IMG-LOGO

මායා දර්ශන තලයේදී පානදුර වෙරළෙන් මතු වූ සුනාමි හොල්මන

2016-10-02-ent-76

ඔහු සහාය අධ්‍යක්ෂවරයකු ලෙස චිත‍්‍රපට පනහකට වැඩි සංඛ්‍යාවකට දායක වූවේය. එලෙසින් ආ ගමනේදී අධ්‍යක්ෂවරයකු ලෙස ප‍්‍රවේගකාරී කඩඉමක් සනිටුහන් කළේ ප‍්‍රවේගය චිත‍්‍රපටයෙනි. ඉනික්බිතිව මෙතෙක් සිංහල සිනමාවේ චිත‍්‍රපටයක් තිරගත වීම් අරඹා දින පහක් යාමට මත්තෙන් සියලූ ආදායම් වාර්තා බිඳ දැමූ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වීමට ඔහුට හැකිවිය. මේ දිනවල තිරගත කෙරෙන සදේශ් කුමාර් සහ ශ්‍රීමති සදේශ් කුමාර්ගේ නිෂ්පාදනයක් වන ‘‘මායා’’ එම චිත‍්‍රපටයයි. මායා අධ්‍යක්ෂණය කළ ඩොනල්ඞ් ජයන්ත එම චිත‍්‍රපටය රූගත කළ සමයේදී මුහුණදුන් අත්දැකීම් සහ මතකයන් මෙන්ම මායා සඳහා නළු නිළි පිරිස තෝරාගත් හැටි ආවර්ජනය කළේ මෙලෙසිනි.

2016-10-02-ent-72මේ චිත‍්‍රපටයේ කතාව මට ගෙනැත් දුන්නේ සදේෂ්. ඒක කාංචනා නමැති දමිළ චිත‍්‍රපටයේ පිටපතයි. ඉන්පසුව මෙහි සිංහල පිටපත ලිවීමේ කටයුත්ත පුබුදු චතුරංගට බාර කරලා තිබුණා. ඒ අභියෝගය පුබුදු හරි අපූරුවට සිංහලකරණය කළා. ඊට පස්සෙ නළු නිළියන් තෝරා ගැනීමේ කටයුත්තේදී ‘‘මායා’’ අක්කගෙ චරිතයට කවුද ගන්නේ කියන ප‍්‍රශ්නය මට තිබුණාට සදේශ්ට නම් එය ප‍්‍රශ්නයක් වුණේ නැහැ. මේ චරිතයට ‘‘රන්ජන්’’ ගන්න ඕනෑ කියලා සදේශ් කිව්වා. මම වික්ෂිප්තව බලාගෙන සිටියා. විහිළුවක් නෙවෙයි, මේ චරිතයට රන්ජන් ගන්නේ නැත්නම් මේ ෆිල්ම් එක හිට් කරන්නත් බැහැ කියලා සදේශ් කිව්වා.

මට තිබුණු ලොකුම ප‍්‍රශ්නය වුණේ, කාන්තා චරිතයක් රඟපෑමට රන්ජන්ට මම කොහොමද ආරාධනා කරන්නෙ කියලයි. කොහොමහරි ඕනෑ බැනුමක් අහනවා කියලා හිතාගෙන මම ගිහින් රන්ජන්ව හමුවුණා. ‘‘අනේ මචං මේක කරලා මට සවුත්තු වෙන්න බැහැ’’ කියලා රන්ජන් කිව්වා. හරි ඔයා පිටපත කියවලා බලන්නකො කියලා ඒ පාර මම කිව්වා. සුපිරි නළුවා ඒ ගමන පිටපත කියවලා හරි මම මේක කරන්නම්, හැබැයි මේ චරිතයට වෙස් ගැන්වීම් කරන්න ඉන්දියාවෙන් වේෂ නිරූපණ ශිල්පියකු ගෙන්වලා දෙන්න කීවා. ඉන්දියාවෙන් ගෙන්වන්න ඕනෑ නෑ අපේ ලංකාවේ හොඳම ශිල්පියෙක් ඉන්නවා, ඒ තමයි අපේ ප‍්‍රවීන වේෂ නිරූපණ ශිල්පී නලීන් පේ‍්‍රමතිලක, අපි ඔහු ලවා ටෙස්ට් එකක් කරලා බලමු කීවා.

