිල්ප වලට නැඹුරුවක් දක්වනවා යැයි අසන්නට ලැබීම සතුටක්. මම එහි ආ ගිය කාලයේ දැකපු විදියට නම් ඉංජිනේරු නොවන සිසුන් තමයි කලා ශිල්ප වලට උනන්දුවක් දැක්කුවෙ. (නදී)

:       0       0

ශාන්ත - හෝමාගම Wednesday, 20 November 2013 08:52 AM

කලාවට තැනක්, කෙනෙක් කියල භේදයක් නැහැ. වැඩේ නම් හොඳයි. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා මොරටු සරසවියෙන් එලියට එන ඉංජිනේරු ( සිවිල් ) බොහොම ලොකුවට තමා හිතන් ඉන්නේ. ඒක පොඩ්ඩක් අඩු කලා නම් හොඳයි කියලා මගේ අදහස. (ස)

:       0       0

ගයාන් Wednesday, 20 November 2013 02:07 PM

ධම්ම, ඇයි මොරටුවෙන් පිටඋන ඉංජිනේරුවෝ මිනිසුන් වගේ නෙවෙයිද? සතුන් වගේද? අං තට්ටුවක් එහෙම තියෙනවද? දන්නේ නැති නිසයි ඇහුවේ. කොහෙන් පිට උනත් මිනිහ මිනිහමයි, නොමිනිහ නොමිනිහමයි අපි දන්නා විදියටනං.(නදී)

:       0       0

රන්ජිත් Wednesday, 20 November 2013 09:36 AM

කලාව සහ ආධාරය ජීවන සුවද වේ, ඉන්ජිනේරු සිසුන් මෙය වටහා ගැනීම සුභ පෙර නිමිත්තකි, ජය වේවා! (නි)

:       0       0

ධම්ම Wednesday, 20 November 2013 09:40 AM

ශාන්ත, ලංකාවේ සිවිල් ඉංජිනේරු උපාධි දෙන තවත් විශ්ව විද්‍යාල තියෙනවද? (ස)

:       0       0

කුමාරිහාමි Wednesday, 20 November 2013 09:45 AM

චානක,මොරටු සරසවියේ කජු කැළයක් තිබෙනවා කියලා ඔයා දන්නෙ නැද්ද? (නි)

:       0       0

සමන් ධර්මප්‍රිය Wednesday, 20 November 2013 10:13 AM

කලාවේ වටිනා කම දන්නෙ කලා සිසුන්ට වඩා ගණිත, විද්‍යා, වානිජ වලින් හෙම්බත් උන අය තමයි. (ස)

:       0       0

ශාන්ත - හෝමාගම Wednesday, 20 November 2013 10:47 AM

ධම්ම, ඔයා දන්නවද පේරාදෙණිය කියල සරසවියක් ලංකාවේ තියෙනවා කියලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site