IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මියන්මාරයේ සයිබර් කඳවුරුවලට ලාංකිකයන් විකිණීමේ ජාවාරමක්

(යොහාන් භාසුර)

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම කඳවුරුවලට අලුතින් එක්වී ඇති ශ්‍රී ලාංකකියන් සංඛ්‍යාත්මක ඉහළ යාමක් නිරීක්ෂණය වන බවට තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය පවසයි.

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීමේ වැඩිවීමක් ඇති වී තිබෙන බව පෙර අවස්ථා කිහිපයකදී මහජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත් විදෙස් රටවල ආකර්ශණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා දෙන බව පවසා තොරතුරු තාක්ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මිනිස් වෙළෙදාම කරන පුද්ගලයන් මෙය කරන බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම බලකාය සඳහන් කරයි.

රැකියා සම්මුඛ පරීක්ෂණයන්ට සහභාගී කරවන මුවාවෙන් ඩුබායි වැනි රටවලට ගෙන ගොස් නීති විරෝධි අන්දමින් මියන්මාරයේ සයිබර් අපරාධ කරන කඳවුරුවල සේවය සඳහා බලහත්කාරයෙන් යොමු කර ඇති බව කී ජාතික කාර්ය සාධක බළකාය මෙම සයිබර් අපරාධ කඳවුරුවලදී ඔවුන්ට මානසික වධ හිංසනයන්ට මෙන්ම විදුලි සැර ඇල්ලීම් වැනි ම්ලේච්ඡ ශාරීරික වධහිංසාවන්ට ද ලක්කර ඇති බව මෑතකාලීන විමර්ශනවලින් අනාවරණය වූ බව ද එම පාලකාය සඳහන් කරයි.

එවැනි සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව 011-2102570 හෝ 076-8447700 යන දුරකථන අංකවලට හෝ [email protected]  ඊමේල් ලිපිනයනට හෝ දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම බලකාය කීය.



අදහස් (0)

මියන්මාරයේ සයිබර් කඳවුරුවලට ලාංකිකයන් විකිණීමේ ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site