නලීන් පේ‍්‍රමතිලක ටෙස්ට් එක කරලා පෙන්නුවාම, ආයෙ ඉන්දියාවෙන් කවුරුවත් ඕනෑ නෑ, නලීන් තමයි මේකට සුදුසුම කියලා රන්ජන් කිව්වා. ඉන්පසුව මේ මායාගේ වෙස් ගැන්වීම් සඳහා ලක්ෂ ගණනක් වියදම් කොට ඇමරිකාවෙන් විශේෂිත වේෂ නිරූපණ ආම්පන්න සහ අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කර දුන්නා.

මේ විදියට රන්ජන් මායා වෙද්දි, අපි ප‍්‍රධාන චරිතයකට අලූත් නිළියක් තෝරා ගත්තා. ඒ තමයි ෂෙහාරා හේවදේව. ප‍්‍රවීන නිළි නදීකා ගුණසේකර තමයි මුලින්ම ෂෙහාරාව උදයකාන්ත හරහා හඳුන්වා දුන්නෙ. ඇත්තටම ෂෙහාරා අලූත් වුණාට ඇය මෙහෙයවන්න අසීරු වුණේ නැහැ. මේ චිත‍්‍රපටය රූගත කිරීම් සඳහා රෙඞ් කැමරාවට අමතරව ඇලෙක්සි කැමරාව සදේශ් එක්කෝටි අසූලක්ෂයක් වියදම් කරලා මේ වෙනුවෙන්ම ගෙන්නුවා. දවසකට එය හයර් කළොත් 125,000 ක් විතර යනවා.

 

ඩොනල්ඞ්, මෙය රූගත කරද්දී මතකයේ රැුඳි සිදුවීම් ගැන කිව්වොත්?

රන්ජන් සිටින තැන ඇත්තටම හරිම විනෝදජනකයි. දවස ගෙවෙනවා තේරෙන්නෙ නැහැ. පානදුර වෙරළ තීරයේ රූගත කිරීම් යොදාගෙන තිබූ දිනෙක ආලෝක පද්ධති සවිකරන තෙක් මම රන්ජන්, පුබුදු සහ අශෝක ආරියරත්න වෙරළ අද්දරට වෙලා කතා කරමින් සිටියෙ. එතකොට බොහෝ ? බෝවී තිබුණා. අපි සිටි තැනට එහාට වන්නට මනුස්සයෙක් ඇවිත් වාඩිගෙන මුහුද දිහා බලාගෙන උන්නා. ඒ වෙලාවේ මායා අක්කා ලෙස රන්ජන්ට වෙස් ගන්වලා තිබුණෙ. මුහුණෙ ලේ පෙරෙන විදියට වෙස්ගන්වා තිබුණා. අපි දර්ශන තලයෙන් ඈතට වන්නට සිටි නිසා ඒ මනුස්සයා හිතන්න ඇත්තෙ අපිත් වෙරළට ඇවිත් සිටින කට්ටියක් කියලා වෙන්නැති. ඒ මනුස්සයා ලොකු කල්පනාවක සිටින අතරේ, රන්ජන් කළුවරේම හෙමිහිට මුහුද මැද්දට ගියා. ගිහින් එක පාරටම වෙරළ දිහාට මතුවෙලා අර මනුස්සයා සිටි තැනට දත් විලිස්සාගෙන හඬ නගාගෙන ආවා. මේ මනුස්සයා බෑග් එකත් දාලා, ගාථා කියමින් බුදු අම්මෝ කිය කියා පණ එපා කියලා දිව්වා. රන්ජනුත් එයා පස්සෙම දිව්වා. ඒ මනුස්සයා වැටි වැටී දිව්වා. එයාගෙ ජීවිතේ දුවපු ලොකුම දිවිල්ල එය වෙන්න ඇති. මේ මනුස්සයා දුවලා දුවලා ගිහින් ගමකට ඇතුල්වෙලා. රන්ජන් ඇවිත් රූගත කිරීම්වල යෙදුණා.

