
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පසුගිය වසරේ පිරිහීමට ලක්වීම හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම සිය 2023 වාර්ෂික වාර්තාවෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත.
ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම ප්‍රථම වතාවට මෙරට ආගමික නිදහස පිරිහීමට ලක්වීම හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුලත් කරන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.
ලෝකයේ රටවල රජයන් ආගමික නිදහස උල්ලංඝනය කළහොත් හෝ උල්ලංඝනය කිරීමේ සිදුවීම් නොසලකා හැරියහොත් එම රටවල් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කරනු ලබයි.
ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසමේ 2023 වාර්ෂික වාර්තාව මගින් විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට රටවල් 9 ක් නිර්දේශ කර ඇත. 2022 වසරේ එම ලැයිස්තුවට ඇතුලත් වූ ඇල්ජීරියාව සහ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව මෙවරත් ලැයිස්තුවට ඇතුලත් වී තිබේ.
ශ්‍රී ලංකාව, මැලේසියාව, තුර්කිය, උස්බෙකිස්තානය, කසක්ස්තානය, ඉරාකය, ඉන්දුනීසියාව, ඊජිප්තුව, අසර්බයිජානය, ඇල්ජීරියාව, මධ්‍යම අප්‍රිකානු සමුහාණ්ඩුව මෙවර විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුලත් වී ඇති රටවල් 11 වේ.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට ආගමික නිදහස අහිමිවෙලා
BornAgain Tuesday, 02 May 2023 11:51 AM
ඔව් ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන්ම පටන්ගමු ...
sukitha Tuesday, 02 May 2023 11:51 AM
මේක නම් අරතුමාගේ වැඩක්.
කිරිපුතා Tuesday, 02 May 2023 12:34 PM
මොකද්ද දන්නේ නෑ මෙයාලා කියන ඔය නැති නිදහස? මේවා සේරම කාටත් නිදහස දෙමින් නිදහසේ ජීවත්වන බෞද්ධයින්ටම අටවන උගුල් පමණයි..
Kule Tuesday, 02 May 2023 02:00 PM
ඔය අද, මුලතීවු බුදුපිළිමයක් කඩලා තියෙන්නේ එතැනින් පටන්ගමු...
fairoos Tuesday, 02 May 2023 03:43 PM
නන්දසේන තමයි පටන් ගත්තේ...!
BamunuarachchiWednesday, 03 May 2023 10:02 PM
නන්දසේන පටන්ගත්තානම් ඉවරයක් කරලා තමයි නවත්වන්නේ. පටන් ගත්තේ පොකට් මොහොම්මඩ් අවුරුදු 1400 කලින්. අන්තිමට මෑන්ට වහදුන්නා
Kumar (Gulf) Tuesday, 02 May 2023 04:44 PM
ඉන්දියාව යනු ආගමික අයිතිවාසිකම් පිළිබඳ අංක එකේ ගහමරාගැනීම්ය, නමුත් බටහිර ලෝකය ඔවුන්ට ඉන්දියානුවන්ගේ ව්‍යාපාර අවශ්‍ය බැවින් ඉන්දියාවට මෘදු ප්‍රවේශයක් ලබාදෙයි