පැය දෙක තුනක් ගිය පසු අපි එදින රූගත කිරීම් හමාර කළා. අර මනුස්සයා ගමේ අයට මේ විස්තරය කියලා ගමේ අයත් හොල්මන බලන්න ඒ මනුස්සයා එක්ක එතැනට ආවා. මම හෙමිහිට ගිහින් මොකද ඔයා දිව්වෙ කියලා ඇහුවා. ‘‘මහත්තයා මේ මගුලක් කතා කරනවා. සුනාමියෙන් මැරුණ ගැහැණියෙක්ගෙ අවතාරේ මගේ පස්සෙන් ආවා’’ කියලා මනුස්සයා වෙව්ලමින් කිව්වා. හොල්මන් කියන්නෙ ඇත්තක් මහත්තයො කියලත් එයා කිව්වා. කොහොම හරි එයා යන්න ගියේ ගමේ අයගෙ උපදෙස් අනුව ශාන්ති කර්මයක් කරවා ගන්නයි.

ආයෙත් දවසක රූගත කිරීම් කරන අතරේ රන්ජන්ට බැංකුවට යන්න ඕනෑ වුණා. කොල්ලූපිටියෙ අපි රූගත කිරීම් සිදු කරමින් සිටියෙ. ‘‘ඔයා ඔය සාරිය ඇඳගෙන ඔය විදියට යන්න එපා කියලා මම කිව්වා.’’ නෑ නෑ කමක් නෑ මම ගිහින් එන්නම් කීවා. බැංකුවට ගියාම කවුරුවත් මෙයා රන්ජන් කියලා හඳුනාගෙන නැහැ. ඔක්කෝමලා වැඩ නවත්තලා හිනාවෙන්න පටන්ගෙන. කවුද මේ හැඩිදැඩි කාන්තාව කියලා මිනිස්සු කතා වෙන්න පටන්ගෙන. මේ මෙයා ඉන්දියාවෙන් එන්න ඇත්තෙ කියලා සමහරු කතා වුණාලූ. මැනේජර් පවා හිතලා තියෙන්නෙ එහෙමයි. ඒත් රන්ජන් එක පාරටම ගිහින් මැනේජර් ළඟ ඉඳගෙන බලාගෙන හිටියලූ. මැනේජර්ට කර කියාගන්න දෙයක් නැතුව සිටියදී මම රන්ජන් කියලා කිව්වලූ.

මේ විදියට රන්ජන් ගැන කියන්න තියෙන සිදුවීම් නම් එමටයි. නමුත් කේරළයේ රූගත කිරීම් සිදු කෙරෙද්දී වූ සිදුවීමක් ගැන නම් කියන්නම වෙනවා. පිරිසක් සිටින තැනකට එන රන්ජන් ඒ පිරිසේ කාගෙ හරි අතේ නහරයකට ඇඟිල්ලෙන් පහරක් එල්ලකරන සිද්ධිය දන්නෝ දනිති. ඒ නිසා රන්ජන් සිටින තැන අපි අත් පරිස්සම් කරගෙන ඉන්නෙ. එදා කේරළයේ ප‍්‍රකෝටිපතියකුගෙ නිවසේ අපට භෝජන සංග‍්‍රහයක් තිබුණා. මම අර කෝටිපති නිවසේ හිමිකරු සමග කතා කරමින් සිටියදී, රන්ජන් ඇවිත් පිටුපසින් අර මිනිසාගෙ බාහුවට සුපුරුදු ප‍්‍රහාරය එල්ල කළා. කරන්ට් වැදිලා වගේ ඒ මනුස්සයා උඩ ගියා. මේ ගෙදර කවුද මට ගහන්න ඉන්නෙ කියලා මනුස්සයා මා දිහාට කඩා පැන්නා. මම හොඳටම බයවුණා. මම අත්දෙක බැඳගෙන සිටිය නිසා එයාටත් පුදුමයි මේ සිද්ධිය. පසුව එයා ඒ විශාල මන්දිරයේ සේවක පිරිස කැඳවලා කරන්ට් ලීක් එකක් තියෙනවද කියලා පරීක්ෂා කරවලා බැලූවා.

රන්ජන් ඔයා නම් මාරයි, තව පොඞ්ඩෙන් ඒ මනුස්සයාගෙන් මම ගුටිකනවා කියලා මම කිව්වා.

මේ වගේ තව සිද්ධි නම් බොහෝමයි.

 

සඳුන් ගමගේ

 

2016-10-02-ent-77
2016-10-02-ent-75
2016-10-02-ent-74
2016-10-02-ent-73



අදහස් (0)

මායා දර්ශන තලයේදී පානදුර වෙරළෙන් මතු වූ සුනාමි හොල්මන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site